Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

tc-forex-tutorial-in-sinhala-sri-lanka-by-prathilaba

1. Tickmillහි Live ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද ?

ටික්මිල් කියන්නේ ලොව පිළිගත් එක්සත් රාජධානියේ සිට සේවා සපයන විශ්වසනීය නියාමනය වන ලියාපදිංචි බ්‍රෝකර් ආයතනයක්.

ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න

ඉන්පසු ඔබට tickmill වෙබ් අඩවියේ ප්‍රධාන පිටුව පහත ආකාරයට දිස්වේවි. දැන් මෙහි තියෙන "Create Account " බට්ටන් එක වෙත පිවිසෙන්න live ගිණුමක් කිරීම සදහා. ( නොමිලේ ඩෙමෝ ගිණුමක් අවශ්‍යයි නම් Try Demo Account පාවිච්චි කරන්න ) .

Create-Account-with-Tickmill-STP-regulated-forex-broker-in-uk

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වෙනවා.

දැන් ඔබ " FSA of Seychelles " කියන ටැබ් එක තෝරාගන්න ( හේතුව ඔබ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නම් විතරයි ඔබට FCA of United Kingdom කියන එක තෝරාගන්න පුළුවන් )

මෙහි තියෙන form එක ඔබේ සත්‍ය තොරතුරු යොදවලා පුරුවන්න.

Client Type ලෙස " Individual "

Title එකට " Mr " ( පිරිමි ) / Mrs ( කාන්තා )

Country of Residence ලෙස " Sri Lanka"

First Name ලෙස ඔබේ නමේ මුල් කොටස ( නම් කීපයක් තියෙනවනම් මුල් අකුරු ටික දාන්න මේකට )

Last Name ලෙස වාසගම / නමේ අන්තිම කොටස

Date of Birth එකේ ඔබේ උපන් දිනය, මාසය සහ වසර සදහන් කරන්න

Phone එකට ඔයාගේ දුරකථන අංකය යොදවන්න +94 සමග ඉතුරු ටික

E-mail සහ Confirm E-mail එකට ඔයාගේ ඊමේල් ලිපිනය යොදවන්න

ඉන්පසු " I declare that I have carefully read and fully understood the entire text of the Privacy Policy, which I fully understand, accept and agree with." කියලා තියෙන එක ඉදිරියේ ඇති කොටුවේ හරි ලකුණක් යොදවලා "  Proceed to step 2 " කියන ලින්ක් එක වෙත යන්න.

දැන් පහත ආකාරයේ තවත් ෆෝම් එකක් දිස්වේවි.

Tickmill-Account-opening-client-area-stage-2

State/Region එකට ඔයා ඉන්න පළාත යොදවන්න ( eg : බස්නාහිර පළාතේ නම් Western Province හරි WP කියලා හරි යොදවන්න )

City එකට ඉන්න නගරයේ නම් යොදවන්න

Street, House, Apt එකට ඔයාගේ ලිපිනය ඇතුලත් කරන්න

ZIP Code එකට ඔයා ඉන්න ප්‍රදේශයට අයත් පෝස්ටල් කෝඩ් එක යොදවන්න පුළුවන් ( http://www.geonames.org/postalcode-search.html?q=&country=LK වෙබ් අඩවියට ගිහින් code එක ලබාගන්න. එහෙම නැත්තම් ගූගල් එකේ හොයාගන්න පුළුවන්. eg Nugegoda postal code කියලා සදහන් කරා නම් 10250 ලෙස පොස්ටල් කෝඩ් එක පෙන්වනවා )

Are you a US Citizen for tax purposes ? එකට " No " ලෙස යොදවන්න.

Level of Education එකෙන් අහන්නේ ඔයාට තියෙන උපරිම අධ්‍යාපනික සුදුසුකම් ගැන. " High School", " Bachelor's Degree", " Master's degree" වගේ එකක් යොදවන්න.

I am Employed එකෙන් අහන්නේ ඔබ අදායමක් උපයන කෙනෙක්ද කියන එක. ඒකට "Yes" යොදවන්න. Yes දැම්මොත් තව field එකක් දිස්වේවි. එකේ "Nature of Business" එකට ඔබ රැකියාව / වියාපාරය කරන ශේෂ්ත්‍රය යොදවන්න.

The Source of Funding එකෙන් අහන්නේ ඔයා ඉස්සරහට ට්‍රේඩින් ගිණුමට මුදල් දානවනම් කොහෙන්ද සල්ලි ලැබෙන්නේ කියලා තමයි අහන්නේ. ඒකට "Salary " හරි "savings " හරි යොදන්න.

Gross Annual Income එකෙන් අහන්නේ ඔයාගේ වාර්ෂික ආදයම. මේකට 1000 - 5000 හරි 5000 - 250000 හරි ලිස්ට් එකෙන් තෝරාගන්න.

Total Net Worth එකටත් 1000 - 5000 හරි 5000 - 250000 හරි ලිස්ට් එකෙන් තෝරාගන්න.

Trading Objectives එකට "income" කියලා දාගන්න පුළුවන්.

trading-and-experience

Trading Knowledge & Experience යටතේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවනේ. ඉතින් මේ ටිකට "yes" කියලා හරි "no" කියලා හරි තෝරාගන්න. "yes" දැම්මහම ඔයාට තව field කීපයක්ම පෙන්වාවී පහත ආකාරයට. ඉතින් කැමති විදියකට හරි පහත field වලට දාල තියෙන විස්තරයම දාලා පුරුවන්න පුළුවන්.

IB Code එක ලෙස දැනට පෙන්වන එකම එහෙමම තියාගන්න

Password සහ Confirm Password වලට මතක තියාගන්න පුළුවන් මුරපදයක් යොදවාගන්න ( අනිවාර්යයෙන් මුරපදය අංක, කැපිටල් සහ සිම්පල් letters තියෙන අකුරු 8ක් හෝ ඊට වැඩි විය යුතුයි   එහෙම නැත්තම් ඔයාට " Use at least 8 characters. Must contain numbers, lowercase and uppercase letter" කියන error එක එන්න පුළුවන් )
)

ඉන්පසු අන්තිමට තියෙන කොටු ( tickbox ) දෙකටත් හරි ලකුණක් යොදවලා ඉන්පසු තියෙන " Open Account " වෙත පිවිසෙන්න.යම් විදියකින් errors පෙන්වුවොත් ඒවා නිවැරදි කරලා නැවත "Open Account" තෝරන්න.

ඔයා හරියට තොරතුරු ටික ඇතුලත් කරා නම් ටික වෙලාවකින් පහත ආකාරයේ පණිවිඩයක් ඊළගට දිස්වේවි.

Thank you for registering for the Client Area of Tickmill Message

දැන් ඔබේ ඊමේල් ගිණුමට යන්න. ඔවුන් පහත ආකාරයේ ඊමේල් පණිවිඩයක් එවලා ඇති ලින්ක් එකක් එක්ක ( සමහර වෙලාවට inbox එකේ තිවුනේ නැතිවුනොත් ස්පෑම් ෆෝල්ඩර් එකේ බලන්න ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න.

tickmill-Validate-your-email-address-confirmation-email

දැන් ඔබට පහත ආකාරයේ dashboard එකක් දිස්වේවි !

tickmill-account-dashboard

මේක තමයි Tickmill වල ඔයාට තියෙන ප්‍රධාන ගිණුම. මේ ගිණුම හරහා අපිට පුළුවන් live ගිණුම් ඕනේ තරමක් විවෘත කරගන්න. නුමුත් ඔක්කොටම ඉස්සෙල්ලා verify කරගන්න ඕන වෙනවා.

ඉතින් "Upload Documents" කියන ලින්ක් එකට දැන් යන්න .

document-uploading-tickmill

Identification කියන කොටසෙන් පැහැදිලි Passport , National ID ( ඉංග්‍රීසි ) හෝ Driving License එකක scan කොපි එකක් upload කරන්න.

Proof of address කියන එකට ඔයාගේ ලිපිනය තහවුරු කළහැකි බිල්පතක scan කොපි එකක් upload කරන්න.

ඉන්පසු " Submit for review " තෝරන්න. දවස් දෙක තුනකින් විතර ඔවුන් approve කරා කියලා ඊමේල් පණිවිඩයක් එවාවි. යම් විදියකින් approve වුනේ නැතිවුනොත් . ඔවුන් ගැටළු සදහන් කරලා එවාවි. ඉතින් ඒවා නිවැරදි කරලා ( ගොඩක් වෙලාවට පැහැදිලි නැතිවුනහම තමයි මේ ගැටළු වෙන්නේ ) නැවත upload කරන්න.

ඉන්පසු " Open Account " කොලපාට බට්ටන්  ( පෙන්වන්නේ නැත්තම්  Traders Room වෙත පිවිසෙන්න ) වෙත යන්න. මේකෙන් තමයි අපි ට්‍රේඩ් කරන ගිණුම ආරම්භ කරන්නේ.

පහත ආකාරයට තොරතුරු ටික තෝරාගන්න

Account type : Pro කියන ගිණුම් වර්ගය තෝරාගන්න
Currency : USD හෝ EUR තෝරාගන්න
Leverage : 1:500 ලෙස තෝරාගන්න

"Open Account" වෙත පිවිසෙන්න. ගිණුම සාර්ථක ලෙස ස්ථාපනය වුණා නම් ඔයාට පහත ආකාරයට පණිවිඩයක් දිස්වේවි.

after-Opening-Live-trading-account-in-tickmill

ඒවගේම ඔබේ ඊමේල් ගිණුමට ට්‍රේඩින් කරන මෘදුකාංගයට පිවිසෙන්න අවශ්‍ය වන Account number, Trading password, MT4 Server විස්තර ඇතුලත් පහත ආකාරයේ ඊමේල් පණිවිඩයක් ලැබේවි.

mt4-account-details-of-tickmill-via-email

2. Tickmillහි Live ගිණුමට මුදල් යොදවන්නේ සහ ගන්නේ කෙසේද ?

ගිණුමේ විස්තර සදහන් වන පිටුවේ තියෙන " Deposit " ලින්ක් එක වෙත පිවිසෙන්න. ඔයාට පහත ආකාරයේ ලිස්ට් එකක් පෙන්වාවි.

tickmill-deposit-methods

Skrill හෝ Neteller හරහා ඔයාට මුදල් යොදවන්න පුළුවන්.

ඒවගේම " Withdrawal " ලින්ක් එක තෝරාගෙන ඔයාට ස්ක්‍රිල් හෝ නෙටෙලර් ගිණුමට මුදල් ගන්නත් පුළුවන්.

3. Tickmillහි ට්‍රේඩ් කරන්නේ කොහොමද ?

ඔයාට Web Trader එක භාවිතා කරලා ට්‍රේඩින් ගිණුමට පිවිසෙන්න පුළුවන් මෙතැනින්

එහෙම නැත්තම් MT4 මෘදුකාංගය ( වඩාත් සුදුසුයි ) භාගත කරගැනීම සදහා ටික්මිල් වෙබ් අඩවියේ " Trading Platforms " ලින්ක් එක වෙත යන්න. ටිකක් පහලට වෙන්න ඔයාට පහත ආකාරයේ කොටසක් දිස්වේවි.

වින්ඩෝස් පරිගණකයක් නම් භාවිතා කරන්නේ " Windows" තෝරාගන්න.
මැක් පරිගණකයක් "OS X" තෝරාගන්න.

ඒවගේම ස්මාර්ට් ෆෝන් එකෙනුත් "Android" හෝ "iOS" භාවිතා කරමින් ගිණුමට පිවිසෙන්න පුළුවන්.

ඉන්පසු Meta Trader 4 Tutorial  ලිපියට අනුව ඔයාට ට්‍රේඩ් දැමීම කරන්න පුළුවන්.

ඔයාට MT4 එක භාවිතා කරන්න අපහසුයි වගේනම් හොදම දේ ctrader මෘදුකාංගය ලබාදෙන ICmarket , Pepperstone හෝ Roboforex Forex Broker ආයතනයක ට්‍රේඩ් කිරීම ( මොකද ctrader එකේ සියලුම පීප් ගණනය කිරීම්, ලාභය සහ අවදානම ගැන විස්තර ස්වයන්ක්‍රීයවම ගණනය කරලා පෙන්වන නිසා )

13 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer