පාස්පෝර්ට් / ගුවන් ගමන් බලපත්‍රය ගන්නේ කොහොමද – How to Get sri lankan passport – Sinhala

how to get sri lanka passport -sinhala

Learn about the process in getting Sri Lankan Passport ( Sinhala Article). ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ කොහොමද පාස්පෝර්ට් එක  ගන්නේ කියන එක. මොකද ගිණුම් සනාථ කරගන්න සහ මුදල් ගන්න වගේ දේවලට ඕන වෙනවා. අනික ඉතින් පාස්පෝර්ට් එක  අරන් තියාගන්න එක හොදයිනේ. නිකමට හරි  රට යන්න අවස්ථාවක් ලැබුනොත් කලබලේට හදාගන්න යන්න ඕන නෑනේ දැම්ම හදලා තියාගත්තොත් නේද !

හරි අපි බලමු කොහොමද පාස්පෝර්ට් එක ගන්නේ කියලා මේ ලිපියෙන්.

1) දවසක් සහ වෙලාවක් වෙන්කරගන්න

මෙන්න මේ ලින්ක් එකට ගිහින් දවසක් සහ වෙලාවක් වෙන්කරගන්න Sri Lanka Passport Application Reservation System . ගොඩක් වෙලාවට බූක් කරගන්න ස්ලෝට්ස් නැති වේවි. ? Booking System එකේ ඊලග දවස විවෘත වෙන්නේ රෑ 12.00 – 12.20 වගේ. ඉතින් පොඩි කට්ටක් කන්න වෙනවා. ඉතින් මේ වෙලාවට වගේ ගොඩක් දුරට බුක් කරගන්න පුළුවන්. ඔයාට reserve කරපු දවස සහ වෙලාව එක්ක pdf එකක් ලැබෙනවා. එකේ printout එකක් අරගෙන තියාගන්න. මේක අරන් යන්න ඕන ඔයා passport office එකට යන දවසට.

2) මුලින්ම ඔයා මේ දේවල් ටික ලෑසති කරගන්න වෙනවා

a – දැනට තියෙන ජාතික හැදුනුම්පත සහ එකේ කොපියක් – Original National Identity card and Copy of it

b – ඔරිජිනල් උප්පැන්නයේ සහතික කල පිටපතක් – Certified Copy of Birth Certificate

දැනට ඔබ ගාව තියෙන අර පරණ කහ පාට  උප්පැන්නය ( හෝ  මීට ඉහත ගත්තු එකක කොපියක් හරි ) අරන් යන්න ලගම තියෙන  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයට ( බොහොමයක් උප්පැන්න, රටේ ඕනෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ගන්න පුළුවන්. ඒක නිසා උපන් ප්‍රදේශයටම යන්න ඕන වෙන්නේ නෑ).

එයාලා දෙන ෆෝරම් එක පුරුවලා, ඊට පස්සේ ගිහින් තහවුරු කරගන්න පිටපතක් ගන්න  පුලුවනිද කියලා.

ඔවුන් පරික්ෂා කරලා පුළුවන් කිව්වොත්, සල්ලි ගෙවලා ( රු සීයක් වගේ ගන්නේ එක කොපියකට ) කොපියක් ඉල්ලන්න. ටික වෙලාවකින් කොපියක් දෙවී ( සෙනග අනුව යන වෙලාව වෙනස් වෙයි හොදේ )

c – ෆොටෝ ස්ටුඩියෝ කුවිතාන්සිය  ( Photo studio acknowledgement )

NOTE : ඔයා passport office එකට යන දවසක් book කරලා. ඒ දවසට සතියක් හෝ ඊට අඩු කාලයක් තියලා stuidio එකකින් මේක කරගන්න. නැත්තම් දැන් ඕක ගත්තොත් වෙන්නේ, bookකරපු දවස එන්නේ මාස ගානක් පරක්කු වෙලානේ, එතකොට ෆොටෝ Photo studio acknowledgement එක expire වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම මේක ගැටළුවක් වෙන්නේ normal service එකේදී. එකේදී තව පරක්කු වෙනවනේ.

පාස්පෝර්ට් සදහාම ලියාපදිංචි වුන  ෆොටෝ ස්ටුඩියෝ එකකට යන්න ( මෙතැනින් බලාගන්න ලියාපදිංචි ආයතනයක්.. හැබැයි දැන් ප්‍රධාන නගර වල තියෙන ගොඩක් ඒවා ලියාපදිංචි ඒවා තමා  ).

ෆොටෝ ස්ටුඩියෝ එකට කියන්න පාස්පෝර්ට් එක ගන්න ෆොටෝ ඕන කියලා. පොඩි ගානක් යාවි. එයාලා ඔයාගේ ෆොටෝ අරන් ඔයාට කුවිතාන්සියක් දෙවී ( Photo studio acknowledgement ). අනිවාර්යයෙන්ම මේකත් අරන් යන්න.

d – වෘත්තීය සනාථ කළහැකි ලියකියවිලි (  වෘත්තීය සදහන් කරගන්න ඕන අයට විතරයි  ) – Documents to Verify Your Profession – ( For those who want to indicate your profession in passport )

ඔබට ඔබේ  වෘත්තීය ( උදාහරණයකට : දොස්තර, පරිඝනක  ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පී  etc…  ) ගුවන් ගමන් බලපත්‍රයට යොදවාගන්න ඕන නම්, ඔබගේ වෘත්තීය සනාථ කළහැකි ලියකියවිලි වල ඔරිජිනල් සහ කොපි සෙට් එකක් ලෑසතී කරගන්න හොදේ.

e – දවස සහ වෙලාව වෙන්කරගත්තුලිපියේ printout එකක්  ( Printout of date & time reservation receipt from the System )

ඔයා reserve කරපු දවස සහ වෙලාව එක්ක pdf එකක් booking system එකෙන් ලැබුනානේ. එකේ printout එකක් අරගෙන තියාගන්න. මේක අරන් යන්න ඕන ඔයා passport office එකට යන දවසට.

e –  ගුවන් ගමන්  ඉල්ලුම්පත්‍රය බාගත කරගෙන අවශ්‍ය ලෙස පුරුවගන්න

Immigration වෙබ් අඩවියට ගොස්  ගුවන් ගමන්  ඉල්ලුම්පත්‍රය බාගත කරගෙන අවශ්‍ය ලෙස පුරුවගන්න. ( කාර්යාල කොටස පුරවන්න එපා හොදේ )

f ) මුදල් ලෑස්ති කරගන්න !

එක් දින නම් ( One Day Service) : Rs 15000/-

සාමාන්‍ය සේවා නම් ( Normal Service ) : Rs.3,500/-   ( සති දෙකෙන් වගේ ලැබෙනවා )

( එච්චර කලබලයක් නැත්තම් නොර්මල් දාන්න  😀 )

3) පාස්පෝර්ට් කාර්යාලයට book කරපු දවසට යන්න..

එක්දින සේවා නම් බත්තරමුල්ල කාර්යාලයෙන් විතරයි ඉස්සර කරගන්න පුළුවන් වුනේ. දැන් නුවර,මාතර  සහ වවුනියා කාර්යාල වලින් කරගන්න පුළුවන්. සාමාන්‍ය සේවා නම්  බත්තරමුල්ල, නුවර,මාතර,වවුනියා සහ කුරුනෑගල කාර්යාල වලින් කරගන්නත් පුළුවන්.

නියමිත පෝලිමට එකතුවෙන්න ( නොර්මල් වෙනමයි එක්දින වෙනමයි තමයි යන්නේ බත්තරමුල්ල කාර්යාලයේ  ). මුලින්ම එයාලා book කරපු කොලේ බලාවි, ලිපි ටික බලාවි සහ ෆොටෝ කුවිතාන්සිය බලාවි. ඔක්කොම හරි නම් ඊලග කවුන්ටර් එකෙන් ලිපි ටික ගනීවි.  ඊලග එකෙන්  ඇගිලි සලකුණු ගනීවි. අන්තිමට මුදල් ගෙවන්න තියෙන්නේ..

එක්දින නම් ඔයාට සාමාන්‍යයෙන් පැය 3-8  පසුව වගේ පාස්පෝර්ට් එක කවුන්ටර් එකෙන් ගන්න පුළුවන්. ( දැන් තියෙන ඉල්ලුමත් එක්ක ලොකු පරක්කුවක්  තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉවසන් ඉන්න හොදේ )

සාමාන්‍ය සේවා නම් ඉතින් මාස 2-3කින් වගේ ගෙදරට එනවා..

එකක් නම් කියන්න ඕන… දැනට රජයේ තියෙන කාර්යාල වලින් බත්තරමුල්ල පාස්පෝර්ට් කාර්යාලය සුපිරිම සේවයක් සපයන ආයතනයක් අනිත් ආයතනත් එක්ක බලද්දී… විශේෂයෙන්ම ආරක‍ෂ නිලධාරී මහත්තරු ඉතා කාර්යක්ෂමව සහ  සුහදශීලිව එන අයට උදව් කරනවා.  වැඩ කරන නිලදාරීන් වුනත් හොදයි. ඉක්මනින් වැඩ කරනවා.. හැබැයි අන්තිමට එක්දින සේවා පාස්පෝර්ට් දෙන කවුන්ටර් එකේ නම් තේරුමක් නැති පොඩි පරක්කුවක් තියෙනවා කියලා බොහෝ දෙනා කියනවා. එකත් හදාගත්තා නම් නියමයි.. ( ඒවගේම ඔයාට කෑම කන්න පුළුවන් ස්ටෝල් කීපයකින් සමන්විත කෑම කන්න පුළුවන් ස්ථානයකුත් කාර්යාලයේම තියෙනවා… 😉  ඒකත් නියමයි විශේෂයෙන්ම එක්දින සේවයට එන අයට  )  අනිත් regional කාර්යාලවල නම් ගොඩක් තව වෙනස්කම් වෙන්න ඕන.

English Article : How to Get Sri Lankan passport

Leave a Comment

Your email address will not be published. Required fields are marked *