Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Filter by Categories
blog
crypto currency
dropshipping
english
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
sinhala
Uncategorized

IQ Forex Tutorial in Sinhala for Sri Lankans

IQහි ෆොරෙක්ස් ට්‍රේඩින් හරහා අමතර හෝ පුර්ණකාලින අදායමක් හොයන විදිය ඉගෙනගනිමු !

ෆොරෙක්ස් කරන, කරන්න හිතන් සහ ඔප්ෂන් කරන අයට තියෙන මුලික ගැටළුවක් නේද අවදානම කියන එක. මේකේ අවදානම වෙනත් ෆොරෙක්ස් බ්‍රෝකර් ආයතන වලට වඩා ඉතාම අඩුයි. හේතුව අවදානමට ලක්වෙන්නේ ඔබ ට්‍රේඩ් එකට යොදවන මුදල විතරයි ( නුමුත් ඔබ වෙනත් බ්‍රෝකර් ආයතනයකදී ට්‍රේඩ් කිරීමේදී ස්ටොප් ලොස් විධාන භාවිතා නොකලොත් ඔබේ මුළු ගිනුමේම ශේෂය අවදානමකට ලක්වෙනවා )

ඔබට ඕනෙම කාලයක් කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉන්පසු කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට පුළුවන්.

වැඩි විස්තර සදහා ලිපිය කියවන්න ! ගැටළු තියෙනවනම් inbox කරන්න, වෙබ් අඩවියේ කොමෙන්ටුවක් ලෙස සටහන් කරන්න හෝ ඊමේල් පණිවිඩයක් එවන්න

මොකක්ද IQ ෆොරෙක්ස් කියන්නේ සහ එමගින් මුදල් හොයන්නේ කොහොමද ?

ෆොරෙක්ස් කියන්නේ ලොව විශාලම මුදල් එකක හුවමාරු වෙන වෙළදපොල නුමුත් අපි වැනි කුඩා තනි පුද්ගලයන්ට මේ වෙලදපොලේ ට්‍රේඩ් කිරීමට හැකි වෙන්නේ බ්‍රෝකර් ආයතනයක් හරහා. ඉතින් මෙහි කරන්න තියෙන්නේ මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා තීරණය කිරීම ( වෙලාවක් නෑ ෆොරෙක්ස් වල ). ඔබේ නිගමනය සාර්ථකයි නම් ඔබට අදායමක් ලැබෙනවා. ඔබේ නිගමනය අසාර්ථකයි නම් IQහිදී ඔයාට නැති වෙන්නේ යොදවපු මුදල විතරයි.

නුමුත් මේ වාසිය තියෙන්නේ IQ එකේ විතරයි වෙනත් බ්‍රෝකර් ආයතන වලදී ඔබේ මුළු ගිනුමේම ශේෂය නැති වෙන්න පුළුවන් ඔබේ නිගමනය වැරදි නම් ( ඔබ වෙනත් බ්‍රෝකර් ආයතනයක් භාවිතා කරනවානම් කුඩා ශේෂයක් සමග අනිවාර්යයෙන් ස්ටොප් ලොස් විදානය භාවිතා කරන්න අමතක කරන එපා )

නොමිලේ ලියාපදිංචි වන්නේ කෙසේද ?

මුලින්ම පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK

ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි "Open Your Free Demo Account" කියන එක වෙත පිවිසෙන්න.

Register Free with IQ Forex in Sinhala Sri Lanka

ඉන්පසු ඔබට පහත ආකාරයේ ලියාපදිංචි විය හැකි ෆෝම් එකක් දිස්වේවි. ඔබේ ඊමේල් ලිපිනය සහ මෙම ට්‍රේඩින් ගිණුමට පුරපදයක් ( මතක තියාගන්න හොදේ ! ) යොදවා "Create An Account" තෝරන්න. දැන් ලියාපදිංචිය සාර්ථකයි !

IQ Forex in Sinhala Sri Lanka - Free Registration Form

ට්‍රේඩින් කිරීම සදහා මෘදුකාංගය භාගත කරගන්න

ඔබට වෙබ් browser එක හරහාද ට්‍රේඩ් කරන්න පුළුවන් නුමුත් පරිගණකයේ හෝ ස්මාර්ට් ෆෝන් හි මෘදුකාංගය ස්ථාපනය කරගෙන ට්‍රේඩ් කිරීම වඩාත් පහසුයි.  ඉන්පසු ෆොරෙක්ස් ට්‍රේඩින් සදහා පරිගණකයේ ස්ථාපනය කරගත යුතු මෘදුකාංගය හෝ ස්මාර්ට් ෆෝන් එකේ ස්ථාපනය කරගත යුතු මෘදුකාංගය පහතින් ලබාගන්න.

IQ ෆොරෙක්ස් මෘදුකාංගයේ ඩෑෂ්බෝර්ඩ් එක භාවිතා කරන්නේ කොහොමද ?

ඔබ සාර්ථක ලෙස ට්‍රේඩින් මෘදුකාංගය ස්ථාපනය කරගෙන එය විවුර්ත කරගන්න. ඔයාට පහත ආකාරයේ ෆොරෙක්ස් හෝ ඔප්ෂන් චර්ට් එකක් දිස්වේවි ( ඔයාට දකුණු අත පැත්තේ තියෙන දේවල් පහත ආකාරයට පෙන්වන්නේ නැත්තම් ඔබ "+" ලකුණ වෙත ගොස් "Forex" යටතේ තිබෙන EUR/USD හෝ ඕනෙම මුදල් යුගලයක් තෝරාගන්න මොකද ඔප්ෂන් චර්ට් වල ට්‍රේඩ් කරන විදිය ටිකක් වෙනස්. )

IQ Forex Application Dashboard in Sinhala Sri Lanka by Prathilaba

අපි බලමු මේකේ අපිට ප්‍රොයෝජනවත් වන දේවල් මොනවද සහ කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන එක.

1 - ෆොරෙක්ස් මුදල්යුගල තෝරාගැනීම

මේ + ධන ලකුණු තියෙන තැනින් "Forex" හෝ "CFD" යටතේ තියෙන ඕනෙම මුදල් යුගලයක් තෝරාගන්න පුළුවන් ( EUR/USD, GBP/USD, USD/CAD, USD/JPY etc.. ). එවිට ඔයාට අලුත් චර්ට් එකක් එක්ක එම මුදල් යුගලයේ මිල ඉහල පහල ගියපු ආකාරය බලාගන්න පුළුවන්.

2 - ඔයාගේ ප්‍රොෆයිල් එක

"Personal Data", "Deposit", "withdraw Funds", "Transaction History", "Settings" සහ "Logout" වැනි ප්‍රොයෝජනවත් වන දේවල් වෙත යන්න පුළුවන්.

3 - පුහුණු සහ සත්‍ය මුදල් ගිණුම් අතර මාරු වීමට

මෙතනින් ඔයාට පුළුවන් Practice ( Demo ) ගිණුම සහ Live ගිණුම අතර ඕනෙම වෙලාවක මාරු වීමට.

4 - මුදල් යෙදවීම

මෙතනින් ඔයාට පුළුවන් සත්‍ය ගිණුමට මුදල් දැමීමට වගේම පුහුණු ගිණුම reload කරගන්නත් පුළුවන්.

5 - ට්‍රේඩ් එකකට යොදවන මුදල

ට්‍රේඩ් එකකට යොදවන මුදල "Amount" කියන තැනින් සදහන්කරන්න ( ඩොලර් 1 සිට ඉහලට යොදවන්න්න පුළුවන් )

6 - ලාභයේ ප්‍රතිශතය අඩු වැඩි කරගන්න විදිය

"Multiplier" හරහා ඔයාට පුළුවන් ලාභයේ ප්‍රතිශතය අඩු වැඩි කරගන්න ( ලාභයේ ප්‍රතිශතය වැඩි වෙන්න වෙන්න අවදානමද වැඩි වෙනවා හොදේ ). දැනට මේක x500 වල තියාගන්න.

7 - ට්‍රේඩ් එක අවසන් විය යුතු අවස්ථාව

"Auto Closing" එක තේරූ විට "when profit is" කියන එක මගින් ඔබට ට්‍රේඩ් එක අවසන් විය යුතු ප්‍රතිශතයක්, අගයක් හෝ කෙතරම් මුදලක් ලාභ ලැබූ විටද කියලා සදහන් කරන්න පුළුවන්. ඒවගේම ඊට පහල තියෙන "when loss is" එක මගින් ඔබට ට්‍රේඩ් එක පාඩු වුනොත් අවසන් විය යුතු ප්‍රතිශතයක්, අගයක් හෝ කෙතරම් මුදලක් අලාභ ලැබූ විටද කියලා සදහන් කරන්න පුළුවන්. ( මේ දෙකම සදහන් නොකර ඔයාට ඕනෙම වෙලාවක ට්‍රේඩ් එක manually අවසන් කරන්නත් පුළුවන්. )

8 - චර්ට් වර්ගය තෝරාගන්න

මෙතනින් ඔයාට පුළුවන් චර්ට් වර්ගය තෝරාගන්න. ඔයාට මුලින්ම ලැබෙන්නේ "Area" චර්ට් එකක් නේ ඉතින් සාමාන්‍යයෙන් මේකේ වැඩි විස්තරයක් නෑ. ඒක නිසා මෙතනින් "candles" කියන එක තෝරාගන්න. එකෙන් ට්‍රේඩ් කරන්න පහසුයි.

9 - Candle වල කාලය

මේක active වෙන්නේ ඔයා 8වෙනි එකේදී "candles" හෝ "bars" තේරුවොත් විතරයි. මේකේ අගය මගින් නිරුපණය කරන්නේ එක candle එකක කාලය. සාමානයෙන් 1hr හෝ 4hr වගේ කාලයක් භාවිතා කරන්න.

10 - චර්ට් ට්‍රෙන්ඩ් ඉරි

මෙතනින් ඔයාට පුලුවන් "Line", "Trend Line", "Horizontal Line", "Fibonacci Line" එකතු කරගන්න චර්ට් වලට ( මේවා ඔයාට ඕන වෙන්නේ චර්ට් එකේ දිශාන්තිය වගේම Support zones, Resistance zones, reversals වගේ දේවල් බලාගන්න )

11 - දර්ශක වර්ග තෝරාගැනීම

මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ).

12 - Buy හෝ Sell ට්‍රේඩ් එකකට එසැනින් යොමු වෙන විදිය

මෙතනින් තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න තියෙන්නේ. "Buy" තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල වැඩි වෙනවා කියලා තීරණය කල විට සහ "Sell" තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල අඩු වෙනවා කියලා තීරණය කල විට.

13 - වෙනත් අගයකදී ට්‍රේඩ් එකකට යොමු වෙන විදිය

"purchase at" වෙත පිවිසුන විට ඔයාට "Current" price එක වෙනුවට වෙනත් අගයක් තොරගන්න් පුළුවන් ( ඒවගේම යම් විදියකින් ඔයාට දැනට තියෙන මිල ගණන් වලට නැවත reset කරන්න ඕන නම් "revert to Market Price" කියන එක තෝරාගන්න පුළුවන් )

14 - මෙතෙක් කල ට්‍රේඩ් ගැන තොරතුරු

"Trading History" මගින් ඔයාට මෙතෙක් කල ට්‍රේඩ් ගැන තොරතුරු බලාගන්න පුළුවන්

15 - More

"Video Tutorial" වගේම "Help" වෙතත් යොමු වෙන්න මෙතනින් පුළුවන් ( මෙහි තරගාවලි ගැන සදහන් වුවත් මෙහි තිබෙන්නේ ඔප්ෂන් තරගාවලි විතරයි )

16 - භාරිභෝගික සේවය

ඔයාට IQ සම්භන්ධ ගැටළුවක් තියෙනවනම් ඉංග්‍රීසි බසින් ගැටලුව එසැනින් කෙටි පණිවිඩයක් විදියට යොමු කරන්න පුළුවන්

17 - ප‍රිගණක තිරයේඑක්වරකට පෙන්වන චර්ට් ප්‍රමාණය

ඔයාට දැන් පෙන්වන්නේ එක චර්ට් එකයි නේද මුළු ප‍රිගණක තිරයේම ? මෙතනින් ඔයාට ප‍රිගණක තිරයේ එකවර චර්ට් දෙකක් තුනක් etc පෙන්වන ලෙස වෙනස් කරගන්න පුළුවන්.

18 - පෙන්වන මුදල් යුගලය වෙනස් කරගන්න විදිය

ඔයාට මෙතනින් පුළුවන් වෙනත් මුදල් යුගලයක් තෝරාගන්නත් (නැවත වෙනම චර්ට් එකක් විවුර්ත කරන්නේ නැතුව තව tab එකක් විදියට )

මීට අමතරව තව features කීපයක්ම මෙහි තියෙනවා. ඉතින් පොඩි වෙලාවක් අරන් හැම එකක් වෙතම ගොස් බලන්න ට්‍රේඩින් මෘදුකාංගය ගැන හොද අවබෝදයක් ලබාගන්න !  😎 

කොහොමද IQ ෆොරෙක්ස් කරන්නේ ?

පහත තියෙන වීඩියෝ එක නරබන්න ට්‍රේඩ් කරන විදිය ගැන අවබෝදයක් ලබාගන්න !

ඔයාට කරන්න තියෙන්නේ මෘදුකාංගයේ උඩම තියෙන (+) ලකුණ පාවිච්චි කරලා "Forex ( Currency Pair ) හෝ CFD Stocks ( Company Stocks ) යටතේ තියෙන pair හෝ stock එකක් මුලින්ම තෝරාගැනීම. ඊට පස්සේ  දකුණු අත පැත්තේ තියෙන "Amount" කියන කොටුවෙන් ඔයා තෝරාගන්න යොදවන මුදල. ඊළගට ඔයා තෝරාගන්න "Multiplier" එකෙන් x 500 එතකොට වැඩි ලාභයක් වෙත යන්න පුළුවන් ( මේක වැඩි වෙන විට ලාභය වගේම අවදානමත් වැඩි වෙනවා හොදේ ! ). ඊළගට "Auto closing" එකෙන් ඔයා "when profit is" ( මේක තමයි take profit එක ) එකට ප්‍රතිශතයක් විදියට අගයක් යොදවන්න පුළුවන්  ( eg 50% )එහෙම නැත්තම් value එකක් හෝ මුදල් ප්‍රමානයක් විදියට දාගන්නත් පුළුවන්. ( ඒවගේම "Purchase at" කියලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් දැන් තියෙන අගය වෙනුවට වෙනත් අගයක් තෝරාගෙන එම අගයෙදී order එකක් දාන්නත් )

ඊළගට Buy හෝ Sell තෝරාගන්න. උදාහරණයකට ඔබ ඩොලර් 10 දාලා Multiplier ලෙස X50 තේරුවොත් ඔබට ඩොලර් 500 වෙනකන් ලාභයකට යන්න පුළුවන් ඒවගේම ඔබ යෙදවූ මුදලෙන් 90-95% රිණ ගියොත් ( ඔයාගේ නිගමනය වැරදි වුවහොත් විතරයි ) ට්‍රේඩ් එක නවතිනවා වගේම යෙදවූ මුදලෙන් 90-95% ලොස් වෙනවා. දැන් මේ ට්‍රේඩ් එක ඔයාට කැමති වෙලාවක ක්ලෝස් කරන්න පුළුවන් ( ඒවගේම මෙහි අවශ්‍යයි නම් අගයක් දෙන්නත් පුළුවන් ට්‍රේඩ් එක ඉබේම ක්ලොස් වෙන්නත් )

සාර්ථක වෙනතුරු පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරන්න අමතක කරන්න එපා ( live ගිනුමේත් ට්‍රේඩ් කරලා බලන්න ඕනෑම නම් $10-50 වගේ ගිණුමට යොදවලා ට්‍රේඩ් කරලා බලන්න පුළුවන්. ට්‍රේඩ් එකකට $1 -2 ට වඩා යොදවන්න එපා හොදට පුහුණු වෙලා සාර්ථක වෙනතුරු ).

සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කරන්න අවශ්‍ය දේවල් මොනවාද  සහ කරන විදිය ?

ඔබට IQහි සත්‍ය ගිණුමේ ට්‍රේඩ් කිරීමට අවම ඩොලර් දහයක් තැන්පත් කරන්න වෙනවා. ඉතින් කැමති වෙලාවක ඔයාට මුදල් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන් ( අවදානමක් ගත හැකි මුදලක් පමණක් සැමවිටම ට්‍රේඩින් සදහා යොදවන්න ).  මුදල් යෙදවීමට අවශ්‍ය වෙනවා අන්තර්ජාලයෙන් ගෙවීම් කළහැකි කාර්ඩ් පතක් .  ඔබ Skrill ( හෝ Neteller ) ගිණුමක් හරහා ගෙවීම කිරීම වඩාත් උචිතයි මොකද කාර්ඩ් පත සුරක්ෂිත වෙනවා වගේම කිසිම ගැටළුවක් නැතුව ඔබ උපයන මුදල් මෙම ගිණුම් හරහාම බැංකුවට හෝ ezcash ගිණුමට ලබාගන්න පුළුවන්. ( ස්ක්‍රිල් ගිණුමක් හදන විදිය මෙතනින් ඉගෙගන්න Skrill Account Opening Tutorial in Sinhala  / Skrill Account Opening Tutorial in English ).  

ඒවගේම මුදල් යෙදවීමේදී ඔබේ අනන්‍යතාවය වගේම ලිපිනය වැනි දේ තහවුරු කරන්න වෙනවා ස්ක්‍රිල් / නෙටෙලර් ගිණුම වලදී වගේම බ්‍රෝකර් ගිනුමේදී.  

Skrill හෝ Neteller ගිණුම තහවුරු කරගැනීම සදහා ජාතික හැදුනුම්පත (ඉංග්‍රීසි) / රියදුරු බලපත / ගුවන් ගමන් බලපත්‍රය වගේම ලිපිනය තහවුරු කරගැනීම සදහා ඔබේ නමට ලැබුණු විදුලි, වතුර, දුරකථන, ඉන්ටර්නෙට් හෝ පිළිගත හැකි ආයතනයකින් ලබාදුන් බිල්පතක් ඕන වෙනවා ( මේ එකක්වත් නැත්තම් තහවුරු කරන ලද බැංකු ස්ටේට්මන්ට් එකක් ඕන හොදේ ).

 IQ ගිණුම තහවුරු කරගැනීම සදහා ජාතික හැදුනුම්පත (ඉංග්‍රීසි) හෝ ගුවන් ගමන් බලපත්‍රය අවශ්‍ය වෙනවා ( රියදුරු බලපත IQ පිළිගන්නේ නෑ යාළුවා ! නුමුත් ඔයාට රියදුරු බලපත තියෙනවනම් Icmarkets වල ගිණුමක් තහවුරු කරගෙන ෆොරෙක්ස් කරන්න පුළුවන් ) )

පොදුවේ ගොඩක් අයට තිබෙන ගැටළු :

1 ) IQ විශ්වාස කරන්න පුළුවන් ආයතනයක්ද ?

IQ ඔප්ෂන් කියන්නේ යුරෝපා රටක් වන සයිප්‍රස්හි ලියාපදිංචි සහ එම රටේ නියාමනය වන ලොව පිළිගත් ආයතනයක් එම නිසා කිසිම ගැටළුවක් නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔබට ඕනෙම ගැටළුවක් තියෙනවනම් ඔවුන්ගේ සුහදශීලි පාරිභෝගික සේවය චැට්, ඊමේල් හෝ දුරකතනය මගින් සම්භන්ධ කරගන්න පුළුවන්.

2 ) පුහුණු ගිණුමේ සහ සත්‍ය ගිණුම් දෙකේම ට්‍රේඩ් කරන්න පුලුවන්ද ?

ඕනෙම ගිණුමකට ඕනෙම වෙලාවක මාරු වෙලා ගිණුම් දෙකේම ට්‍රේඩ් කරන්න පුළුවන්.

3 ) කොහොමද ට්‍රේඩින් වලදී සාර්ථක වෙන්නේ ?

ඉගෙනගැනීම, පුහුණුව සහ ඉවසීම තමයි සාර්ථකත්වය තීරණය කරන්නේ. ඒක නිසා හොදට අවබෝදයක් ලබාගන්න පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින්. ඉන්පසු ඔබට අවදානමක් ගත හැකි ඩොලර් 10 - 50 වගේ පොඩි ගානක් වගේ යොදවලා ( එක ට්‍රේඩ් එකකට ඩොලර් 1 - 5 වගේ යොදවමින් ) ට්‍රේඩ් කරන්න. මේ කුඩා ගිනුමේ සාර්ථක වූ පසු ක්‍රමානුකුලව ඔබට අවදානමක් ගත හැකි ඕනෙම මුදල් ප්‍රමානයක් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන්.

4) මම skrill හෝ neteller භාවිතා නොකර කාර්ඩ් එකෙන්ම මුදල් දැම්මට කමක් නැද්ද ?

කාර්ඩ් පතෙන් නැවත ගන්න පුළුවන් දාපු ගාන විතරයි. ඔයාට ලාභය කාර්ඩ් පතට ගන්න නම් බෑ ඒකට අනිවාර්යයෙන් ඉහත සදහන් ගිණුම් දීන් එකක් ඕන මිත්‍රයා ! ඒක නිසා කාර්ඩ් පතෙන් කෙලින්ම මුදල් IQ වෙත යොදවන්න එපා.

5) මම සත්‍ය තොරතුරුම දෙන්න ඕනද ගිනුම හැදීමේදී ?

ඔබ ලබාදෙන ලිපි ලේඛන වල තියෙන ආකාරයටම සත්‍ය තොරතුරු ලබාදෙන්න ඕන

6) මට ගිණුම් ඕන තරම් හදන්න පුලුවන්ද ?

ඔබට සත්‍ය ගිණුම් හදන්න පුළුවන් එකක් පමණයි.

7) ට්‍රේඩ් කරන්න පුළුවන් දින මොනාවද ?

සති අන්තයේ හැර සතියේ දින පහේම ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පුළුවන්

8) ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දාන්න එපාද ?

ට්‍රේඩින් කියන්නේ ඉහළ ලාභයක් ගත හැකි වගේම ඉහළ අවදානමක් තියෙන ට්‍රේඩින් ආයෝජනයක් එම නිසා කිසි විටක ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දැමීමෙන් වලකින්න. ඔබ හිතන්න ඕන ආයෝජකයෙක් විදියට !

9) මට ට්‍රේඩින් සාර්ථක කරගන්න අත්වැලක් විදියට භාවිතා කරන්න පුළුවන් මොනවද ?

ඔබ අනිවාර්යයෙන් candlestick, chart pattern, support / resistance වගේම Forex Money Management ගැන ලිපි ටික කියවන්න ඕන. ඒවගේම tradingview ගැන සදහන් ලිපි කීපයත් කියවන්න.

තවමත් ගැටළු තියෙනවනම් වෙබ් අඩවියේ කොමෙන්ටුවක් ලෙස සටහන් කරන්න හෝ ඊමේල් පණිවිඩයක් එවන්න ! 

ජයවේවා !  😎 

63 Comments

  • Akila says:

    Supiri waidak machan. Thanks

  • Pushpakumara says:

    Bohoma pin machan mewa gaina kiyala dena eka. Mulin mamath $60 wage loss wuna eeth dan monthly iwaseemen trade karala dollar 360 – 440 wage profit karanawa.

  • nuwan says:

    sthuthi obata mata prasnayaak thiyenawa..mqn mail kara.plz rply me

  • ishan says:

    niyamai Bitcoin gana aluth dewall thawa danna

  • pradeep says:

    api trade ekak daala,, eeka expirewena welaawak thiyenawada?nathnam apita curancy buy karala thiyagena awashya welawata sell karanna puluwanda

    • Prathilaba says:

      forex wala ehema nai. Onema welawaka sell karanna puluwan (yam widiyakin IQ forex waladi trade eka prathiwurudda disawata gihin, oya yodawapu ganata samana pip pramanayk rina giyot, trade eka loss wela close wenawa. Numuth anoth brokerla la ekka baladdi mai risk eka trade eken limit wenawa, numuth anith broker lage oya stop loss ekak yoda thiwune naithi wunoth, mulu balance ekama wunath loss wenna puluwa eka trade ekakin )

  • Eranda says:

    cash withdraw karanna minimum balance ekak thiyanawada?

  • Hasi says:

    Open demo account kiyana option eka pennanne nene giyata

    • Prathilaba says:

      demo saha live walata thiyenna eka ginuami ( trade karaddi ginum deka athara maru wenna puluwan). Wenath broker lage wage ginum godak hadanna ona nai. =D

      • Eron says:

        Do you conduct any classes?
        Would like to study.

        • Prathilaba says:

          All necessary information are in this site Eron. You can refer our Forex School section https://prathilaba.com/forex-school/

          • Madhu herath says:

            ඩෙබිට් කාඩ් වලින් skrill account එකට cash transfer කරගන්න බැනේ…

          • Prathilaba says:

            local bank card monawath waida nai. International bank card try karanna ehema naittan wiswasawantha kenekgen skrill/neteller dollar ganna ( ehema naittan oyage family kenek wena rataka innawanam, eyata kiyanna skrill/neteller ginumak hadanna kiyala. eken oyage skrill/neteller ginumata salli illaganna ).

  • Kuma says:

    Account eka RUB walin heduwoth paduwa adui… doler walin hadanna epa.. candle stik gena kiyanna pluwanda..

  • chathura says:

    sri lanka central bank all deposit visa or master card how deposit this site

  • Chalana nanayakkara says:

    මම ඊයෙ IQ option account 1ක් හැදුව. License 1t IQ valid කරනවා.

    • Prathilaba says:

      withdrawal waladi ganne nai. Mai broker denneagen kenek use karanna
      https://prathilaba.com/olymp-trade-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/
      https://prathilaba.com/binary-com-binary-options-broker-tutorial-in-sinhala-for-sri-lankans-by-prathilaba/

      • chalana nanayakkara says:

        IQ Forex වල Liver 200× ,500×, 1000× මේවා මගින් අවදානම වෙනස් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද.

  • chalana nanayakkara says:

    මම phone 1n IQ log වෙලා tread කරල take profit දාල data off කරල තිබුනත් මම දාපු tread 1e profit 1 ලැබුනොත් ඒක ඉබේම අපේ account 1t එකතු වෙනවද. අපි close නොකරොත් හරි Auto close නොදා හිටියොත් අපේ tread 1 expire වෙන්නෙ නැද්ද.

    • Prathilaba says:

      trade eka run wenawa. phone data adala wenne nai Chalana. Oyata demo eke mai haiam dema test karala balanna puluwan.

  • Madhu herath says:

    ඩෙබිට් කාඩ් වලින් skrill account එකට cash transfer කරගන්න බැනේ…

    • Prathilaba says:

      local bank card monawath waida nai. International bank card try karanna ehema naittan wiswasawantha kenekgen skrill/neteller dollar ganna ( ehema naittan oyage family kenek wena rataka innawanam, eyata kiyanna skrill/neteller ginumak hadanna kiyala. eken oyage skrill/neteller ginumata salli illaganna ).

  • Ruchira says:

    Tnx aiya
    Godak

  • kaveesha says:

    api kohomda hithanne next minute eke call or put da kiyla?

  • Amith says:

    Sirv
    Iq opinion aken සල්ලි ganne කොහොමද .aakata ape photo ahema yawann oonada.nethuwa dinapu සල්ලි gann berida

  • Charitha says:

    Expert option hodid aiya

  • Charitha says:

    Expert option hodid aiya ..plz kiynnko mt eka patn gnn.dimo eke purudu una mn.eketh skrill ekt prshnyk nthiw salli gnn puluwan ned lankawata.

  • Rizwan says:

    iq ekta deposite krnna skrill nttm netler onemda ?
    Kelinma card eken deposit krnna puluwnda

  • asanka says:

    lankawe me account suport da

    • Prathilaba says:

      oyata pawichchi karanna puluwan kisima prashnayak nai. ewallet ekak haraha mudal yodawanna saha ganna Asanka

  • madu says:

    Skrill ekata lankawe indala salli deposit karanna beneee.eth debit or credit card ekk link kiriima aniwaryenma karanna oonada skrill account eka hadanakota? Ewa valid nethi nisa account eka verify karanna prashnyk wenawa ned?

    • Prathilaba says:

      card ekak yodawannama ona nai. Oyata wena kenekgen dollar illaganan puluwan. ( debit card nan kohomat waida nai dan)

  • Osandawijewantha says:

    පට්ටම ගොඩක් හොඳ ලිපියක්

  • vinoj says:

    skrill ekata salli daganna ba neda dan.lankawe ain karalalu neda man try kara skrill ekata salli daganna

  • tharindu says:

    iq ekata bank ek haraha money deposit kalata eka succes wenne nette ai?

  • chatura says:

    NETELLER walatath mony in karanna barida local debit card walin.hnb wage bank ekakin

    • Prathilaba says:

      local card walin deposit bai Chatura. Mai lipiye widiyata karanna
      https://prathilaba.com/how-to-deposit-money/

  • uddhika naanajith says:

    ctrader demo account eke oder place karanna bene. insufficient credit kiyala enawane.

  • Shiran vaas says:

    Meka download karanna bane demo ekata giyata..

  • bandara says:

    forex krnwanm wadathma awadanama adu forex eka brokers mokkda.api wage ayata start krnna mulinma.tika dawasak yanakam.iq da, icmarket da,nethnam wena ekakkda.

    • Prathilaba says:

      forex wage karanna nam oyata mai list eke thiyena onema broker kenek use karanna puluwan https://prathilaba.com/recommended-forex-brokers-in-sinhala-for-sri-lankans/

  • bandara says:

    mulinma start krna kenkuta mona forex eka da hoda krnna,iq da icmarket da,nethnm wena ekakda

  • S. Methshala says:

    real account ekata doller danna bane bank card eken..bang karala kiyanwa maha bankuwen…kohomada daganne…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.

© 2023 Prathilaba.com

Privacy and Cookie Policy | Non Disclaimer