Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

how to get sri lanka passport -sinhala

Learn about the process in getting Sri Lankan Passport ( Sinhala Article). ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ කොහොමද පාස්පෝර්ට් එක  ගන්නේ කියන එක. මොකද ගිණුම් සනාථ කරගන්න සහ මුදල් ගන්න වගේ දේවලට ඕන වෙනවා. අනික ඉතින් පාස්පෝර්ට් එක  අරන් තියාගන්න එක හොදයිනේ. නිකමට හරි  රට යන්න අවස්ථාවක් ලැබුනොත් කලබලේට හදාගන්න යන්න ඕන නෑනේ දැම්ම හදලා තියාගත්තොත් නේද !

හරි අපි බලමු කොහොමද පාස්පෝර්ට් එක ගන්නේ කියලා මේ ලිපියෙන්.

1) මුලින්ම ඔයා මේ දේවල් ටික ලෑසති කරගන්න වෙනවා

a - දැනට තියෙන ජාතික හැදුනුම්පත සහ එකේ කොපියක් - Original National Identity card and Copy of it

b - ඔරිජිනල් උප්පැන්නයේ සහතික කල පිටපතක් - Certified Copy of Birth Certificate

දැනට ඔබ ගාව තියෙන අර පරණ කහ පාට  උප්පැන්නය ( හෝ  මීට ඉහත ගත්තු එකක කොපියක් හරි ) අරන් යන්න ලගම තියෙන  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයට ( බොහොමයක් උප්පැන්න, රටේ ඕනෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ගන්න පුළුවන්. ඒක නිසා උපන් ප්‍රදේශයටම යන්න ඕන වෙන්නේ නෑ).

එයාලා දෙන ෆෝරම් එක පුරුවලා, ඊට පස්සේ ගිහින් තහවුරු කරගන්න පිටපතක් ගන්න  පුලුවනිද කියලා.

ඔවුන් පරික්ෂා කරලා පුළුවන් කිව්වොත්, සල්ලි ගෙවලා ( රු සීයක් වගේ ගන්නේ එක කොපියකට ) කොපියක් ඉල්ලන්න. ටික වෙලාවකින් කොපියක් දෙවී ( සෙනග අනුව යන වෙලාව වෙනස් වෙයි හොදේ )

c - ෆොටෝ ස්ටුඩියෝ කුවිතාන්සිය  ( Photo studio acknowledgement )

පාස්පෝර්ට් සදහාම ලියාපදිංචි වුන  ෆොටෝ ස්ටුඩියෝ එකකට යන්න ( මෙතැනින් බලාගන්න ලියාපදිංචි ආයතනයක්.. හැබැයි දැන් ප්‍රධාන නගර වල තියෙන ගොඩක් ඒවා ලියාපදිංචි ඒවා තමා  ).

ෆොටෝ ස්ටුඩියෝ එකට කියන්න පාස්පෝර්ට් එක ගන්න ෆොටෝ ඕන කියලා. පොඩි ගානක් යාවි. එයාලා ඔයාගේ ෆොටෝ අරන් ඔයාට කුවිතාන්සියක් දෙවී ( Photo studio acknowledgement ). අනිවාර්යයෙන්ම මේකත් අරන් යන්න.

d - වෘත්තීය සනාථ කළහැකි ලියකියවිලි (  වෘත්තීය සදහන් කරගන්න ඕන අයට විතරයි  ) - Documents to Verify Your Profession - ( For those who want to indicate your profession in passport )

ඔබට ඔබේ  වෘත්තීය ( උදාහරණයකට : දොස්තර, පරිඝනක  ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පී  etc...  ) ගුවන් ගමන් බලපත්‍රයට යොදවාගන්න ඕන නම්, ඔබගේ වෘත්තීය සනාථ කළහැකි ලියකියවිලි වල ඔරිජිනල් සහ කොපි සෙට් එකක් ලෑසතී කරගන්න හොදේ.

e -  ගුවන් ගමන්  ඉල්ලුම්පත්‍රය බාගත කරගෙන අවශ්‍ය ලෙස පුරුවගන්න

Immigration වෙබ් අඩවියට ගොස්  ගුවන් ගමන්  ඉල්ලුම්පත්‍රය බාගත කරගෙන අවශ්‍ය ලෙස පුරුවගන්න. ( කාර්යාල කොටස පුරවන්න එපා හොදේ )

f ) මුදල් ලෑස්ති කරගන්න !

එක් දින නම් ( One Day Service) : Rs 15000/-

සාමාන්‍ය සේවා නම් ( Normal Service ) : Rs.3,500/-   ( සති දෙකෙන් වගේ ලැබෙනවා )

( එච්චර කලබලයක් නැත්තම් නොර්මල් දාන්න  😀 )

2) පාස්පෝර්ට් කාර්යාලයට උදෙන්ම යන්න..

එක්දින සේවා නම් බත්තරමුල්ල කාර්යාලයෙන් විතරයි තවම කරගන්න පුළුවන්. සාමාන්‍ය සේවා නම්  බත්තරමුල්ල, නුවර,මාතර,වවුනියා සහ කුරුනෑගල කාර්යාල වලින් කරගන්නත් පුළුවන් .  උදෙන්ම යන්න..

නියමිත පෝලිමට එකතුවෙන්න ( නොර්මල් වෙනමයි එක්දින වෙනමයි තමයි යන්නේ බත්තරමුල්ල කාර්යාලයේ  ). මුලින්ම එයාලා ලිපි ටික බලාවි සහ ෆොටෝ කුවිතාන්සිය බලාවි. ඔක්කොම හරි නම් ඊලග කවුන්ටර් එකෙන් ලිපි ටික ගනීවි.  ඊලග එකෙන්  ඇගිලි සලකුණු ගනීවි. අන්තිමට මුදල් ගෙවන්න තියෙන්නේ..

එක්දින නම් ඔයාට සාමාන්‍යයෙන් පැය තුනකට පසුව වගේ පාස්පෝර්ට් එක කවුන්ටර් එකෙන් ගන්න පුළුවන්. ( මෙතන සමහර වෙලාවට පරක්කුවක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉවසන් ඉන්න හොදේ )

සාමාන්‍ය සේවා නම් ඉතින් වැඩ කරන දවස් 14කින් වගේ ගෙදරට එනවා..

එකක් නම් කියන්න ඕන... දැනට රජයේ තියෙන කාර්යාල වලින් බත්තරමුල්ල පාස්පෝර්ට් කාර්යාලය සුපිරිම සේවයක් සපයන ආයතනයක් අනිත් ආයතනත් එක්ක බලද්දී... විශේෂයෙන්ම ආරක‍ෂ නිලධාරී මහත්තරු ඉතා කාර්යක්ෂමව සහ  සුහදශීලිව එන අයට උදව් කරනවා.  වැඩ කරන නිලදාරීන් වුනත් හොදයි. ඉක්මනින් වැඩ කරනවා.. හැබැයි අන්තිමට එක්දින සේවා පාස්පෝර්ට් දෙන කවුන්ටර් එකේ නම් තේරුමක් නැති පොඩි පරක්කුවක් තියෙනවා කියලා බොහෝ දෙනා කියනවා. එකත් හදාගත්තා නම් නියමයි.. ( ඒවගේම ඔයාට කෑම කන්න පුළුවන් ස්ටෝල් කීපයකින් සමන්විත කෑම කන්න පුළුවන් ස්ථානයකුත් කාර්යාලයේම තියෙනවා… 😉  ඒකත් නියමයි විශේෂයෙන්ම එක්දින සේවයට එන අයට  )

English Article : How to Get Sri Lankan passport

January 11th, 2020

Posted In: blog

Tags: , , , , ,

Leave a Comment

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2020 Prathilaba.com