Learn about creating Skrill ewallet in Sinhala to send and receive money to Sri Lanka. A must have ewallet for everyone.
අනිවාර්යයෙන් ඔබට තිබිය යුතු අන්තරජාල ගිණුමක් තමයි Skrill කියන්නේ. මොකද අපිට paypal පාවිච්චි කරලා සල්ලි ලංකාවට ගෙන්න ගන්න බැරි නිසා Skrill තමා දැනට තියෙන විසදුම් වලින් ඉහලින්ම තියෙන සහ පහසුවෙන් ගිණුමක් පටන් ගන්න පුළුවන් ewallet එක . Skrill භාවිතා කරලා අපිට පුලුවන් මුදල් ලංකාවේ ඕනෙම බැංකු ගිණුමකට මුදල් ගෙන්න ගන්න ඒවගේම ඩයලොග් Ez කෑෂ් මගින් සල්ලි ලබාගන්නත් පුළුවන්. මේක නොමිලේ හදාගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද ඉක්මනින් ගිණුමක් හදාගන්නේ කියලා. ( For English version of this article. Please click here Skrill Account Opening English Tutorial Guide )
ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න
ඊමේල් ලිපිනය සහ මුරපදයක් ඇතුලත් කරන්න.
ඔබේ නම සහ වාසගම ඇතුලත් කරන්න. ඒවගේම උපන් දිනයද ඇතුලත් කරන්න.
ඔබ පදිංචි වෙලා ඉන්න රට ඇතුලත් කරන්න . ඒවගේම මුදල් වර්ගය තෝරාගන්න ( USD හරි EUR වඩාත් හොදයි )
ඔබේ පදිංචි ලිපිනය ඇතුලත් කරන්න. මතක ඇතුව ඔබට බිල් පත් හරි ලැබෙන ඒවගේම ඔබේ රියදුරු බලපත්‍රයේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ තියෙන විදියටම දාන්න.
දැන් ඔබේ දුරකථන අංකය යොදන්න. ඊට පස්සේ "robot" කෙනෙක් නෙමෙයි කියන එකට සහ ඊට පහත තියෙන කොටුවටත් tick එකක් යොදන්න. "Open Account " click කරන්න. දැන් වැඩේ හරි
දැන් මුලික අදියර හරි. ඔයාට පහත ආකාරයේ පිටුවක් පෙන්වනවා. මේකේ තියෙන "Continue to My Account" කියන ලින්ක් එක වෙත පිවිසෙන්න
ඔබ ගිණුමට පිවිසෙන විටම මේ ආකාරයේ popup කොටුවක් පෙන්වනවා. මෙහි කොටස් දෙකක් තියෙනවා ඔබේ ගිණුමේ ආරක්ෂාව වැඩි කරගන්න. ප්‍රථම ක්‍රමයට ඔයාට අනිවාර්යෙන් නවීන ජංගම දුරකතනයක් ඕන වෙනවා ( මේකෙන් ගිණුමේ ආරක්ෂාව තව වැඩි කරගන්න පුළුවන් මේ ක්‍රමය පසුව ඉගෙන ගමු. ). දෙවෙනි ක්‍රමය මගින් අංක අතුලත් කේතයක් සකසා ගැනීම තමයි සිදුවෙන්නේ. මුදල් යවනකොට එහෙමත් නැත්තම් වෙබ් අඩවියකට ගෙවීමක් සිදු කරන විට මේ කේතය යොදවන්න තියෙන්නේ. දැන් ඔයා "Create a PIN" කියලා තියෙන ලින්ක් එක වෙත පිවිසෙන්න
ඔයාට පහත ආකාරයේ කොටු දෙකක් ලැබෙනවා. එකේ ඔයාට මතක තියාගන්න පුළුවන් ඉල්ලක්කම් හයක් මුල් කොටුවේ සදහන් කරන්න ( මේ අංක ටික මතක තියාගන්න එහෙම නැත්තම් කොලයක ලියලා ආරක්‍ෂිත තැනක තියාගන්න ). එම ඉල්ලක්කම් හයම නැවත ඊලග කොටුවෙත් සදහන් කරන්න. ඉන්පසු "Save" වෙත පිවිසෙන්න.
ඔබට ඉහල අදියර අවසන් වූ පසු ඔබේ ගිණුමේ ඇතුලත පහත ආකාරයට පෙනවනවා. උඩම තියෙන රතු කොටුවෙන් කියන්නේ ඔවුන් මුදල් බැංකු වෙත ඩොලර් වෙනුවට යුරෝ ආකාරයට එවනබව. ඒක කිසිම ගැටළුවක් නෑ . ඒක නිසා එක සැලකිය යුතු දෙයක් නෙවේ. ඒකට පහලින් කහපාට කොටුවක "To ensure we have the best level of security. please verify your email address now" කියලා තියෙනවා නේද. එකේ "now" කියන ලින්ක් එක click කරන්න.ඔබගේ ඊමේල් ගිනුමට skrill එකෙන් ඊමේල් එකක් ලැබේවි ලින්ක් එකක් සමග. අන්න ඒ ලින්ක් එක click කරන්න. ඊමේල් එක සාර්ථකව verify වුණහම කහ කොටුව අයීන් වෙනවා.
දැන් ඔබගේ අන්තරජාල සේවා සදහා සක්‍රීයව තිබෙන බැංකු කාර්ඩ් පත එකතු කරගන්න තියෙන්නේ. ඔබේ ගිණුමේ "Cards and Bank Accounts" වෙත පිවිසෙන්න. ඉන්පසු "Add Credit or Debit Card" තෝරාගන්න.
දැන් ඔබේ කාර්ඩ් පතේ විස්තර ඇතුලත් කරන්න.
කාර්ඩ් එක අනිවාර්යයෙන්ම verify කරගන්න ඕන. ඉතින් දැන් කාර්ඩ් එක ඉස්සරහ ඇති "Verify" කියන ලින්ක් එක තෝරාගන්න.
ඊළගට තියෙන පින්තුරේ විදියට ඔයාට තියෙන්නේ " non-gambling" ලෙස තෝරාගෙන. "Debit amount and verify" ක්ලික් කිරීම.
වැඩකරන දවස් 3-5කින් වගේ කාර්ඩ් centre කතා කරලා ඔයා කියන්න මෙහෙම "මම skrill කියලා ආයතනයකට ගිණුම verify කරගන්න transaction එකක් කරා. මට transaction එකේ ගණන ඩොල්ලර් වලින් දැනගන්න ඕන". ඔයාට අන්තරජාල බැංකු ගිණුමක් නම් තියෙන්නේ මාසේ අන්තිම card statement එකෙන් වුනත් transaction එකේ තොරතුරු ටික ගන්න පුළුවන්. ඉතින් ඔයාට "amount " එකේ විස්තරේ ලැබුනහම තියෙන්නේ. "Card and Bank Accounts" > "Finish verification" ( කාර්ඩ් එක ඉස්සරහ තියෙන්නේ ) එකට ගිහින් එම මුදලේ ප්‍රමාණය ඇතුලත් කරන්න. ඊට පස්සේ කාර්ඩ් එක verified !
ඔබ $500 හෝ ඊට වැඩි මුදලක් ලබාගන්න බලාපොරුත්තු වෙනවා නම් ඔබේ ගිණුමට. ඔබේ බැංකු ගිණුමට එය ලබාගැනීම තමයි වඩාත් සුදුසු. නුමුත් පොඩි පොඩි ගණන් වලට අනිවාර්යෙන් ezcash භාවිතා කරන්න. ඔබේ ගිණුමේ "Cards and Bank Accounts" වෙත පිවිසෙන්න. ඉන්පසු "Add Bank Account" තෝරාගන්න.
ඉන්පසු ඔබට ලැබෙනවා පහත ආකාරයේ කොටුවක්. මෙහි රට ලෙස "Sri Lanka" තෝරන්න (වෙනත් රටක ගිණුමක් නම් එම රට සදහන් කරන්න ) . ඊලගට අහන්නේ රුපියල් වලින්ද ගිණුම තියෙන්නේ කියලා. ඉතින් ඔබේ ගිණුම ලංකවේ සාමාන්‍ය ගිණුමක් නම්. "Yes" තෝරන්න. ඊලග කොටුවට හරි ලකුණක් යොදවලා "Add account and continue" වෙත පිවිසෙන්න.
ඉන්පසු ලැබෙන කොටුවේ බැංකු ගිණුමේ තොරතුරු ටික දාන්න තියෙන්නේ. ඔබේ බැංකු ගිණුමේ අංකය සදහන් කරන්න. ඊළගට ඔබේ බැංකුව ලිස්ට් එකේන් තෝරාගන්න. ඊට පස්සේ තිබෙන කොටුවෙන් ඔබේ බැංකුවේ ගිණුම තිබෙන branch එක තෝරාගන්න. ඉන්පසු හොදින් බලන්න සදහන් කරපු කරුණු හරිද කියලා. ඉන්පසු "Add account and continue" තෝරාගන්න. දැන් එකත් හරි !
ඔබගේ dialog දුරකථන අංකය භාවිතා කරමින් #111# අමතා eZ Cash සේවාව සදහා ලියාපදිංචි වන්න. ඔබට ලැබෙන PIN අංකය පරිස්සමින් තියාගන්න. මේක ඕන වෙනවා සල්ලි ගනිද්දී. ඔබට මේකෙන් ලැබෙන්නේ "Classic" කියන ගිණුමක්. මේකේ Rs 10,000 උපරිමව තියගන්න පුළුවන්. ඔබට Rs 25,000 දක්වා යැමට අවශ්‍ය නම් dialog සේවා මධ්‍යස්ථානයකට යන්න වෙනවා.
දැන් "Mobile Wallets" ටැබ් එක වෙත පිවිසෙන්න. "Add Mobile Wallet" ලින්ක් එක වෙත පිවිසෙන්න.
දැන් සක්‍රීය කරගත් ezcash ගිණුම් අංකය සදහන් කරන්න.
හොදට බලලා type කරන්න. නැවත පරික්ෂාකර බලන්න ඔබ යෙදවූ අංකය හරිද කියලා. "save" ලින්ක් එක ඉන්පසු තෝරාගන්න.
ඔබට skrill හරහා මුදල් යම් පුද්ගලයෙකුගෙන් ලබාගැනීමට අවශ්‍යයි නම් ඔබේ skrill ඊමේල් ලිපිනය පමණක් ලබාදෙන්න ( කිසි ලෙසකින්වත් වෙනත් කිසි තොරතුරුක් දීමෙන් වලකින්න). ඔබට පිළිගත් ආයතනයකින් මුදල් ලබාගැනීමට අවශ්‍ය වන්නේද ඊමේල් ලිපිනය සහ සමහර අවස්ථාවල pin අංකය පමණයි.
ඔබට skrill හරහා පිළිගත් ආයතන සදහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය වන්නේ ඊමේල් ලිපියන සහ PIN අංකය පමණයි. ( ඔබ 2 factor authentication දමා තිබේ නම් එම මුර පදයද බොහෝ විට සදහන් කිරීමට සිදුවෙනවා ). "Skrill to Skrill" කියලා තියෙන ලින්ක් එක හරහා ඔබට අන්තර්ජාල ගෙවීම් වගේම තව Skrill ගිණුමකට මුදල් යැවීමත් කරන්න පුළුවන්.
"Send Direct" මගින් ඔබේ කාර්ඩ් පත භාවිතා කරමින් ශේනිකව මුදල් බැංකු ගිණුමකට යැවීම කරන්න පුළුවන්
ඔබේ ගිණුමේ දකුණු පැත්තේ තියෙන "Withdraw" button එක මගින් ඔබට මුදල් බැංකුවට ( 2-7 සතියේ දින යනවා හොදේ ) හෝ Ez cash නම්බර් එකට ගෙන්න ගන්න පුළුවන් ( සාමාන්‍ය Ez Cash ගිණුම හරහා ගෙන්න ගන්න පුළුවන් පැය 24කට Rs 10,000. Ezcash මුදල් ශේනිකව හෝ වැඩිම වුනොත් පැය බාගෙන් ගිණුමට ලැබෙනවා ). ( "Deposit" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට කාර්ඩ් පත, bitcoin හෝ neteller ගිණුමෙන් ඔබේ skrill ගිණුමට මුදල් එකතු කරගන්න පුළුවන් )
"Mobile Wallet" තෝරාගන්න ඉන්පසු පහල කොටුවේ සදහන් කරන්න $60 හෝ ඊට අඩු අගයක් ( හැම තිස්සෙම Rs 10,000 අඩු අගයක් සදහන් කරන්න ) "Classic Account" එකක් තියෙන නිසා. "Power Account" එකක් තියෙනඅයට $160 වෙනකන් පුළුවන්. ඉන්පසු "Continue" ලින්ක් එක වෙත පිවිසෙන්න
Skrillවල අලුත් update එකෙන් පස්සේ තියෙන හොද කම ඔබට හරියටම ගිණුමට රුපියල් වලින් කීයක් ලැබෙනවද කියලා පෙන්වීම. ඉන්පසු ඔබේ උපන් දිනය සදහන් කරන්න. "Withdraw Money" ලින්ක් එක තෝරාගන්න. එසැනින් ඔබේ ezcash ගිණුමට මුදල් ලැබෙනවා 🙂 ඔබේ දුරකථන අංකයට එය තහුවුරු කරමින් කෙටි පණිවිඩයක් පවා ලැබෙනවා !
ඉන්පසු ezcash ලාංචනය තියෙන ඕනෙම කොමර්ෂල් බැංකු ATM එකකින් හෝ ezcash පහසුකම තිබෙන communication එකකින් මුදල් අතට ගන්න පුළුවන්. skrill වෙතින් ezcash වෙත මුදල් ගන්න විදිය සහ atm එකෙන් අතටම මුදල් ගන්න විදිය ගැන වැඩි විස්තර සදහා මේ ලිපියත් බලන්න. Skrill to Ezcash Instantly and withdraw instantly via Commercial bank atm in Sri Lanka
ඉස්සෙල්ලා වගේම "Withdraw" button එක වෙත යොමු වෙන්න. ඉන්පසු "Bank Transfer" තෝරාගන්න. ඔබ ලබාගැනීමට බලාපොරුත්තු වෙන මුදල් ප්‍රමාණයත් සදහන් කරන්න. ඉන්පසු "continue" තෝරාගන්න. ඔබට ඊට පස්සේ ලැබෙන screen එකෙන් කොච්චර මුදලක් ලැබෙනවද කියලා සදහන් වෙනවා. ඉස්සෙල්ලා වගේම ඔබේ උපන් දිනය සදහන් කරලා "withdraw money" තෝරාගන්න. සාමාන්‍යයෙන් දින දෙකෙන් වගේ දැන් මුදල් එනවා නුමුත් යම් ප්‍රමාද වීමක් ඇති වුනොත් අනිවාර්යෙන්ම වැඩ කරන දවස් 5-7උපරිමව යන්න පුළුවන්
අනිවාර්යයෙන් මතක තබා ගන්න / Please Remember :
Skrill ගිණුම බැංකු ගිණුමකට හා සමානයයි. එම නිසා කිසි විටක ඔබගේ skrill ගිණුමේ මුරපදය, ලිපිනය, දුරකථන අංකය සහ pin අංකය කිසිම තෙවෙනි පාර්ශවයකට දීමෙන් වලකින්න. ඒවගේම කිසිම පුද්ගලයෙකුගේ කීමට ඔහු විසින් දෙන මුරපද හෝ PIN අංක දැමීමෙන් වළකින්න. පිළිගත් වෙබ් අඩවි වලදී පමණක් ඔබ යම් ගෙවීමක් සිදුකිරීමේදී පමණක් ඊමේල් ලිපිනය pin අංකය සමග භාවිතා කරන්න. ඔබට යම් පුද්ගලයෙකුගෙන් මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ලබාදිය යුත්තේ ඔබගේ ඊමේල් ලිපියනය පමණයි. වෙනත් කිසිම තොරතුරක් දීමෙන් වලකින්න ( ඔබට යම් මුදලක් පිළිගත වෙබ් අඩවියකින් ලැබීමට තිබේ නම් පමණක්ඊමේල් ලිපිනය සමග pin එක ඇතුලත් කල යුතු වේ )
මේකත් දාගන්න ඔබගේ ගිණුමේ ආරක්‍ෂිත භාවයට. ඔබගේ ගිණුමේ මුදල් තිබේ නම් අනිවාර්යයෙන් මේක දාගන්න එක හොදයි.
a) "Google Authenticator " app එක ලබාගන්න. Google Play store ( Android)/ Apple app store (iOS).
Settings > 2 factor authentication වෙත යන්න. ඉන්පසු "Enable" කියලා තියෙන තැන click කරන්න.
"Turn on 2 factor authentication" තෝරාගන්න.
ඔයාට ඊළගට ලැබෙන screen එකේ තියෙන "QR Code " ( හතරැස් කොටුව ) එක scan කරන්න අර දැන් ඔයා දාගත්තු app එක මගින්
2FA Recovery Codes කියලා codes ටිකක් ඔයාට පෙන්නාවි ඊට පස්සේ . මේ ටික ආරක්‍ෂිත තැනක ලියලා තියාගන්න. මොකද ඉස්සරහට "Google Authenticator" එකට ගිහින් skrill යටතේ පෙන්නන කෝඩ් එකක් තමයි යොදවන්න ඕන ලොග් වෙන්න ගිණුමට. ඉතින් යම් විදියකින් ඔයාගේ දුරකථනය අස්ථාන ගත වුවොත් ඔයාට අර "recovery" codes පාවිච්චි කරන්න පුළුවන්.
ඔන්න කරන විදිය කියලා දුන්නා. මතක ඇතුව මේ ගිණුම හදලා $10 - $100 වගේ එහෙම දාලා තියගන්න. ඉස්සරහට මේ ගිණුම සැහෙන්න වැදගත් වෙනවා අන්තරජාල හරහා වැඩ කරද්දී වගේම මුදල් ලංකාවට ගෙන්න ගනිද්දී !
"Setting"මේනුව වෙත ගොස් එහි තිබෙන "Limits & Verification" මගින් ඔබේ ගිණුමේ දැනට පවතින ගනු දෙනු කල හැකි සීමා පෙන්වනවා.
දැන් ඔයා මුදල් ගනු දෙනු කරන්න පටන් ගත විට Skrill එක යම් අවස්ථාවකදී ඔබෙන් අනන්‍යතාවය සහ ඔබේ ලිපිනය තහවුරු කිරීමට ලිපි ලේඛන ඉල්ලීම සිදු වෙනවා. මෙසේ සම්පුර්ණ තහවුරුකිරීමකින් පසුව ඔබට දැනට පෙන්වන සීමාව ඉහල අගයක් දක්වා වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද එම තහවුරු කිරීම සිදු කරගන්නේ කියලා. ඔබට පහත පින්තුරයේ මෙන් කහ පාට කොටුවක් ගිණුම තුල පෙනවනවා ( ඒවගේම ඔබට ඊමේල් පණිවිඩයක් හරහා දැනුම් දීමකුත් සිදුවෙනවා ). එහි තිබෙන "verify your account" එක වෙත පිවිසෙන්න.
ඉන්පසු ඔබට තව ඉතුරුව තිබෙන verification steps ටික පහත ආකාරයට පෙනවනවා. "Verify your ID" වෙත පිවිසෙන්න.
ඔබට webcam ( මේක හොද high resolution එකක් වෙන්න ඕන ) එකක් තිබෙනවානම් "verify now" තෝරන්න එහෙම නැත්තම් ඔබ Skrill mobile app එක භාගත කරගන්න වෙනවා Google play / App Store හරහා මේ අදියර සදහා ( මේ දෙකම නැති සහ ගැටළු තියෙන අය බයවෙන්න එපා. කරන්න ඕන දේ මම කියන්නන් ඊළගට මේකේ අන්තිමට ).
ඊළගට ලැබෙන window එකෙන් ඔයා තෝරන්න "Choose issuing country" ලෙස Sri Lanka ( හෝ ඔබට ලිපි ලේඛන දෙන්න පුළුවන් රට ). "Select ID type" වෙතින් ඔබට ඉදිරිපත් කල හැකි එක ලිපි ලේඛන වර්ගයක් තෝරාගන්න. ( ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන ජාතික හැදුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය හෝ රියදුරු ගමන් බලපත්‍රය ඉදිරිපත් කලහැක )
ඔබගේ webcam එකට access දීලා නොමැති නම් මේ ආකාරයේ window එකක් ඒවි. "Share selected device" තෝරන්න (වම් පැත්තේ උඩම කොටස බලන්න ).
දැන් ඔබට selfie එකක් ගහන්න තියෙන්නේ ඔයා ඉදිරිපත් කරන්න යන ID හෝ Driving License හෝ Passport එකත් එක්ක ! document එකේ දෙපැත්තේම පින්තූර ගන්න ඔබේ මුහුණු පැහැදිලිව පෙනන ආකාරයට. ඉන්පසු Finish & start verification වෙත පිවිසෙන්න
ඉන්පසු ඔබට පහත ආකාරයේ window එකක් පෙන්වනවා. ඔබේ document ඔවුන් පිළිගත්තාද නැද්ද කියල ඊමේල් පණිවිඩයක් ලැබෙනවා දින කීපයකින්. ඉතින් දැන් පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා.
ඉතින් ඔවුන් ඊමේල් හරහා දැනුම් දුන්නොත් ඔබේ ලිපි ලේඛන පිළිගන්න බෑ කියලා. කලබල වෙන්න එපා. මේ ටික කරන්න. skrill support වෙත ගොස් එහි තිබෙන ඊමේල් ලිපිනයට මේ වගේ පණිවිඩයක් යවන්න.
Subject : Verification Issue with Webcam
" I'am unable to verify using both web cam and mobile app. Please kindly let me know a way to verify my account wiht this webcam selfie stage"
දින කීපයකට පසු ඔවුන් ඔබ වෙත දන්වලා එවනවා අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie දෙකක් එවන ලෙස ( Photo 1 : Document එකේ ඉදිරිපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස, Photo 2 : Document එකේ පිටුපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස. අකුරු බොද වෙන්නේ නැතුව ගන්න. කියවන්න බැරිවුනොත් අයීත් යවන්න වෙනවා ).
මේ දෙකම ඊමේල් එක භාවිතා කරමින් යවන්න. ඉන්පසු දින කීයපකින් ඔවුන් ගිණුමේ Identity verification කරා කියලා ඊමේල් පණිවිඩයක් එවනවා.
ඊට පස්සේ verification කොටසේ තියෙන "Verify your ID" "verify account ownership" දෙකම හරි !
"Verify Your Location"තෝරාගන්න ඉහල තිබෙන verify කොටසෙන්. ඉන්පසු පහත ආකාරයේ window එකෙන් "upload document" දෙවැනි ක්‍රමය භාවිතා කරමු ( ප්‍රථම ක්‍රමයත් උත්සහ කරලා බලන්න නුමුත් සාර්ථක වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි ). මාස තුනක් ඇතුලත ඔබේ නමට සහ ඔබ යෙදවූ ලිපිනය තහවුරු කළහැකි document වර්ගයක් තෝරාගෙන එහි පැහැදිලි පින්තුරයක් upload කරන්න ( Phone bill, Tv bill, Electricity bill, Water bill, certified Bank statement etc.. )
දැන් ගිණුම සම්පුර්ණයෙන්ම තහවුරු කරන ලද ගිණුමක් ! ජයවේවා !
General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2018 Prathilaba.com
withdrawal verification aka failed wenawane. one time passcode aka hariyata enter kalath. account ake sallith thiyenaw.mekata mokadda karanne?
skrill support contact karanna
NTB debit card use karanna barida?
Eka nan kiyann danne nai. Sampath/HNB gaitaluwak nai
Sampath account ekata money transfer wenna kochchara dawas yanawada?
2-7 working days ( waida karana sathiye dawas)
Card ekath link kara finishing verification karanna gihama anthimata passcode ekak illanawa eka mokakda eka hoyaganne kohomada plz help me….reply eka puluwann e mail ekata daanna thanks..
mai ara card eken upload karaddi ena issue ekamada ?
Niyamai. Thank you mcn
Meken wada labadai easy cash hara gennawana ekada..nattam bank account ekakata gennana ekada?
Oya $500 -$1000 ho eeta wada genwanawa nam bank transfer thamai wadath hoda. Numuth podi ganan ikmanata ganna ona welawata ezcash watinawa.
Mage kalin skrill account eka deactivate wela. E nisa mm aluthen skrill account ekak haduwa aluth e mail ekakin. Eka prashnayak weida mata mudal withdraw karaddi. Naththam Skrill support haraha danum denna weida kalin account eka remove karanna kiyala?
Oyata parana ginuma reactivate karaganna puluwan. Skrill support ekata email ekak yawanna. Ginum dekak thiyaganna epa. Eka personel ginumai hadaganna puluwan.
mage id eke thiyenne vithanage kasun lakshitha.ethakota First name ekata danna ona mokakda?surname ekata danna ona mokakda?
First name : Vithanage Surname : Lakshitha
Man mage parana skrill account ekata mage HNB debit card eka add kara.e account eka cansal karala aluth skrill ekak open kara.e aluth skrill ekata ara debit card no. Eka danna be kiyanawa.parana ekata add karapu nisa.ane pls dan mokada karanne kiyanna.mage NSB eke master card eka dammata prasnayak nedda.pls kiyanna.
nsb online transaction support karanne nai Tharushi. Oyata skrill support contact karanna error message eke screenshot ekak ekka
Ayye mage skrill account eken salli withdrow karanna bane us doller walata suport na kiyala watenawane.i
message eka adala nai. withdrwal eka karanna, salli ginumata waitennawa
Thanx prathilaba.oyata apita mewa kiyala denawata godak pin.budusaranai.
meke dika dawasak salli thiyala thiboth apen ayakaranawada
nai.
ගොඩාක් වටින POST එකක්. ජයවේවා
Boc akt money withdrawing krgn brida?bank details vla thyn email aki skrill ake email aki same vn oni da?
Puluwan Ridmi. Email eka gaitaluwak nai eeth oyage name eka same wenna ona
Email ak already excited kyl kynw..athkt mkd krne?
password eka reset karagena log wenna
mata ikmanata ktna plwnda skrill eken mata withdrow krgna ona debit card ekata or bank ekata. mata dagna ona un keeyk kapagnnwada kiyla. debit card saha bank trafer 2natama. price rate kynna ikmnata loku udauwak
bank transfer karanna. card transfer api recommend karanne nai. Oya withdraw karanna yana amount eka satahan karanna. oyata ethakota hariyatama keeyak laibenwada kiyala balaganna puluwan (edineda thibena dollar rate eka anuwa maika wenas wenawa )
bank tranfer uparima max. USD 512.74 da?
onema ganak puluwan full veriy ginumakin. Oyage account eke dainata thiyena gana dakwa puluwan eka thamai oya pennanne
paypal eke balance eka mekata ad karaganna puluwanda ?
bai dananjaya.
mage nama ID eke thiyenne ” Hi*** Mara*** Thi*** Di*** De Silva ” kiyala.ethakota First Name & Surname kohomada denna ona?
Bank Account eka add karaddi Sampath Bank eke saving account 1k denna puluwanda?
Debit/Credit Account eka add karaddi Sampath web Card 1 Denna puluwanda?
Surname ekata “De Silva” kotasa danna ( mul nam okkoma fisrt name ekata danna. Yam widiyakin ida madi wunoth H M T D kiyala danna). ow onema bank ekaka saving ekak danan puluwan. Sampath web card eka pawichchi karanna puluwan.
100% Secure kiyala sureda? Complain karanne katada? Authorize kawda? responsibility karanne kawda?
UK wala register saha operate wena ewallet provider kenek. 100% safe naittan Dialog wage ayathana support karanne nai. mekath paypal wage gateway ekak. gaitalu/complains thiyenawanam skrill contact karanna puluwan.
mge driving lisence eke nama tiyenne A**** S**** S**** F**** kiyla mm skrill ekta smpurna nama danme. eth bank statmente eke tiyenne F**** A S S kiyla skrill verify kraddi eka awlak weida?
gaitaluwak nai oya submit karanna. Yam widiyakin eyala eka piligatte naithi wunoth certify karaganna bank eken. Eka idiripath karahama hari.
eyala eka piligatte na. bank eken certify karnne kohomda eka?
masa hayaka wage bank statement ekak certify karala illaganna bank ekata gihin Sajith
mge bank acc eka masa 6k parana naha. maseka wage illuwoth ganna puluwanda?
masayak madi sujith. aduma gane 3 months wath ekak ona
Skrill business account ekak hada ganne kohomada? (Unregister online business ekkakata)
Business registration ekak thiyenawanam withrai Skrill eken approve karanne Business accounts Prageeth
ID eken vertifi krna vidiya pdk kiynnko
Parana Id eken bai Harsha. Driving License hari passport hari use karanna
mama skril account ekak opan kala ekata mage commesial bank ginuma link kala. ethakota bank pothata salli genna ganne kohomada kiyala poddak kiyala denawada please
withdraw tab ekata gihin “bank transfer” thoraganna thiyenne Dhanushka
Ape documant check karala ewanakan apita money upload karanna baha neda..apita eekata kochchara kal yayida.bohoma ස්තුතියි !!! කාරුණිකව පිළිතුරක් ලබාදෙන්න.
Skrill nam gaitlauwak nai numuth oya ready kragena inna eyala verify karanna kiyala documents ( Driving License / Passport wagema address proof ekata oyage namata thiyena electricity, water, internet hari phone bill ekak ekka ) illuwahama labadenna Ishanka. Iq nan mudal yodawanna epa passport / eng ID naithuwa mokada withdraw karaddi aniwaryen ewa ona
Iq option valata driving licence baraganne nadda?ethakota vena විකල්පයක් nadda?
IQ dan ganne nai Ishanka. passport eka ona. ( Skrill / Neteller Driving license eken puluwan )
ic market account ekakata paypal walin money deposit karanna puluwanda. paypal walin deposit karoth money withdraw karanna ona paypal walimmada.
Skrill / neteller bawitha karanna.
acc eka mge namin hdala verification detalis thaththage ewa dammata awlk nadda..???
ehema bai Sasindu. Okkoma thathathage namin ho oyage namin hadaganna
Please bokka oyage contact number ekak denna kooo
lipiya hodin kiyawanna. Awashaya siyaluma dewal lipiye sadahan wenawa Sampath.
mama skrill account ekata sampath debit card eka add kala. eta passe rs walin 301.09 kapila thibba . bank ekata katha karala ahuwama usd 1.91 kiwwa . mata card eka finish verification karanna bane. usd gana gahaddi code kiyana area eka disable (lock )wenawa. mata submit karanna ba.. hethuwa mokadda .. ada ude thamay card eka add kale. … pls help .. thanks
card eke wargayath ekka mokak hari gaitlauwak aiti. skrill support ekata screenshot ekak ekka email karanna code eke wishtrath ekka Ranjith.
Mage id card eka vrfy krnne kohomada eka krnna bani phone ekakin
lipiye sadahan wenawa karana widiya saha awahsya wena documents ( driving license , passport ho english ID ). eya anugamanaya karanna.
mama skril acount ekak hdala dan satiyak vitara wenawa. eth mata thama kisema document ekak add krnna awe nahane. hbai mama thama bank acount add kala vitarai. habai diposite kale nam naha.
transaction keepayak karahama thamai verification documents illanne Lahiru
thnks pratilaba. mata thwath prashnayak awa ada. mama add kala selan :platinum debit card ekak.
card eka verify ekath kragattha USD 1.92 ecount eketh pennanawa . eth dan mata deposit karanna ba. mehema mg ekak enwa.
“your transaction was declined. contact your card issuer to confirm you have sufficient limits and balance and try again. if the problems persists, please contact us”
please help
balance eka chk karanna Lahiru. Ewagema sampath web card, com bank saha hnb card thamai wadath sudusu
hari e wadeth sarthakai… thnkas..
dan tiyenne acount verify krnna thamai.
prashnayak awoth udau illannam. thanks hama advise ehektama
Ow aniwarayayenma ahanna monawahari gaitaluwak thibunoth Lahiru
Me skrill ac eka mobile eken hadanna giyoth gataluwak weida
Puluwan Nayomi
skrill help center eken dunna e mail ekata( #######rification@skrill.com) document upload kara. danata 7 days thama account eka verify karala na. mail ekak aweth na thawama. mokakda mama karanna ona.
sathi dekak uparima yanawa.
Yaluwa,
Mama dan dawas 5kata kalin withara skrill1ta sampath web card1 add kala..$2.16k kapila thibuna.ada mama account1 verify kala…eth mata skrill 1ta salli deposit karanna be..non gabling thamai man select kare..eke gataluwak nsada…mta one skrill1ta salli daala eken IQ 1ta depost karala IQ patan ganna…pls Help me..
mama salli deposit karana try karaddi mehema deyak display wenawa…mekata salli deposit karagaththoth itapasse kohomda IQ1ta salli daanne kohmda kylath kiyanna pls…
Conditional Authentication Failed
You are performing a non secure transaction. You cannot proceed with non LKR transactions as non secure. Please call 0112 300604 for assistance.
Click Continue to proceed to the online store.
Continue
Conditional Authentication Failed maika parana web card wala thiyena gaitaluwak mathakadi owun hadunwala dunna 2step verification eken passe ( ebay , paypal waladi gaitaluwak nai eeth wena site bohomayaka waida karanne nai update eken passe). Oya card center katha karala oyage phone number eka card ekata add karaganna ethakota hari. ( oyage number eka card center eke naittan oyata lagama thiyena bank branck ekata letter ekak denna wai 2step enable karanna kiyala ). Samanyayen 2 – 7 days wage athara maika solve wenwa. Eeeta passe gaitaluwak naithuwa onema site ekaka payment karnana puluwan.
Thank you very much mechchara ikmanata reply karata…man dn requet keruwa mobile no1 add krnna kyl card center katha krl…ithn dn dawas 2-7 wenkm balan inna ona neda…ita passe skrill1n IQ1ta deposit karanne kohomada kylath kiyannako…Plz…
active wuna gaman phone ekata message ekak enawa. Eeta passe idan online transaction karanna puluwan onema site ekaka. IQ ho wenath onema broker ayathanayakata mudal danna ithama pahasui. IQ eke “deposit” kiyala thiyena link eka wetha gihin oyage skrill email eka saha murapadaya yodawanna ( skrill eke 2 step authentication dala thiyenawanam phone eke google authetication eken dena password eka danna )
Man skrill account 1 Open Karbala godak dawas , man sallith withdraw Kara but eye idala man withdraw Karama pending kiyala awith tika welawakata passe Mail 1k enawa ” 1 PM CET has been cancelled because the bank has rejected the transaction.”
Man bank 1 n conform Kara eyala payment reject karada kiyala, ehema 1k na kiyala.
Plz pla mekata monawada karanna ona, kawada contact karanna ona,
naiwatha withdraw karanna. technical issue ekak wenna puluwan. Ehema karalath withdrwal wenne naittan mai tika anugamanaya karanna
1) bank details tika harida balanna ( bank details update wela nan ewidiyata yawathkalinna karaganna skrill eketh)
2) details okkoma hari nan naithwa withdrwal ekak danna. maika success wune naithi wunuth skrill support ekata email ekak yawanna gaitaluwa sadahan karala ( transaction details saha dawasa ekka Fathima )
mage skrill eke name eka thiyenne M##### IMRAN ####### RAM##### kiyala… mage driving license ekei bank accounta ekei name eka thiyenne M##### RAM### #### IMRAN kiyala.. skrill account eke name eka change karanna berida.. meka prashnayak weida…
credit or debit card aniwarayen link karanna onada.. card eka nathuwa bank account ekak witharak linka karanna berida..
bank eka link karala mudal ganna puluwan.
eka gaitaluwak nai.
bohoma sthuthi prathilaba support ekata….
Mama skrill site ekata dala thiyena reviews kiyawala baluwa eke 90% kma account holdersla kiyanne meka scam ekak kyla. Eyalage account wala salli deposit krla thiyeddima skrill account eka frozen wela. Ithin meka gana mata tikak bayakhithenawa. Aththatama meken salli ganna puluwanda. Mage credit card arakshithaida.skrill eke ganudenu karala iw option haraha salli gaththu lankawe aya innawda aththatama. Mata meka patan ganna kalin wishwasayak athi karaganna ona.plz help
Skrill kiyanne paypal / stripe wage UK wala liyapadinchi lowa piligath daiwantha ayathanyak. Banku gnumak wagema mekedith ananyathawaya thahawuru karanna ona ( owun documents illu wita ). Ehema thahawuru karana thuru freeze karanawa onema ewallet ekak. Eka nisa hodin lipiya kiyawanna. Awashaya documents thiyenawanam kisima gaitaluwak naithuwa bhawitha karanna puluwan.
skrill wala wada karanna hodama bank aka mokakda. HNB or commercial?
dekama hodai. hnb wadath sudusuyi
Olymp ekenui skrill ekenui money withdrawl karaddi maseta yam nischitha awastha ganak tyenawada? ahema natuwa maseta keepa sarayak withdraw kalot eka gataluwakda?
onema wara ganak withdrawal karanna puluwan Nishantha
withdraw verification eka fail wenawa debit cad ekata salli ganna bane. skrill ekata mail ekakut damma. but eyala kiyanawa eyalage prasnayak nalu. one time pass word ekat hareyata gahuwa. bank ekatat call kara. hare giye naa. dan mokada karann?
Skrill wala card withdrwal wenuwata ezcash ho bank withdrwal bhawitha karanna Indika
nettler ake money withdraw karddi HNB ATM aken ez cash widihata ganda barida?
Mulinma ez cash ginumata mudal ganna. Inpasu ezcash support karana onema com bank ATM ekakin ho ezcash communication center ekakin ganna Mihiran
1.mage kalin iq option eke account ekk tibuna. Et eka verify karanna mn laga pni documents na. E nisa e account eka use karana eka nawattala dan olymp eke account ekk haduwa ara iq option eke e-mail ekatama.mn iq option ginumata mukut kre na.eka ahemama tyenawa.bt aye use karan na.olymp eka digatama use karanawa.etakota eka olymp account ekata gataluwakda ? Kawadawat gataluwak wenne nadda ? Mokada kalin iq option ekai dan olymp ekai tyenne ekama e-mail ekani.
2. Ekama welawaka ekama account ekakata device 2 kin log wela trade kalot eka gataluwakda ? E kiyanne mage olymp account ekata mage android device eken app eken log wela trade karana gaman e welema mage lap ekenut e olymp account ekema trade kalot eka gataluwakda, account block weida, ?
1. Broker Company dekak ema nisa kisima gaitaluwak nai sah aiti wenneth nai Nishantha
2. Ekam ginumata log wena nisa kisima gaitaluwak nai ( oya ginum dekak hadala kaloth thami owun block / ban karanne )
money deposit or withdraw karaddi bank walin prashna nadda.winimaya panatha nisa
Ehema gaitaluwak nai. Saimawitma regulated & licensed broker kenek bhawitha karanna saha Skrill / Neteller haraha ganu denu karanna.
skrill ekata card eka nathuwa BOC Saving Account ekak vitharak denna puluwanda? BOC Support karanawada?
hnb, com, sampath wani banku thamai wadath sudusu
mama skrill acct. eka meke thiyena piliwelatama karagena giya. but manage your settings kiyana dialog box eken passe issrahata yanna be. veryfy your account click kalama email ekak aaava. – Now that you’ve added a bank account you can easily use it to upload money to your Skrill account by clicking the ‘Upload’ button on the ‘Account Overview’ section. — kiyala. eke skill account kiyana eka click kalama newatha lskrill ogin ekata yanawa.
ginuma hadala log wenna puluwan wunada ? Ehema nam lipiye thiyena ilaga step tika anugamanaya karanna ( card ekak , banku ginumak ekathu karana widiya etc..)
account ekakk hadaddi NIC eke akuru english valin nene ape photos yavanna ekata moko karanne … please mail ekata reply karanna hodada
aluth NIC eka ho driving license ho passport ona wenawa Adisha. passport eka ganna podi ganak yanne. Eka oyata haima waidetama proyojanawath wenawa.
mage account eke okkoma verify vele thiyenne.. address eka witharak reject una bank statement eka dina 90 panala thiyena nisa.. heta good friday, Saturday and Sunday banks wahala.. monday wenakam hitiyoth parakkuwenawa kiyala prashnayak weida… bohoma sthuthi reply walata.. mekatath answer ekak denna..
Skrill eken oyata verify karanna deadline ekak deela naittan kisima gaitlauwak nai. Bank statement eka mathaka aithuwa certify karaganna Imran
card eka verify karala thiyenne… ath Increase skrill limits verify karanna thama mail ekak awe ne, ethakan apida salli deposit karanna berida???
transaction keepayak wunahama wage message ekak display wewi accoutn eke udama ho email ekak ewi. Ethakota awashaya lipi lekana ready kara gena inna Yohan
Koi taram mudal pramanayak transfer karaganna puluwanda skrill eken verify karaganna kalin. English NIC hadanna tika dawasak yanawane, ekai.
oyata limits and verification section eken eka balaganna puluwan Sidath. samanyayen $180 wage ganak thamai uparima ( unverified ginum wala ) numuth transaction keepyak karana wita eyala verification document dan labadenna kiyanawa.
Sir, Location verify kara ganna e welawata selfi gahalamada yawanna one..documentd wala kalin gaha gattu gallery eke tiyena photo yawanna barida.
web cam eka thiyenawanam ewelawema online submit karanna puluwan numuth web cam eka clear naittan aluthen gattu selfi ekak eyalage email ekata ywanna wenawa ( clear wenna ona naittan ayeeth yawanna ona )
Aluthen acc 1k open karaddi Wenath rataka inna kenek bank acc number phone numbers wage deddi Sri Lanka widiyata hadanna onada naththam thaman inna rate info dunnoth harida
oyata lipi laibena address ekak saha ginumak (online pahasukam thiyena card ekak ekka) oya dainata inna ratai thiyenawanam eka pawichchi karanna. ehema naittan lankawai details danna.
GE. Mama Pradeep. Mama danata inne Pakistan wala. Mama IQ Option wala register wela Dimo karanawa. Mage danata Bank Account 1k ne Skrill walata salli daganna puluwan. Mama 20 USD walata salli ewwoth Eka karagnna puluwan da
oyage namata online use karanna puluwan card ekak thiyenawanam puluwan Pradeep.
skirll eka liyapadinchi karanna giyama 6 wana adiyare phone no eka gahala “open account” dunnama captcha verification faild kiyala watenwane..plz help mee
naitha try karanna ehema naittaan wenath browser ekakin try karanna Randil.
Email verification failed. Please try again or get in touch with us..email verify karanna aapu mail eke link eka click kalahama mee messege eka enawa mokada akaranne..settings gihilla -personal info , gihilla abaluwa mata email eka issarahin verify kiyala option ekak enne naha..mokada akaranne?
verify wela nam email eka issarahin link eka enne nai.