Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
crypto currency
featured
forex
Fundamental Analysis
fxoption
general
reviews
Uncategorized

how to write money making blog in sinhala - WordPress Tutorial by prathilaba Sri Lanka

Earn Money online with a professional blog website - Blog Writing Tutorial in Sinhala / බ්ලොග් වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිය 

Start Earning further money online with a professional blog website with google adsense in Sinhala. 

ලියන්න පුළුවන් නං මෙන්න ඔයාට කරන්න පුළුවන් නියම වැඩක්. ලියන්න බැරි අයටත් විසදුමක් තියෙනවා. හොදට ලියන්න පුළුවන් content writer ( ලිපිය බලන්න හොද ලියන කෙනෙක් හොයාගන්න විදිය දැනගන්න  ) කෙනෙක් හොයාගන්න, ඊට පස්සේ ඉතින් ගැටළුවක් නැතුවම ඔයාටත් වැඩේට බහින්න පුළුවන්. හරි අපි බලමු කොහොමද සාර්ථකව මුදල් හොයන බ්ලොග් එකක් පටන් ගන්නේ කියලා.   මේ වැඩේට ඔයාට වැය වෙන්නේ ඉතාම සුළු මුදලක්. ඩොමේන් සහ හොස්ටින්ග් දෙකටම ප්‍රථම අවුරුද්දේ ඔයාට ගෙවන්න වෙන්නේ $20-22 වැනි මුදලක් ඔයාම content ලියනවනම්. ඔයා තව කෙනෙකුට කියලා ලිපි ලියවගන්න හිතන් ඉන්නවනම් සාමාන්‍යයෙන් වචන 400-1000ක ලිපියකට $4 - $10 වගේ මුදලක් යන්න පුළුවන්.  

Blog Writing Tutorial Includes / මෙම ලිපියේ ඇතුලත් වන කරුණු

1) අන්තරජාලයෙන් ගෙවන්න පුළුවන් ක්‍රමයක් සමග ලෑස්ති වෙන විදිය.

2) වෙබ් අඩවියට නමක් සහ වෙබ් අඩවිය  දමා ගැනීමට හොස්ටින්ග් ගිණුමක් අඩුම මුදලකින් විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්න විදිය.

3) හොස්ටින්ග් ගිණුමේ wordpress ස්ථාපනය කරණ අයුරු.

4) ස්ථාපනය කරගත් wordpress වලට theme එකක් දමාගෙන බ්ලොග් පොස්ට් පලකරණ අයුරු.

5) වෙබ් අඩවියට ඕන ලිපි ටික ලෑස්ති කරගත යුතු ආකාරය.

6) ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත වෙබ් අඩවිය යොමු කරන විදිය සහ වෙබ් අඩවියට ගූගල් analytics දමාගන්න විදිය.

7) ඔබ ස්ථාපනය කල බ්ලොග් අඩවියෙන් මුදල් හොයන විදිය.

1. න්තරජාලයෙන් ගෙවන්න පුළුවන් ක්‍රමයක් සමග ලෑස්ති වෙන විදිය - Getting ready with an online payment method

හරි දැන් අන්තර්ජාලයෙන් ගෙවන්න පුළුවන් card / ගිණුම් ලෑස්ති කරගන්නකො. තාම අන්තරජාලයෙන් ගෙවන්න බැරි අය අදම බැංකුවට ගිහින් ගන්න අන්තරජාලයෙන් ගෙවන්න හැකි කාර්ඩ් පතක් ( සම්පත් වෙබ් card එකක් නම් වඩා සුදුසුයි මොකද ඔබ දාන මුදල් විතරයි ගිණුමේ තියෙන්නේ. එහෙම නැත්තම් hnb හෝ අන්තරජාල සේවා වලට ගෙවිය හැකි ඩෙබිට් කාර්ඩ් පතක් ලබාගන්න ). Paypal ගිණුමක් නොමිලේ ආරම්භ කරලා ඒකට card එක අමුනගන්න, ඒක ඔබේ කාර්ඩ් පතේ සුරක්ෂිත භාවයට වඩාත් හොදයි.

2) වෙබ් අඩවියට නමක් සහ වෙබ් අඩවිය  දමා ගැනීමට හොස්ටින්ග් ගිණුමක් අඩුම මුදලකින් විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්න විදිය - How to purchase the Domain Name & Web hosting

2. 1 මොන වගේ නමක් තියෙන ඩොමේන් එකක්ද ගන්න ඕන  - What sort of name to choose as domain ?

හොදට කල්පනා කරලා ලස්සන වගේම ඕන කෙනෙක්ට මතක තියගන්න පුළුවන් .com ඩොමේන් නමක් තෝරගන්න ( .lk වුනත් පාවිච්චි කරන්න පුළුවන් නුමුත් යම් වැඩි පුර මුදලක් වැය කරන්න වෙනවා ). 

2.2 දැන් කොහොමද මේ ඩොමේන් ඒකයි හොස්ටින්ග් එකයි ගන්නේ - How to purchase the domain and web hosting ?

ලොව පිළිගත් 2001සිට සේවා සපයන දැවැන්ත ආයතනයක් වන පහත සදහන් ආයතයේ අපි ලියාපදිංචි වෙමු. මේකේ හොදකම අපිට ඔක්කොම ටික මේකෙන් කරගන්න පුළුවන්. ඒවගේම හොද live chat system එකක් සහ ticket system එකකුත් තියෙන නිසා ඕනෙම ගැටළුවක් ඇති වුනත් පහසුවෙන් විසදගන්න පුළුවන්. 

ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. එහි "hosting" ලින්ක් එක වෙත ගොස් "shared hosting " තෝරාගන්න

register-domain-with-cheapest-domain-registrar-namecheap-today-choose-shared-hosting-from-hosting-tab

ඔබට ඊලග පිටුවේ පහත ආකාරයට ඔවුන් ලබාදෙන හොස්ටින් packages වගේම එහි මිල ගණන් සහ යාවත්කාලීන කිරීමේදී ගෙවිය යුතු මුදල සදහන් වෙනවා.  හරි දැන් "Value" package එකේ පහලට වෙන්න රතුපාට රවුමකින් ලකුණු කරලා තියෙන "Add to cart" තෝරාගන්න.

add shared hosting pacakge to cart tutorial by prathilaba sri lanka

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් පෙන්වාවී. ඔයාට කැමති නම් .website extension එකක් තියෙන ඩොමේන් එකක් නොමිලේ ගන්න පුළුවන් " I want to get a FREE .website domain" කියන මුල්ම ලින්ක් එකෙන්. ඊත් කෙනෙකුට පහසුවෙන් මතක තිබෙන්නේ .com හෝ .lk වගේ නම්, ඉතින් .com ඩොමේන් එකක් ලබාගැනීමට රතු පාට රවුමකින් ලකුණු කරලා තියෙන "Purchase a new domain" තෝරාගන්න.

choose a free domain or purchase a cheap com domain from namecheap tutorial by prathilaba

ඉන්පසු ලැබෙන පිටුවේ රතු පාට රවුමකින් ලකුණු කරලා තියෙන තැන තිබෙන කොටුවේ ඔබ ගන්න බලාපොරුත්තු වෙන නම සදහන් කරන්න අගට .com එකතු කරමින් ( උදාහරණයකට : myfirstwebsitesrilanka2030.com ). එය කිසි කෙනෙක් තවම ලියාපදිංචි කරලා නොමැති නම් ඔබට "Your domain is available" කියලා ඊට පහලින් පෙන්වනවා ( යම් විදියකින් Not Available කියලා සදහන් වුනොත් වෙනත් නමක් නැවත සදහන් කරන්න හෝ යම් ලෙසක අකුරු වෙනස් කරලා නැවත උත්සාහ කරන්න ). ඉන්පසු "Add new domain to cart" තෝරාගන්න.

choose-your-desired-domain-name-at-the-lowest-cost-at-namecheap-prathilaba-sri-lanka-tutorial

ඉන්පසු දකුණු පැත්තේ තිබෙන "Continue" කියන button එක ක්ලික් කරන්න. ( යම් ආකාරයක promotion එකක් තිබෙනවනම් අනිවාර්යෙන් තව මිල අඩු වෙනවා ප්‍රථම ලියාපදිංචියේදී. එකත් ඔයාට මේ පිටුවෙන් බලාගන්න පුළුවන්  😎  )

after-adding-domain-to-cart-choose-continue-from-right-side-tutorial-by-prathilaba

ඉන්පසු ඔබට ලැබෙන පිටුවෙන් "Confirm Order" තෝරාගන්න. ( ඔබට අවශ්‍ය නම් SSL certificate එකද තෝරාගන්න පුළුවන්. මේක දැම්මහම ඔයාට වෙබ් අඩවියේ https පාවිච්චි කරන්න පුළුවන් )

confirm hosting and domain order at namecheap checkout tutorial by prathilaba sri lanka

ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට ලැබේවි. ඉන්පසු දකුණු පැත්තේ තිබෙන ( රතු පාටින් ලකුණු කරලා තිබෙන කොටුව ) ගිණුමක් සාදාගැනීම සදහා "Username", "Password", "Confirm Password", "First Name", "Last Name", Email Address" සදහන් කරන්න. ඉන්පසු තිබෙන කොටුවට හරි ලකුණක් යොදවන්න. අවසානයේ "Create Account and Continue" තෝරාගන්න.

create a namecheap account or login using account by prathilaba tutorials

ඉන්පසු ඔබට paypal හෝ ඔබේ කාර්ඩ් පත භාවිතා කරමින් "Pay Now" ලින්ක් එක හරහා ගෙවීම කල හැකියි. ඔබට විනාඩි කීපයක් හෝ වැඩිම වුනොත් පැයක් වගේ ඇතුලත හොස්ටින්ග් ගිණුමේ තොරතුරු ටික ලැබෙනවා.  මේ තොරතුරු ටික සුරක්ෂිතව තබාගන්න.  

3. හොස්ටින්ග් ගිණුමේ wordpress ස්ථාපනය කරණ අයුරු - How to setup wordpress in hosting account

ඔබට හොස්ටින්ග් ගිණුමේ තොරතුරු ලෙස ඊමේල් පණිවිඩයෙන් ලැබුණු ලින්ක් එක, username සහ password භාවිතා කරමින් ඔබේ හොස්ටින්ග් ගිණුමට ඇතුලත් වන්න ( billing ගිණුමේ තොරතුරුයි මේකයි පටලවගන්න එපා හොදේ !).

login to namecheap cpanel account - Tutorial by prathilaba Sri Lanka

ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. එහි තිබෙන "Softaculous Apps Installer" වෙත පිවිසෙන්න

install wordpress in namecheap cpanel using Softaculous Apps Installer - Tutorial by prathilaba Sri Lanka

ඉන්පසු "WordPress" තෝරාගන්න

choose wordpress from namecheap cpanel tutorial by prathilaba - Tutorial by prathilaba Sri Lanka

ඉන්පසු "Install Now" තෝරාගන්න

click install in Softaculous Apps Installer in namecheap cpanel - Tutorial by prathilaba Sri Lanka

ඉන්පසු ලැබෙන පිටුවෙන් ඔබ "In Directory" කියන එක ඉදිරිපිට තිබෙන කොටුවේ කිසිවක් සදහන් නොකර තබාගන්න ( දැනටමත් යමක් තිබේ නම් එය මකා දමන්න  ). "Site Name" ලෙස ඔබේ වෙබ් අඩවියේ නම සදහන් කරන්න.

"Admin Username" සහ "Admin Password" වලට ඔබට මතක තබා ගත හැකි නමක් සහ මුර පදයක් යොදවන්න. "Admin Email" ලෙස ඔබේ ඊමේල් ලිපිනය සදහන් කරන්න. 

ඉන්පසු එම පිටුව අවසානයේ ඇති "Install" තෝරාගන්න. 

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. මේක 100% වෙලා පණිවිඩයක් සදහන් වෙනකන් සිටින්න

installation progress of wordpress using Softaculous Apps Installer in cpanel - Tutorial by prathilaba Sri Lanka

මේ ආකාරයේ සාර්ථකයි කියලා message එක ආවා කියන්නේ installation වැඩේ හරි !

after installing wordpress using Softaculous Apps Installer updated - Tutorial by prathilaba Sri Lanka

4 . ස්ථාපනය කරගත් wordpress වලට theme එකක් දමාගෙන බ්ලොග් පොස්ට් පළකරමු ! - How to change theme and add blog posts

WordPress වල theme වෙනස් කරන්න සහ  බ්ලොග් ලිපි එකතු කරන්න ඔබ පිවිසෙන්න ඕන එහි backend එක වෙත.

WordPress වල backend එකේ ලින්ක් එක පහත පරිදි වෙනවා
http://mysite.com/wp-admin
( mysite වෙනුවට ඔබේ වෙබ් අඩවියේ ලියාපදිංචි කල නම යොදවන්න )

ඉන්පසු ඔබ මීට ඉහත අදියරයේදී යෙදවූ "Admin Username" "Admin Password" භාවිතා කරමින් wordpress එකේ backend එක වෙත පිවිසෙන්න

wordpress administration panel - Tutorial by prathilaba Sri Lanka

ඉන්පසු ඔබට wordpressහි dashboard එක පහත ආකාරයට දැක ගත හැකි වෙනු ඇත

wordpress dashboard after installing wordpress for the first time - Tutorial by prathilaba Sri Lanka

4. 1 wordpress වලට වෙනත් theme එකක් දමාගන්න ආකාරය 

වම පැත්තේ තිබෙන "Appearance" වෙත ගොස්  "Themes" තෝරාගන්න. ඔබට පෙනේවි දැනට තිබෙන Theme එක "Twenty Seventeen" ලෙස පෙන්වන බව ( මෙහි තිබෙන "customize" ලින්ක් එක මගින් ඔබට දැන් තිබෙන theme එකේ වෙනස්කම් කරගන්න පුළුවන් ). ඔබට මේක වෙනුවට වෙන theme එකක් අවශ්‍යයි නම්  "Add  New" ලින්ක් එකක්ලික් කරන්න. එකෙන් ඔබට කැමති වෙනත් theme එකක් තෝරාගන්න පුළුවන්  

install-a-new-wordpress-theme-wordpress - Tutorial by prathilaba Sri Lanka

ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. මේකේ ලිපියේ තොරතුරු ඇතුලත් කරන්න. දකුණු පැත්තේ පහලට වෙන්න තිබෙනවා "featured image" කියලා තැනක්. එකෙන් ඔබට පුළුවන් පොස්ට් එකට පින්තුරයක් දමාගන්න. ඉන්පසු ඉහල තිබෙන "Publish" ලින්ක් එක ක්ලික් කරන්න. මේ විදියට ඔයාට පුළුවන් ඔයාගේ බ්ලොග් පොස්ට් ටික අන්තර්ජාලයට මුදා හරින්න !

install-and-preview-wordpress-themes - Tutorial by prathilaba Sri Lanka

4. 2 WordPress වල බ්ලොග් පොස්ට් පළකරන ආකාරය

වම පැත්තේ තිබෙන "Posts" වෙත ගොස් "Add New" තෝරාගන්න.  ( දැනටමත් sample ලිපියක් තිබෙනවා ඔබට දැකගත හැකි වෙනු ඇත. )

how-to-add-new-post-in-wordpress-tutorial-by-prathilaba

වම පැත්තේ තිබෙන "Posts" වෙත ගොස් "Add New" තෝරාගන්න.

publish-wordpress-blog-post-tutorial-by-prathilaba

5. වෙබ් අඩවියට ඕන ලිපි ටික ලෑස්ති කරගත යුතු ආකාරය / how to prepare the content for the website

දැන් ඉතින් තියෙන්නේ ලිපි 20-30 විතර ඔබ දන්න ඔබේ ශේෂ්ත්‍රය ගැන සකසාගන්න. කියවන කෙනාට ආස හිතෙන විදියට ලියන්න පුළුවන් නම් වඩා හොදයි ! ලියන්න අපහසු අයට හරි කාලය පිලිබඳ ප්‍රශ්න තියෙන අයට පුළුවන් පහළ තියෙන වෙබ් අඩවියෙන් හොද ලියන කෙනෙක් හොයාගෙන වැඩේට බහින්න. (හොද reviews තියෙන කෙනෙක් හොයාගන්න ! )

5. 1 Content Writer කෙනෙක් පහසුවෙන් සම්භන්ධ කරගත හැකි වෙබ් අඩවි

Website Description General Price
 fiverr for businesses in sri lanka by prathilaba Lowest price content writing freelancers for any kind of niche / sector  USD and upwards per article  content writer for blgo websites by prathilaba earn money online
 iwriter-in-sinhala Lowest price content writing freelancers for any kind of niche / sector  USD and upwards per article  content writer for blgo websites by prathilaba earn money online

5. 2 මේ ටිකත් හොදට මතක තියාගන්න :

1) Privacy Policy,  About Us සහ Contact Us පිටු ඉතා පැහැදිලව ලියාගන්න.
2) ලියන ලිපි හැම තිස්සෙම Unique වෙන්න ඕන

දැන් ලියපු ලිපි ටික එහෙමත් නැත්තම් කෙනෙක් යොදවලා ලියාගත්තු ලිපි ටික වෙබ් අඩවියට දමාගන්න. ඔබේම පින්තුරු තියෙනවනම් ඒවත් එකතු කරගන්න වෙබ් අඩවිය ලස්සන කරගන්න එහෙම නැත්තම් wikipedia / wikimedia වගේ නීතිමය ගැටළුවක් නැති පින්තුර යොදවාගන්න.  ඔබට අවශ්‍ය artwork එහෙම fiverr හරහාම ඉතාම අඩු $5 වැනි මුදලකට සදා ගන්නත් පුළුවන්. එවගේමේ intro වීඩියෝ අවශ්‍යයි නම් ඒවත් එම වෙබ් අඩවියෙන්ම ඔබට කරගන්න පුළුවන් සාදාරණ මිලකට.

5.3 නොකළ යුතු දෑ !

- වැඩිහිටියන්ට පමණක් වෙන, ඖෂධ, අන්තරායකර ඖෂධ හෝ කැසිනෝ වැනි දේවල් ගැන නම් ලියන්න එපා.
- වැඩිහිටියන්ට පමණක් වෙන, ඖෂධ, අන්තරායකර ඖෂධ හෝ කැසිනෝ වැනි වෙබ් අඩවි වල ලින්ක් එකතු කරගන්න එපා. දාන්න දෙන්නත් එපා comment හරහා.
- උස්සපු ලිපි නම් දාන්න හිතන්න එපා, Be Unique !

6.  ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත වෙබ් අඩවිය යොමු කරන විදිය සහ වෙබ් අඩවියට ගූගල් analytics දමාගන්න විදිය. / how to submit website to google and install google analytics 

6.1 බ්ලොග් වෙබ්අඩවිය google වෙත යොමු කරන්න 

https://www.google.com/webmasters/tools වෙත යන්න. දැන් ඔබේ වෙබ් අඩවිය google  වෙත submit කරන්න. දවස් කීපයකින් වෙබ් අඩවිය google සෙවුම් යන්ත්‍රයේ පෙන්නාවී. ( ඔබට මෙය අපහසු වගේ හිතෙනවනම්, වෙබ් ඩිසය්නර් වරයෙකුගේ සහය ලබාගැනීම වඩා සුසුදුසුයි   ).   පහත වීඩියෝව ඔබට සමහර වැඩේ තේරුම් ගන්න පහසු වේවි 

6.2 Google Analytics දමාගන්න

Google Analytics එකේ ලියාපදිංචි වෙන්න. Google Analytics Dashboard WordPress plugin  හෝ  Monster Insights Google Analytics Plugin පාවිච්චි කරලා wordpress බ්ලොග් වෙබ් අඩවිය google analytics එක්ක සම්බන්ධ කරගන්න  . දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔබේ වෙබ් අඩවියට එන visitorsලා ප්‍රමානේ දැනගන්න.

7. ඔබ ස්ථාපනය කල බ්ලොග් අඩවියෙන් මුදල් හොයන විදිය - How to make revenue with the created blog website

වෙබ් අඩවිය දාපු ගමන් ඔයාට ad network එකක් ලබාගන්න බෑ හොද traffic එකක් නැතුව. ඒක නිසා යම් සැලකියයුතු කාලයක් පාවිච්චි කරලා වෙබ් අඩවියට traffic හදාගන්න ( යාලුවෝ මිත්‍රයෝ හරහා, social media, ඊමේල් මාර්කටින් වැනි ක්‍රම හරහා වෙබ් අඩවියට traffic හදාගන්න ). google  analytics භාවිතා කරලා සතියෙන් සතිය වගේ බලන්න කොච්චර vistorsලා වෙබ් අඩවියට එනවද කියලා.  වෙබ් අඩවියට දලවශයෙන් 6000 - 10,000 කට වැඩි ප්‍රමානයක් visitorsලා එනවනම් සහ ඔයාට ලීපි 50 - 100 ක් විතර තියෙනවනම් පහත අදියරට පිවිසෙන්න

 

start-a-blog-website-with-google-adsense-to-earn-money-online-in-sinhala

7.1 Google  Adsense හරහා මුදල් උපයන විදිය 

දැන්  google  adsense එක්ක ලියාපදිංචි වෙන්න ! ඇඩ්ස් code  ලබාගෙන වෙබ් අඩවියේ ස්ථාපනය කරන්න.  ඔයාගේ traffic එක අනුව මෙම වෙළද දැන්වීම් වලට ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා.  ඉතින් දිගටම අලුත් ලිපි එකතු කරන්න. කාලයත් සමග ඔබට මෙයීන් හොද අදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා.  ( ඔන්න තමන්ම ඇඩ්ස් ක්ලික් කරන්න යන්න නම් එපා පුතෝ. ගිණුම පිටින්ම ඉවර වෙනවා !  🙂  )

7. 2 වෙනත් ad network

යම් විදියකින් google adsense එකෙන් ඔබව reject කරොත් මොකද කරන්නේ ? බයවෙන්න එපා. ඒක නිකමට හරි නොලැබුනොත් පහල තියෙන ad network එකකට සම්බන්ද වෙන්න ( adsense ලැබුණු සහ පාවිච්චි කරන අය මේවා දාගන්න එපා. )

 adsterra adsense alternative prathilaba sri lanka

Adsterra

 read more about adsense alternatives media.net

 bidvertizert adsense alternative prathilaba sri lanka

Bidvertiser

 read more about adsense alternatives media.net

 buysellads adsense alternative prathilaba sri lanka

BuySell Ads

 read more about adsense alternatives media.net

 propellerads adsense alternative prathilaba sri lanka

Propeller Ads

 read more about adsense alternatives media.net

media net adsense alternative prathilaba sri lanka

Media.net

( US / Canada Traffic )

read more about adsense alternatives media.net

14 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not at official website of IQ Option,Binary.com, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2018 Prathilaba.com