Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

Forex Money management techniques in Sinhala for Forex Traders

Useful Forex Money management techniques in Sinhala for Forex Traders. ඔබ ෆොරෙක්ස් ට්‍රේඩ් කිරීමේදී මුදල් කළමනාකරණ කරමින් සාර්ථකත්වය වැඩි කර ගැනීමට මෙහි තිබෙන කරනු උපකාර කරගන්න

1 - Learn the Forex basics correctly / ෆොරෙක්ස් මුලික පදනම දාගන්න !

ඕනෙම දෙයක් ඉගෙන ගන්න ඕන සාර්ථක වෙන්න නේද ? ඉතින් ඔබ අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන ට්‍රේඩ් කරන්න ප්‍රථමව මොකක්ද ෆොරෙස් සහ කොහොමද කරන්නේ කියලා. එම නිසා අනිවාර්යයෙන් ෆොරෙක්ස් මේනු එකේ තියෙන Recommended Forex Brokers, Forex Trading in Sinhala, IQ Forex Tutorial, Forex Chart Patterns , Candlestick Pattern, S/R Zones in Trending Market, S/R Zones in Range Market, Tradingview Free Analysis ලිපි ටික අනිවාර්යයෙන් කියවන්න මේ මුදල් කලමන්කරණය පිලිබඳ ලිපියට අමතරව !

2 - Use funds that you can afford to take a risk only, avoid loans and day to day funds for expenses when investing in forex trading - ( ඔබට අවදානමක් ගත හැකි මුදලක් පමණක් ෆොරෙක්ස් සදහා ආයෝජනය කරන්න )

ඔබ අනිවාර්යයෙන්ම Forex වේවා වෙන ඕනෑම වියාපාරික ගනයේ ආයෝජනයක් සදහා කිසි විටකට එදිනෙදා වියදමට ඇති මුදල් හෝ කාගෙන් හරි ණයට ගත් මුදල් යෙදවීමෙන් වැලකී සිටින්න. හේතුව වන්නේ ආයෝජන කියන්නේ ඉහල ලාභ වගේම හරියට කරේ නැතොත් පාඩු ලැබෙන්න පුළුවන් නිසා.

එම නිසා අවදානමක් ගත හැකි නම් පමණක් ෆොරෙක්ස් ට්‍රේඩ් කිරීමට යොමුවන්න යාලුවනේ !

3 - Avoid News Time ( පුවත් වෙලාවල trade කරන්න එපා )

කෙනෙක් හිතන්න පුළුවන් මේක මුදල් වලට සම්බන්ධ වෙන්නේ ඇයි කියලා.. හේතුව තමයි economic news තියෙන වෙලාවක trade කරන්න ගියොත් එවෙලාවේ ඇතිවෙන market එකේ වෙනස් වීම නොහිතපු විදියේ එකක් වෙන්න පුළුවන්. ඔබේ මුදල් නිරපරාදේ නාස්ති වෙන්න පුළුවන්. ඒක නිසා එම කාලයන් වල trade කරන්න එපා. ( Forex Scalping trading එහෙමත් නැත්තම් දවසක් ඇතුලත ට්‍රේඩ් කීපයක් හෝ විශාල ප්‍රමාණයක් කරන අයට තමයි මේක වැදගත් නුමුත් ඔබ Forex Swing trading එහෙමත් නැත්තම් දින ගණනක් දක්වා එකම ට්‍රේඩ් එක තියාගෙන ඉන්නවනම් එතරම් මේක ප්‍රශ්නයක් නෙවේ )

සාමාන්‍යයෙන් ප්‍රධාන ආර්ථික පුවත් නිකුත්වීමට විනාඩි 15ක් දක්වා සහ නිකුත් වී විනාඩි 15ක් වගේ යනකන් අලුත් ට්‍රේඩ් දාන්න එපා. Investing.com Economic Calendar ( මෙහි කාලය ඔබ ලංකවේ සිටිනවානම් +5.30 ලෙස යොදවාගන්න. අනිත් අය ඔබේ රටේ GMT වෙලාව අනුව වෙනස් කරගන්න ) හෝ Investing.com Android හෝ iOS application එක මගිනුත් ඔයාට ප්‍රධාන පුවත් ( bull head තුනකින් දක්වන පුවත් ) තිබෙන දවස් වගේම වේලාවන් බලාගන්න පුළුවන්.

4 - Choose commonly used currency pairs, if you are a beginner ( ඔබ ට්‍රේඩින් සදහා නවකයෙක් නම් ප්‍රධාන මුදල් එකක පමණක් දැනට තෝරාගන්න)

EUR/USD, USD/CAD, GBP/USD වගේ ප්‍රධාන මුදල් යුගල පමණක් නවක ඔබ භාවිතා කරන්න. හේතුව මේවයේ මිල ගණන් වල නිතරම වෙනස් වීම් සිදුවන නිසා ඔබට පහසුවෙන් ඔබේ ට්‍රේඩ් කරන ක්‍රමයට අනුව ට්‍රේඩ් එකකට යොමු වෙන්න අවස්ථාවක් හොයාගන්න පුළුවන්.

5 - Start Trading with 0.01 ~ 0.02 lot size ( or $1 to $2 per trade) & use standard leverage , if you are a beginner to Forex trading ( ලොට් ප්‍රමාණය 0.01 ~ 0.02 වඩා යොදවන්න එපා සහ leverage සාමාන්‍ය අගයක තබාගන්න )

ඔබ නවකයෙක් නම් ඔබ අනිවාර්යයෙන් Lot Size එක 0.01 හෝ 0.02 ( ඔබ Mt4, Mt5, Ctrader වගේ මෘදුකාංගයක් හරහා ට්‍රේඩ් කරනවානම් ) වගේ අගයක් පමණක් භාවිතා කරන්න හොදට පුහුණු වෙලා ලාභ උපයන මට්ටමට පැමිණෙන තෙක්. ඉන්පසු මෙම අගය ඔබට ක්‍රමානුකුලව වැඩි කරගන්න පුළුවන්

( IQ වගේ මෘදුකාංගයක් හරහා ෆොරෙක්ස් ට්‍රේඩ් කරනවානම් මෙම අගය $1 - $2 වගේ භාවිතා කරන්න සාර්ථක වෙනතුරු. ඉන්පසු මේක ක්‍රමානුකුලව අවශ්‍ය අගයකට වැඩි කරගන්න )

ඒවගේම Leverage එක 1:500 හෝ 1:300 අගයන් පමණක් දැනට භාවිතා කරන්න.

6 - Do not enter multiple trades at the beginning ( මුලදී ඔබ කිසිවිටක trade කීපයකට එකවර යොමු වෙන්න එපා )

මුලදී ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ. එක වෙලාවකට එක trade එකක් පමණයි කල යුත්තේ. ඔබ පළපුරුදු නම් එහෙමත් නැත්තම් පළපුරුදු Forex Signal Service සමග වැඩ කරනවානම් වැඩි අවදානමක් ගන්න පුළුවන් නුමුත් නවක ඔබ එක trade එකකට වඩා එක සැරයකට යොදවන්න එපා ( විශේෂයෙන්ම ඔබ $10 හෝ $200 වගේ කුඩා මුදලක් නම් ඔබේ ෆොරෙක්ස් ගිණුමේ ශේෂය මෙය අනිවාර්යයෙන් මතක තියාගන්න නුමුත් ඔබේ ගිණුමේ $1000 ~ $ 5000 හෝ ඊට වැඩි අගයක් තිබේ නම් ට්‍රේඩ් 3 - 4 වුනත් එකවර දැමීම ගැටළුවක් නෑ 0.01 ~ 0.05 Lot Size එකෙන්. ).

7 - Please use Stop Loss and Take Profit values ! ( අනිවාර්යයෙන් ට්‍රේඩ් එක ස්වයන්ක්‍රීයව අවසන් වෙන්න අවශ්‍ය අගයන් යොදවාගන්න )

යම් විදියකින් ට්‍රේඩ් එක ඔබ නිගමනය කල දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවට යම් විදියකින් ගියොත් කියලා, අනිවාර්යයෙන් ට්‍රේඩ් එක ස්වයන්ක්‍රීයව අවසන් වෙන්න අවශ්‍ය අගයන් යොදවාගන්න ( මේක IQ ෆොරෙක්ස් වල නම් ගැටළුවක් නෑ මොකද ඔබ ට්‍රේඩ් එකකට යොදවපු මුදල විතරයි අවදානයකට ලක්වෙන්නේ ).

හිතමු ඔබේ ගිණුමේ ශේෂය $25 කියලා සහ ඔයා ට්‍රේඩ් එකක් දැම්මා කියලා 0.02 Lot Size එකෙන්. හැබැයි ඔයා Stop Loss දාගෙන නෑ කියලා හිතමු. වැරදිලා හරි මේ ට්‍රේඩ් එක ඔබ නිගමනය කල දිශාවට නොගොස් ප්‍රතිවිරුද්ද දිශාවට pip 120 - 125 ගියා කියලා හිතමු. මොකද වෙන්නේ ? මුළු ගිනුමේම ශේෂය ලොස් වෙනවා ! ඊත් ඔය stop ලොස් විදියට පීප් 30ක් වගේ අගයක් වත් දාගෙන හිටියනම් ඔයාගේ ගිණුමේ අවදානයකට ලක්වෙන්නේ $6 විතරයි.

පීප් ගැන තාමත් අවුල් තියෙන අය මේ ටික පොඩ්ඩක් කියවන්න : ඕනෑම මුදල් යුගලයකදී පිප් එකක් කියන්නේ හතරවෙනි දසමස්ථානයේ සිට එක point එකක් වැඩි වුනහම හෝ අඩුවුනහම නුමුත් JPY වගේ තියෙන මුදල් යුගල වලදී ( eg: GBP/JPY, USD/JPY ) පිප් එකක් කියන්නේ දෙවනි දසමස්ථානයේ සිට එක point එකක් වැඩි වුනහම හෝ අඩුවුනහම යාලුවනේ. MT4 / MT5වල ට්‍රේඩින් කරද්දී ඔයාට ටිකක් මුලදී අමාරු වෙන්න පුළුවන් මේක ගණනය කරගනිද්දී නුමුත් ctrader වගේ එකකදී මේක හරිම පහසුයි. මොකද ඔබ පීප් ප්‍රමාණය සදහන් කරහම එකේදී ස්වයංක්‍රීයවම ට්‍රේඩ් එකට යන අවදානම සහ ලාභය පෙන්වනවා. IQ එකේදී නම් මේක ගැන එච්චර හිතන්න ඕන නෑ මොකද අවදානයට ලක්වෙන්නේ ට්‍රේඩ් එකකට යොදවපු මුදල විතරයි.

හරි මතක ඇතුව stop loss ( pips 25 -40 ක් වගේ දැනට දාගන්න ) සහ take profit දමාගන්න ඒවගේ දෙගුණයක් හෝ තුන්ගුණයක් ( pips 50-80ක් වගේ දැනට දාගන්න ). ඉහල ශේෂයක් තියෙන අයට මේ අගයන් වැඩි කරගන්න පුලුවන් අවශ්‍ය ආකාරයට.

8 - Use a Forex Trading Journal ( ට්‍රේඩ් ඒවා සටහන් කරගන්න නැවත හරි වැරදි ඉගෙන ගන්න )

ට්‍රේඩ් එකකට යොමු වීමට පෙර ඔබ excel sheet එකක හෝ පොතක සටහන් කරගන්න එම ට්‍රේඩ් එකට ඔබ යොමු වුන හේතුත් එක්ක. එවිට ඔබට පහසු වෙනවා හරි වැරදි සොයාගෙන සාර්ථකත්වය වැඩි කරගන්න.

9 - Use one specific trading method instead of trying all methods to enter trades ( ට්‍රේඩ් වලට යොමු වෙන්න එක ක්‍රමයක් භාවිතා කරන්න )

ට්‍රේඩ් එකකට යොමු විය හැකි ක්‍රම බොහොමයක් තියෙනවා නුමුත් ඔබට හොදයි කියල හිතෙන එක ක්‍රමයක් පමණක් සත්‍ය ගිණුම් වල භාවිතා කරන්න. මොකද ඔක්කොම ක්‍රම කරන්න ගියොත් මේක අච්චාරුවක් වෙලා ඔයාටම එපාවෙලා සල්ලි ටිකත් නිකන්ම නැතිවෙනවා. මුලින් පුහුණු ගිණුමේ ඕනෑ තරම් ට්‍රේඩ් ක්‍රම අත්හදා බලන්න නුමුත් සත්‍ය මුදල් එක්ක ට්‍රේඩ් කරද්දී නවක ඔබ යම් එක ක්‍රම වේදයක් භාවිතා කරන්න.

10 - Study the outcome of each forex trade ( trade එකක් අවසානයේ එය සමාලෝචනය කරන්න )

Trade එකකට පසු ඔබ සාර්ථක වුවත් අසාර්ථක වුවත්. එම trade එක ගැන නැවත chart වලට ගොස් බලන්න. මේ විදියට ඔබට පුළුවන් සාර්ථකත්වය වැඩි කරගන්න.

11 - If you lose trades continuously, stop trading anymore for the day ( එක දිකට trade අසාර්ථක වුනොත්, එම දිනයට trade කිරීම නවත්තන්න )

ඔබ එක දිගට ලොස් වෙනවා නම් ට්‍රේඩ් කීපයක්, ඔබ ට්‍රේඩ් කිරීම එම දිනයට නවත්වන්න.නැවත ඊලග දවසේ ට්‍රේඩ් කිරීමට පුළුවන්. හේතුව තමයි ඔබ භාවිතා කරන ක්‍රමය එම වෙලාවේ සාර්ථක නොමැති වෙන්න පුළුවන් ( මොකද කිසිම ක්‍රමයක් 100% සාර්ථක නෑ මේක නිසා තමයි වැඩි pips ගානක් හැම ට්‍රේඩ් එකෙන්ම ගන්න ඕන සහ අඩු පීප් ප්‍රමාණයක් ස්ටොප් ලොස් ලෙස දමාගෙන පාඩුව අවම කරගන්න ඕන )

12 - If you don’t see an opportunity to enter a trade, please don’t open a trade ( ට්‍රේඩ් එකකට යොමු වෙන්න අවස්ථාවක් පෙන්නුම් කරන්නේ නැත්තම් ඔබේ ක්‍රමයට අනුව. ට්‍රේඩ් දාන්න එපා )

ට්‍රේඩ් එකකට යොමු වෙන්න අවස්ථාවක් පෙන්නුම් කරන්නේ නැත්තම් ඔබේ ට්‍රේඩින් ක්‍රමයට අනුව, ට්‍රේඩ් දාන්න එපා. හේතුව මේ වගේ කලබලේට ට්‍රේඩ් කරලා තමයි ගොඩක් අය ට්‍රේඩ් ලොස් කරගන්නේ.

13 - During trading time, avoid any other work ( trade කරනවානම් එවෙලාවට trade විතරයි කරන්න ඕන ! )

Trade කරනවානම් trade විතරයි කරන්න ඕන එවෙලාවට. මොකද මේකට ඔබේ මුළු අවදනයම යොදවන්න ඕන සාර්ථක වෙන්න.

14 - Trading Account Capital ( ඔබේ ට්‍රේඩින් ගිණුමේ ශේෂය )

ඔබ ෆොරෙස් ට්‍රේඩින් ගැන අවබෝදයක් ගන්න, මුලදී පොඩි ගානකින් ( $10 ~ $200 වගේ ) සත්‍ය ගිණුමක් ආරම්භ කරණ එක හොදයි නුමුත් ඔබ මෙය සාර්ථක ආදයම් මාර්ගයක් කරගන්න නම් සැලකියයුතු මුදලක් යෙදවීම තමයි වඩාත් සුදුසු ( $ 500 ~ $5000 වගේ ). ඒවගේම Lot Size එක ගැනත් අවදානය යොමු කරන්න. ට්‍රේඩින් ගැන අවබෝදයක් නැතුව නම් Lot Size එක ලෙස 0.01 ~ 0.02 වලට වඩා යොදවන්න හිතන්නවත් එපා !

15 - Regulated Broker or not ? ( නියාමනය වෙන බ්‍රෝකර් ආයතනයක් ද ? )

මේකත් සැහෙන්න වටිනා දෙයක්. හැම තිස්සෙම බලන්න ඔබ ට්‍රේඩ් කරන්න හිතන් ඉන්න බ්‍රෝකර් ආයතනය යම් රටක රජයක් විසින් නියාමනය වෙන බලපත්ලාභී ආයතනයක් ද කියලා. මොකද ෆොරෙක්ස් බ්‍රෝකර්ලා ලක්ෂ ගානක් ඉන්නවා, ඉතින් නියාමනය නොවන හොර වංචාසහගත බ්රෝකර්ලා ඉන්නවා. ඔවුන් ගොඩක් දුරට මුදල් ගෙවන්නේ නැති ගැටළු සහ ට්‍රේඩ් වෙනස් කරන වගේ දේවල් සිදුකරනවා.
ඔයා නියාමනය වෙන බලපත්ලාභී ආයතනයක් එක්ක ට්‍රේඩ් කිරීමේදී මේ වගේ ගැටළුවක් ඇති වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි මොකද ඔබේ මුදල් සුරක්ෂිතව තබාගැනීම සහ ඔබ සාර්ථකවූ නිගමනයන්හිදී මුදල් ගෙවීමට ඔවුන් බැදී සිටිනවා. යම් විදියකින් ඔවුන් බොරුවක් කරා කියලා නියාමනය කරන ආයතනය නිගමනය කලොත්, ඔවුන්ට ඔබේ මුදල වගේම විශාල දඩ මුදලකුත් ගෙවන්න වෙන්වා. ඒවගේම බලපත්‍රයද නැතිවෙන්න පුළුවන්. ඒක නිසා සැමවිටම නියාමනය වන බ්‍රෝකර් ආයතනයක් පමණක් ෆොරෙක්ස් සදහා භාවිතා කරන්න.  නියාමනය වන බ්‍රෝකර් ආයතන වශයෙන් Icmarkets, Tickmill, IQ හෝ Roboforex ඔබට පාවිච්චි කරන්න පුළුවන්. 

16 - Patience and Practice ( ඉවසීම සහ පුහුණුව නැත්තන් ඉතින් ට්‍රේඩින් කරලා වැඩක් නෑ ! )

ඉවසීම සහ පුහුණුව අනිවාර්යෙන් තියෙන්නේ ඕන. ගොඩක් අය මේ දෙක ගැන වැඩි තැකීමක් කරන්නේ නැති එක නිසා තමයි අසාර්ථක බොහෝ වෙලාවට Forex වලත්. පුහුණුව මගින් ඔබට ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් වගේම ඔබ භාවිතා කරන ක්‍රමවේදයේ අඩු පාඩු හදාගන්න පුළුවන්. ඉවසීම අනිවාර්යයෙන් ප්‍රගුණ කරන්න වෙනාවා යාලුවේ මොකද ඔබ කොතරම් සාර්ථකව ට්‍රේඩ් කරත් ඔබේ ඉවසීම නොමැති කමින් යොදවන ට්‍රේඩ් කීපයකින් ලැබුණු ලාභය නැති වෙන්න යන්නේ සුළු කාලයක් ( කුඩා ගිනුමකදී stop loss දාගන්න අමතක වුණා කියන්නේ ඉතින් ගිණුමම ඉවරයි කියලා තමයි ! ). ට්‍රේඩ් එකක් දාද්දි ඔබේ නිගමනයට අදාල කරුණු සනාථ වෙලා තියෙනවද කියලා හැම තිස්සෙම බලන්න එහෙම නොමැති නම් ට්‍රේඩ් එකට යොමු වෙන්න එපා. ඒවගේම අමතක කරන්න එපා කෙනෙක් සතියෙන් සාර්ථක වෙන්නත් පුළුවන් තව කෙනෙකුට වසර කීපයක් වුනත් යන්න පුළුවන්. ඒක නිසා ඉවසීම සහ පුහුණුව ඉතා වැදගත්.

If you are looking for the English version of this article, you can read Forex Money management techniques in English for Forex Traders article.

14 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer