Learn about Tradingview.com Trading ideas platform in Sinhala. One of the best tool for forex traders, crypto currency traders and binary Option traders to improve trading analysis in order to make correct predication.
Tradingview.com කියන්නේ ලෝකේ වටේ ඉන්න forex trading, crypto currency trading සහ binary options trading ට්‍රේඩ් කරන ට්‍රේඩර්සලා විසින් analysis දාන සුපිරි වෙබ් අඩවියක්. ගොඩක් නවක අයට තියෙන ගැටළුවක්නේ කොහොමද trend අදුරගන්නේ, කොයි වෙලාවටද Forex , cryptocurrency හරි Binary option ට්‍රේඩ් එකකට යොමු වෙන්න පුළුවන්, මොනවද මේ support / resistance කියන්නේ, කොහොමද මේ හැම දේම බලාගන්නේ වගේ නොයෙකුත් ගැටළු තියෙනවනේ. ඉතින් මේ වෙබ් අඩවිය ඉතාම හොද අත්වැලක් වෙනවා ඔබට නිසැක වශයෙන්ම.
Is it a must to register with Tradingview.com ? ලියාපදිංචි වෙන්න ඕනමද ?
මේකේ ලියාපදිංචි වෙන්නම ඕන නෑ මොකද එදිනෙදා එක එක ට්‍රේඩර්සලා analysis කරලා දාන ඒවා බලන්න පුළුවන්. ඔයාට ලියාපදිංචි වුනහම තියෙන වාසිය තමයි ප්‍රශ්න අහන්න පුළුවන් comment හරහා ( Analysis එකට සම්බන්ධ ප්‍රශ්න විතරක් අහන්න ). ඒවගේම මේකේ ඔයාගෙම analysis දාන්නත් පුළුවන්. Analysis දාන්න හිතන් ඉන්න අයට නම් වැඩි වැඩ ටිකක් කරගන්න පුළුවන් මේකේ මුදල් ගෙවන package එකෙන්. ට්‍රේඩ් විතරක් කරන අයට මේ ගෙවන package අවශ්‍ය නෑ නොමිලේ තියෙන ලියාපදිංචිය විතරක් කරගන්න!.
How to use Tradingview.com ? / දැන් මේක කොහොමද පාවිච්චි කරන්නේ ?
මේකේ ඉන්නවා rating තියෙන හොද analysis එහෙම දාන ට්‍රේඩ් කරන අයත්. ඉතින් ඔයාටත් පුළුවන් මේ අයගේ analysis බලන්න ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථම. ( පොඩි පොඩි time framework වල ට්‍රේඩ් කරන forex සහ binary option කරන අයට මේකෙන් support / resistance ඒවා ගැන හොදට ඉගෙන ගන්න පුළුවන් ) . ඔයාට ඕනෙම කෙනෙක්ගේ profile එකට ගියහම එයාලා දාන analysis බලාගන්න පුළුවන් ( චර්ට් එකක් මත click කරහම ඔයාට බලාගන්න පුළුවන් වැඩි විස්තර සමගම. ). සමහර වෙලාවට entry point වගේම exit point ඒවත් එක්ක ඔවුන් තමන්ගේ analysis නිකුත් කරනවා. ඒවගේම ඔයාට නිතරම නිකුත් වෙන analysis බලාගන්න පුළුවන් "Markets" > Asset Class වෙත ගොස් Forex හරි ඕනෙම asset වර්ගයක් තෝරා ගැනීම මගින්. මේකේ වෙන වෙන දේවල් ගොඩක්ම තියෙනවා, අපිට මේ chart ideas ටික මේකෙන් ගත්තහම හොදටම ඇති ! 😀
TradingView.com Forex Signals / මේකෙන් සිග්නල් එහෙම දෙන්නේ නැද්ද ?
මම ඉස්සෙල්ලා කිව්වා වගේම සමහර analystsලා entry point එකත් එක්ක take profit වගේම stop loss එකත් දෙනවා. ඉතින් ඒවගේ ඒවා ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ( මුලින්ම පුහුණු ගිනුමක ට්‍රේඩ් යොදවන්න. සාර්ථකත්වය මත live ගිණුමේ ඉන්පසු ට්‍රේඩ් කරන්න පුළුවන් ).
How accurate is analysis in TradingView.com / කොතරම් දුරට මෙම වෙබ් අඩවියේ analysis සාර්ථකද ?
මෙහෙම කල්පනා කරන අයත් ඇතිනේ ! Forex වේවා binary වේවා අපි කිසිම කෙනෙකුට 100% සාර්ථක වෙන්න අපහසුයි කිසිම විටක. ඒක නිසා ratings තියෙන ට්‍රේඩර්ලගේ චර්ට් ඔබේ analysis වලට භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු.
Related Posts:
ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස්…
Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
Fusion Markets: The Lowest Deposit Australian Forex Broker For Asia -…
Top Public Companies with the Biggest Bitcoin Portfolios
Binance Announces End of Support for BUSD Stablecoin By February 2024 -…







