Binary.com Options Broker Tutorial in Sinhala for Sri Lankans - බයිනරි.com බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් ගැන සිංහලෙන්
Binary.com Tutorial in Sinhala. Binary.com Options Broker is one of the highly respected, oldest and regulated binary option brokers operating from UK since 1999. One of the few binary option brokers that has a license to operate in countries like Japan and Malta as well. They have offices in Malaysia, Japan and Malta.
බයිනරි.com ඔප්ෂන් බ්‍රෝකර් කියන්නේ නියාමනය වන ඉහල පිළිගැනීමක් තිබෙන 1999 වසරේ සිට එක්සත් රාජධානියේ මුලික කරගෙන සේවා සපයන පැරණිම බ්‍රෝකර් ආයතනයක්. මෙහි විශේෂත්වය වන්නේ ජපානය සහ මෝල්ටාව වගේ රටවල් වල සේවා සපයන්න පවා ඔවුන්ට බලපත්‍රයක් හිමිවීම. ඔබ ජපානයේ වගේ නම් ඉන්නේ ඔයාට මේ බ්‍රෝකර් තමයි පාවිච්චි කරන්න වෙන්නේ !
CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)
Binary and Digital options are prohibited in EEA
1. බයිනරි.com ට්‍රේඩ් ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද ? How to open a binary.com free practice account ?
කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමක් නොමිලේ ආරම්භ කරන්න පුළුවන් ( මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න.
මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා ! 😎
ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු පහත ආකාරයේ ලියාපදිංචි විය යුතු ස්ථානයක් පෙන්වනවා. වම් අත පැත්තේ තියෙන කොටුවේ ඔබේ ඊමේල් ලිපිනය සදහන් කර දකුණු අත පැත්තේ තිබෙන "Create Free Account" ලින්ක් එක ක්ලික් කරන්න.
ඉන්පසු පහත ආකාරයේ message එකක් දිස්වේවි.
ඔබේ ඊමේල් ලිපිනය වෙත ඔවුන් ඊමේල් පණිවිඩයක් එවලා තියෙනවා ලින්ක් එකක් එක්ක පහත පින්තුරයේ ආකාරයට ( ඔවුන් මෙසේ එවන්නේ ඔබේ ඊමේල් ලිපිනය තහවුරු කරගන්න ඕන නිසා ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න.
ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. මෙහි ඔබට කැමති මුරපදයක් දෙසැරයක් සටහන් කරන්න ( සිම්පල්, කැපිටල් ඉංග්‍රීසි අකුර සමග අංක ඇතුලත් අඩුම ගණනේ අකුරු 6කින් සමන්විත විය යුතුය ). ඉන්පසු "Sri Lanka" තෝරාගන්න.
දැන් ඔබට ලැබේවි පහත ආකාරයේ පිටුවක්. මෙහි ඔබේ විස්තර ටික සදහන් කරන්න තියෙන්නේ
Mr , Mrsද Missද කියල "Title" එකෙන් තෝරාගන්න. ඉන්පසු First name එකට ඔබේ මුල් නම, Family name එකට වාසගම සහ Date of birth එකට උපන් වර්ෂය සදහන් කරන්න. ( යම් විදියකින් දිග නමක් නම් තියෙන්නේ initials ටික දාගන්න First name එකට සහ වාසගම විතරක් Family name එකට යොදවාගන්න )
"Account opening reason" කියන එකට "income earning" තෝරාගන්න. "First line of home address" එකට ඔබේ ලිපිනය, Town/City එකට ඔබේ නගරය, State/Province එකට ඔබේ ප්‍රදේශය, Postal code/ZIP එකට පොස්ටල් කේතය යොදවන්න ( ඔබගේ ප්‍රදේශයට අදාල පෝස්ටල් කේතය ගූගල් කරලා හෝ මෙම ලින්ක් එක මගින් ලබාගන්න. Postal codes of Sri Lanka ). ඒවගේම Telephone එකට ඔබේ දුරකථන අංකය සටහන් කරන්න. "Secret question" එකට ඔබට පුළුවන් කැමති ප්‍රශනයක් තෝරාගෙන "Answer to secret question" එකේ කැමති පිළිතුරක් සදහන් කරන්න ( යම් විදියකින් ගිණුමේ මුරපදය මතක නැති වුනොත් මේකෙන් මුරපදය රෙසෙට් කරගන්න පුළුවන් . ඒක නිසා මතක තියාගන්න යොදවන ප්‍රශ්නය සහ පිළිතුර )
අනිත්මට I acknowledge that I am not a politically exposed person (PEP). සහ I have read and agree to the terms and conditions of the site කියන දෙකටම හරි ලකුණක් යොදවන්න. දැන් "Open Account" ක්ලික් කරන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. ඔබට කැමති මුදල් ඒකකයක් ගිණුමේ ප්‍රධාන මුදල් ඒකකය ලෙස තෝරාගන්න පුළුවන්. ( ක්රිප්ටෝ වැනි මුදල් එකක තෝරාගැනීමේදී අමතක කරන්න එපා ක්රිප්ටෝ මුදල් වල මිල ඉහල පහල යෑම අධික බව. යුරෝ හෝ ඩොලර් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ක්රිප්ටෝ තේරුවොත් ඔබට මුදල් දැමීමේදී සහ ගැනීමේදී බිත්කොයීන් භාවිතා කල යුතු වෙනබව අමතක කරන්න එපා ). ඉන්පසු "confirm" තෝරාගන්න.
ඉන්පසු ඔබට "Cashier" කියලා සදහන් පිටුවක් ලැබේවි. නුමුත් අපි දැන්ම සල්ලි දන්නේ නැතුව බලමු කොහොමද මේකේ ඩෙමෝ ට්‍රේඩ් කරන්නේ සහ මොනවද මේක තියෙන දේවල් කියලා. ඒක නිසා පිටුවේ වම් පස උඩම තියෙන "Trade" කියන මෙනු එක වෙත පිවිසෙන්න.
2. ඩෑෂ්බෝර්ඩ් සහ වෙබ් ට්‍රේඩින් මෘදුකාංගය / Dashboard and Web Trading Platform
"Trade" ලින්ක් එක ඔබ පිවිසි පසු පහත ආකාරයේ පිටුවක් ඔබට දිස්වේවි. අපි මුලින්ම බලමු පිටුවේ ඉහල කොටසේ තිබෙන දේවල්. ඉන්පසු පහල කොටසේ තියෙන චර්ට් එක බලමු.
1 - Demo Account & Live Account / පුහුණු සහ සත්‍ය මුදල් ගිණුම් :
මේතැනින් ඔබට පෙන්වන්නේ සත්‍ය ගිණුමේ ශේෂය ( Real Money Account ) හෝ ඩෙමෝ ගිණුමේ ශේෂය ( Virtual Demo Money Account ). ගිණුම ආරම්භ කරපු ගමන්ම මෙතන පෙන්වන්නේ සත්‍ය මුදල් ගිණුමේ ශේෂය, එය මත ක්ලික් කිරීම මගින් ලැබෙන popup window එකේ පෙන්වන ඩෙමෝ ගිණුමට මාරුවෙන්න ඩෙමෝ ගිණුමේ ට්‍රේඩ් කිරීම සදහා. ඒවගේම ඔබේ "Profile" එකේ තොරතුරු වෙනස් කරගන්න වගේම . "Sign Out" ලින්ක් එකත් මේ popup window එකේම තමයි තිබෙන්නේ.
2 - Deposit Money / මුදල් යොදවන ස්ථානය :
මෙතනින් ඔබට පුළුවන් මුදල් යොදවන්න ( මෙනු එකේ තිබෙන "Cashier " ලින්ක් එකෙනුත් පුළුවන් )
3 - Choose Asset type / ඇසට් වර්ගය තෝරාගමු
මෙතනින් ඔබට පුළුවන් ට්‍රේඩ් කරන්න කැමති asset වර්ගය තෝරාගන්න. Forex යටතේ තිබෙන Major pairs හෝ Minor pairs නවක ඔබට වඩාත් සුදුසුයි.
4 - Choose Currency Pair / මුදල් යුගල තෝරාගැනීම
ඔබ Asset type විදියට තෝරාගත් ඇසට් වර්ගයට අදාළ මුදල් යුගල මෙතනින් තෝරාගන්න පුළුවන්. මුලික ලෙස EUR/USD, GBP/USD, USD/CAD, USD/JPY වැඩිපුර ට්‍රේඩ් වෙන ප්‍රධාන මුදල් යුගල කියන්න පුළුවන්. නුමුත් ඔබට කැමති ඕනෙම යුගලයක් හෝ ඕනෙම ට්‍රේඩ් instrument එකක් තෝරාගන්න පුළුවන්.
5 - Up/Down Method
වෙනත් බයිනරි බ්‍රෝකර්ලට වඩා මේකේ ක්‍රම ගොඩක් සපයලා තියෙනවා ට්‍රේඩ් කරන්න නුමුත් අපි හොදයි කියලා හිතෙන සහ පාවිච්චි කරන්න පහසු ඒවා ටික බලමු. Up/Down එක යටතේ තිබෙන Rise/Fall කියන ක්‍රමය තමයි මුලිකම ක්‍රමය. වැඩි වෙනවද අඩුවෙනවද කියල තමයි තීරණය කරන්න තියෙන්නේ ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු. ( නවක ඔබ Rise/Fall පමණක් දැනට භාවිතා කිරීම වඩාත් සුදුසුයි. )
6 - Touch/No Touch Method
මේකෙදි ඔයාට තීරණය කරන්න තියෙන්නේ ඔබ සදහන් කරන අගය දක්වා මිල යනවද නැද්ද කියල තීරණය කිරීම ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.
7 - In/Out Method
Ends Between/Ends Outside එකේදී ඔයාට තීරණය කරන්න තියෙන්නේ මිල යම් අගයන් දෙකක් අතර රදෙනවද එහෙමත් නැත්තම් එම අගයන් දෙකෙන් එළියේ රදෙනවද කියලා ඔබ තෝරාගත් කාලය අවසන් වීමෙන් පසු.
8 - Start Time ( with Rise & Fall method ) / ට්‍රේඩ් එක ආරම්භ කරන වෙලාව
ඔබට දැන් සිට ට්‍රේඩ් එකට යොමු වීමට අවශ්‍ය නම් "Now" තෝරාගන්න පුළුවන්. එහෙම නැත්තම් එහි සදහන් වෙනත් වෙලාවක් තොරගන්නත් පුළුවන්.
9 - Duration ( with Rise & Fall method ) / ට්‍රේඩ් කාලය
මෙතනින් ඔබට ට්‍රේඩ් එකේ කාලය තෝරාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 5 හෝ ඉහල කාලයක් වඩාත් සුදුසුයි.
10 - Amount per Trade ( with Rise & Fall method ) / ට්‍රේඩ් එකකට යොදවන මුදල
"Payout" සහ "Stake" ක්‍රම දෙකෙන් ඕනෙම ක්‍රමයක් මෙතනින් තෝරාගන්න පුළුවන්. මෙතනින් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට යොදවන මුදල $1 සිට ඕනෙම අගයක් තෝරාගන්න.
11 - Higher ( with Rise & Fall method ) / වැඩිවෙනවා !
ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, "higher" කියන එක ඉදිරිපිට ඇති "purchase" තෝරාගන්න.
12 - Lower ( with Rise & Fall method ) / අඩුවෙනවා !
ඔබේ නිගමනයට අනුව මිල වැඩිවෙනවා කියලා තීරණය කරා නම්, "lower" කියන එක ඉදිරිපිට ඇති "purchase" තෝරාගන්න.
13 - Chart / චර්ට්
මේ කොටසේ තමයි ඔබ තෝරාගත් මුදල් යුගලයට අදාල චර්ට් එක පෙන්වන්නේ.
a - Chart Time / චර්ට් වෙලාව
Tick විදියට තමයි මේක ලැබෙන්නේ. ඒක වෙනස් කරගන්න විනාඩි 1කට හෝ ඔබට අවශ්‍ය ඉහල කාලයකට.
b - Chart Type/ චර්ට් වර්ගය
චර්ට් වර්ග බොහොමයක් තිබෙනවා. නුමුත් ට්‍රේඩින් සදහා වඩාත් උචිත වර්ගය තමයි "candlestick" කියන චර්ට් වර්ගය. ඒක නිසා චර්ට් වර්ගය ලෙස "candlestick" තෝරාගන්න.
C - Chart Indicators / චර්ට් දර්ශක වර්ග තෝරාගැනීම
මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ). මේක විශාල දර්ශක ප්‍රමාණයක් තිබෙනවා වෙනත් බයිනරි බ්‍රෝකර් ආයතන එක්ක බලද්දී.
3. පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමු / Trade Free in Practice Account
මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන මෙම demo ගිණුමේ ! ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමව හැම විටම මේ කරණු ගැනත් අවදානය යොමු කරන්න
1. ඇයි මම මේ ට්‍රේඩ් එක යොදවන්නේ මේ අවස්ථාවේදී ?
2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ?
3 Support / Resistance ගැන අවදානය යොමු කරාද ?
4 chart pattern සහ candlestick pattern ගැන අවදානය යොමු කරාද ?
5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න )
6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු. Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා )
7 Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?
ඔබ ට්‍රේඩ් එකට යොමු වීමට තීරණය කල පසු කරන්න තියෙන්නේ වම් පස Start time, duration, Payout/Stake අගයන් අවශ්‍ය ආකාරයට සටහන් කර දකුණු පසින් higher හෝ lower ඉදිරිපස ඇති "purchase" තෝරාගැනීම විතරයි. ( විනාඩි 5 හෝ ඉහල අගයක් duration එක ලෙස වඩාත් සුදුසුයි නුමුත් ඔබ භාවිතා කරන ට්‍රේඩින් ක්‍රමය අනුව මෙය වෙනස් කරගන්න. ඒවගේම හැම විටම ට්‍රේඩ් සදහා එකම මුදල් ප්‍රමානයක් පමණක් යෙදවීම වඩාත් සුදුසුයි )
"Statement" මෙනු ලින්ක් එකෙන් ඔයාට ට්‍රේඩ් එකේ ප්‍රතිපල බලාගන්න පුළුවන්.
පුහුණු ගිණුමේ ඩෙමෝ virtual මුදල් 1000 වඩා අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා "Cachier" කියන ලින්ක් එක වෙත යොමුවෙන්න. ඉන්පසු "Get USD 10,000.00" virtual මුදල් තෝරාගන්න විතරයි තියෙන්නේ !
පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු ඔබට පුළුවන් ඊලග අදියරේ සදහන් ආකාරයට සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.
4. සත්‍ය මුදල් යොදවන්නේ කෙසේද ? / How to deposit real money to Binary.com option broker ?
ඔබට කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා live ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ කියලා. අනිත් බයිනරි බ්‍රෝකර් ආයතන වල වගේම live සහ demo ගිණුම් අතරත් මාරු වෙන්න පුළුවන් පහසුවෙන්ම.
"Deposit" කියන කහ පාට ලින්ක් එක වෙත පිවිසෙන්න ( හෝ මෙනු එකේ තියෙන "Cashier" ලින්ක් එක තෝරාගෙන ඉන්පසු ලැබෙන පිටුවෙන් "Deposit" තෝරාගන්න. ). ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. Skrill, Neteller හෝ bitcoin තෝරාගන්න.
ඔබ Skrill තෝරාගත්තා නම් පහත ආකාරයේ පිටුවක් ලැබේවි. මෙහි USD $ එකට ඉදිරිපිට ඔබ යොදවන්න යන මුදල් සදහන් කරන්න ( $5 සිට $20,000 දක්වා එකවරකට දැමිය හැක ). ඉන්පසු "Next" තෝරගෙන ඔබේ ගිණුමේ තොරතුරු සටහන් කර මුදල් ගෙවීම සිදුකරන්න.
ගෙවීම සාර්ථකනම් ඔබට සාර්ථක වූ බවට සදහන් පිටුවක් ලැබෙනවා වගේම ගිණුමේ ශේෂයද වැඩිවෙනවා.
5. මුදල් ලබාගන්නේ කෙසේද ? How to make money withdrawals to e-wallet ?
"Cashier" ලින්ක් එක වෙත ගොස් "Withdraw" තෝරාගන්න. ඉන්පසු ඔබට "Please check your email for the verification link to complete the process." කියලා සදහන් පිටුවක් දිස්වේවි. මේකෙන් කියන්නේ මුදල් ගැනීම තහවුරු කරන්න කියලා. ඒ සදහා ලින්ක් එකක් එක්ක ඊමේල් පණිවිඩයක් ඔබේ ඊමේල් ලිපිනයට එවලා ඇති. එම ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි Payout Request ඉදිරිපිට ඔබට ලබාගන්න ඕන මුදල් සටහන් කරන්න. ඉන්පසු ඔබ මුදල් යෙදවූ ක්‍රමයම තෝරන්න මුදල් ලබාගැනීම සදහාත් ( Bitcoin ලෙස මුදල් withdraw කරන්න පුළුවන් ගිණුමේ මුදල් ඒකකය ලෙස bitcoin තෝරපු අයට පමණයි හොදේ ). දින 1-3 වගේ අතරදී ඔබගේ ගිණුමට මුදල් ලැබෙනවා !
6. අනන්‍යතාවය තහවුරු කරගැනීම / Identity Verification in Binary.com Binary Options Broker
මුලික ලෙසම අවශ්‍ය වෙනවා : ගුවන් ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )
ඔවුන් ඔබෙන් අනන්න්‍යතාවය තහවුරු කරන්න කියලා ලිපි ඉල්ලුවිට මේ අදියරට යොමු වෙන්න පුළුවන්. ඊට ප්‍රථම ගිණුම තහවුරු කරගන්න ඕන නම්, ඔවුන්ගේ Contact Us පිටුවේ තියෙන support ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න ගිණුම තහවුරු කරගන්න ඕන බව සදහන් කරමින්. එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත සදහන් ස්කෑන් හෝ කැමරා කොපි ලබාගෙන යවන්න.
i) ගුවන් ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් ( හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම්පතක් )
ii) මාස හයක් ඇතුලත ඔබේ නමට ලැබුණ utility බිල් පතක් ( Water, Electricity, Internet, Phone etc.. ) හෝ මාස හයක bank statement එකක්.
දින 2 - 14 ඇතුලත අනන්න්‍යතාවය තහවුරු වෙනවා.
Binary.com නියාමනය / Regulation Body of the broker
එකසත් රාජධානිය පාදක කරගත් නියාමනය වන බ්‍රෝකර් ආයතනයක්. ඔවුන්ගේ නියාමනය ගැන වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියේ වම් පස පහල තිබෙන Regulatory Information ලින්ක් එක හරහා ඔබට වැඩි දුර දැනගන්න පුළුවන්. ඒවගේම ඔවුන්ගේ කාර්යාල ජපානය, මැලේසියාව, මෝල්ටාව සහ අයිසල් ඔෆ් මෑන් හි පිහිටලා තිබෙන ශක්තිමත් ආයතනයක්.
මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා. ජයවේවා ! 😎
( To learn about it in English, you may refer Binary.com Options Broker Tutorial in English article. )
Sabeer
says:mama acc eka hadala iwarai eth mata salli danna denne nane
Prathilaba
says:Me lipiye widiyata karanna wenawa Sabeer
https://prathilaba.com/how-to-deposit-money/
maduranga
says:mama accont eka hadala iwarai eth mata deposit cliq karapuwama kisima salli danna puluwan ekak pennanne nahane
Prathilaba
says:meke widiyata karanna https://prathilaba.com/how-to-deposit-money/
Ramesh Sharp
says:Binary.com eke withdrawal eka ganna aniwaren identity verification kranna onida?
Prathilaba
says:aniwaryayen eka karanna wenawa onema broker kenekge Ramesh.
Najika
says:Hello,sir
Binary.com eke account ekak hadala ekata money deposit kranna giyama menna me error eka enawa.
( The webpage at https://cashier.binary.com/login.asp?Sportsbook=Deriv%20(SVG)%20LLC%20USD&PIN=CR2506075&Lang=en&Password=11a45237957ca9d3bf30aca4d2d23fb4ed5b7539&Secret=9c1ad75f76c3a8aec84bbc9104064eb4&Action=DEPOSIT&udef1=EN&udef2=binary might be temporarily down or it may have moved permanently to a new web address. )
Sathiyak withara try krath oya error eka oya wdiyatama enawa. mekata mokadda karanna puluwan, Aluth account ekak hadanna weida..?
Prathilaba
says:oya browser eka clear karala try karanna. Godak durata cache wennath puluwan
maduranga
says:matath thiyenne e prasnemai ane visadumak kiyanna
Rishan
says:Hello, machan binary ekata deposit keranne komada ban skrill eken , man try kera eth skrill ekataawath salli danna denne nane mata mehen..
Prathilaba
says:Rishan maike widiyata karanna https://prathilaba.com/how-to-deposit-money/
upul priyangaa
says:Skrill account ekata deposit karanne kohoimada?
Prathilaba
says:mai lipiya kiyawanna Upul https://prathilaba.com/how-to-deposit-money/
ama
says:aluth update ekak awada skrill support na kyla? withdraw krnna awlk na neda
Prathilaba
says:dainata ehema gaitlauwak nai..
Harsha de silva
says:Binary.com Ekata skrill neteller support Krnne naththe ai deposit walata ?
Prathilaba
says:skrill neteller support karanawa Harsha. Skrill/neteller ekata oya mokenda deposit karai?
SHEHAN NIMESH
says:mata danagana one man verifie kara eth eka reject wela ehen mata contact karagn widihakuth na agent kenek katha kare na aya upload karannath ba me msg 1 watilka thiynwa man mokadda karanna one plz kiyal denna
Proof of identity verification failed
We were unable to verify your document automatically. We will try to verify your document manually. Please check back in 1-3 days.
Prathilaba
says:dina thunakin wage balanna. mail ekak awe naitot ,naiwatha document eka upload karanna. ehema naittan eyalage contact us page eke thiyena live chat eka haraha contact karala balanna wenawa.
Sanjeewa
says:Hi,
Mata dana ganna one account eka verify kara gannama oneda? mage NIC eka thiyenne. Licence ekak na. anith documents nam denna puluwan. mokada karanna one?
Prathilaba
says:aluth nic eka ganna. eka english walin thiyenne. Ethakota gaitaluwak nai Sanjeewa
saliya
says:2020.04.02 dan binary acct aka verify karanna one nane neda aluth rule aka anuwa
Prathilaba
says:salli withdraw karaddi ona wenawa
salinda
says:HNB cad eken salli danna puluwanda, oyage phone nambar ek dennda puluwanda
Prathilaba
says:debit waida nai Salinda. Mudal yodawan widiya gaina comment wala balanna
sudath
says:sir apit bank ekak connect karan ganu denu karann barid?
Prathilaba
says:local bank deposit waida nai.. oyata wishwawantha dolalr thiyena kenekgen ganna puluwan
sudath
says:sir ta godaaak pin sir….
Suneth
says:Dan lankawen mekata cash diposit karanna puluwanda
Prathilaba
says:dollar thiyena kenegen illaganna wenawa Suneth. Ehema naittan international bank card cc ekak use karanna wenawa
chamal
says:chart type wala candle kiyala pennane naha ne.???
Prathilaba
says:chart eka maru karanganna.. ethakota hari
dhanuska
says:obathumata puluwannam ape skrill acount walata deposit krala dena kramayak.hadanna.loku udawwak
Prathilaba
says:OESL / SL Forex Club eke anith aya recommend karana wishwasawantha kenekgen ganna puluwan Dhanuska ( hodata hoyala ganna horu inna puluwan )
dhanuska
says:thanks oyage lipi godak watinawa.skrill walata salli daganna hodama kramayak kiyanna..
nishantha
says:apita pitarata inna neayo neha udaw karanna yaluwoth naha mehema wadak hari hadawatinma kiya dunneth oya witharai obathumage lipi pela balapu godak aya skril walata mudalak diposit karaganna bariwa lathawenawa apita mechchara udaw karapu eke obathuma haraha mudal diposit karanna puluwan widiyak hadala dennako aka lankawe apiwage ayata lokuma loku pihitak wei
cathuranga
says:hello
mata danaganna one kohoada sallidanne kiyala okada dan okkoa blok kaeala nisa
Prathilaba
says:Oyata mehema karanna puluwan. Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.
Nero
says:Which bank cards support for depositting money to skrill or netteller? I tried HNB card to deposit funds to skrill , but failed. In Olymp trade platform, how can we deposit money? What are the supported bank cards?
Prathilaba
says:local cards no longer work Nero
Nuwanthi
says:Mekata salli danne kohomada
Prathilaba
says:overseas credit card use karanna puluwan
dilruk
says:forex saha binary athara wenasa mokadda…
Prathilaba
says:binary fixed time ekak thiyenne
forex wala time limit ekak nai
Charitha
says:Binary.com ekata real money deposit karanne kohomada?
Prathilaba
says:pita rata credit card use karanna puluwan. Oyage family hari friend kenek hari pita rataka innawanam. Oyata puluwan eyata salli yawala, eyage skrill eken oyage skrill ekata eeka illaganna. Naittan ithin overseas credit card ekak wage pawichchi karanna puluwan.
Anjana
says:Account 1 verify krnnma onida
Prathilaba
says:verify karaganna eka hodai =)
mahesh
says:apita binary ekta iq option platform eka use karanna berida
Prathilaba
says:olymp eka use karanna. Iq eke withdrawl tikak delay wenawa waidi.
mahesh
says:man binary account ekk open kala eth eke nama hariyta set wela ne ara family name eka ehema aul eka issarahara awith thiyenne mn eka kohomada hadaganne
Prathilaba
says:oya support ekata mail ekak yawanna. eyala hadala dewi
kavindu
says:HNB aken dan skrill walta salli danna barida
Pr Edu
says:dan debit card nam bai Kavindu
Sujeewa
says:Iq option den Lankawe thahanam karala neda?
Prathilaba
says:ehema gaitaluwak nai. Numuth online payment walata samahara card dan support nai.
Samoda
says:English nathi id eken barida verify krnna
Prathilaba
says:bai Samoda
yapa
says:binary.com ekata galapena signal servise ekak kiyanna puluwanda mata
Prathilaba
says:Mai lipiye thiyena onema ekak hodai.
https://prathilaba.com/binary-option-signals-provider/
sampath
says:ayye binar.com eke address eka demmama mehema wetila tiyenawa,”Your address could not be verified by our automated system. You may proceed but please ensure that your address is complete.”
Ay mehema wenne..?
Prathilaba
says:oya dapu email eke spelling mistake ekak wenna puluwan. Poddak naithawa balanna Sampath