1. Tickmillහි Live ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද ?
ටික්මිල් කියන්නේ ලොව පිළිගත් එක්සත් රාජධානියේ සිට සේවා සපයන විශ්වසනීය නියාමනය වන ලියාපදිංචි බ්‍රෝකර් ආයතනයක්.
ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
ඉන්පසු ඔබට tickmill වෙබ් අඩවියේ ප්‍රධාන පිටුව පහත ආකාරයට දිස්වේවි. දැන් මෙහි තියෙන "Create Account " බට්ටන් එක වෙත පිවිසෙන්න live ගිණුමක් කිරීම සදහා. ( නොමිලේ ඩෙමෝ ගිණුමක් අවශ්‍යයි නම් Try Demo Account පාවිච්චි කරන්න ) .
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වෙනවා.
දැන් ඔබ " FSA of Seychelles " කියන ටැබ් එක තෝරාගන්න ( හේතුව ඔබ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නම් විතරයි ඔබට FCA of United Kingdom කියන එක තෝරාගන්න පුළුවන් )
මෙහි තියෙන form එක ඔබේ සත්‍ය තොරතුරු යොදවලා පුරුවන්න.
Client Type ලෙස " Individual "
Title එකට " Mr " ( පිරිමි ) / Mrs ( කාන්තා )
Country of Residence ලෙස " Sri Lanka"
First Name ලෙස ඔබේ නමේ මුල් කොටස ( නම් කීපයක් තියෙනවනම් මුල් අකුරු ටික දාන්න මේකට )
Last Name ලෙස වාසගම / නමේ අන්තිම කොටස
Date of Birth එකේ ඔබේ උපන් දිනය, මාසය සහ වසර සදහන් කරන්න
Phone එකට ඔයාගේ දුරකථන අංකය යොදවන්න +94 සමග ඉතුරු ටික
E-mail සහ Confirm E-mail එකට ඔයාගේ ඊමේල් ලිපිනය යොදවන්න
ඉන්පසු " I declare that I have carefully read and fully understood the entire text of the Privacy Policy, which I fully understand, accept and agree with." කියලා තියෙන එක ඉදිරියේ ඇති කොටුවේ හරි ලකුණක් යොදවලා " Proceed to step 2 " කියන ලින්ක් එක වෙත යන්න.
දැන් පහත ආකාරයේ තවත් ෆෝම් එකක් දිස්වේවි.
State/Region එකට ඔයා ඉන්න පළාත යොදවන්න ( eg : බස්නාහිර පළාතේ නම් Western Province හරි WP කියලා හරි යොදවන්න )
City එකට ඉන්න නගරයේ නම් යොදවන්න
Street, House, Apt එකට ඔයාගේ ලිපිනය ඇතුලත් කරන්න
ZIP Code එකට ඔයා ඉන්න ප්‍රදේශයට අයත් පෝස්ටල් කෝඩ් එක යොදවන්න පුළුවන් ( http://www.geonames.org/postalcode-search.html?q=&country=LK වෙබ් අඩවියට ගිහින් code එක ලබාගන්න. එහෙම නැත්තම් ගූගල් එකේ හොයාගන්න පුළුවන්. eg Nugegoda postal code කියලා සදහන් කරා නම් 10250 ලෙස පොස්ටල් කෝඩ් එක පෙන්වනවා )
Are you a US Citizen for tax purposes ? එකට " No " ලෙස යොදවන්න.
Level of Education එකෙන් අහන්නේ ඔයාට තියෙන උපරිම අධ්‍යාපනික සුදුසුකම් ගැන. " High School", " Bachelor's Degree", " Master's degree" වගේ එකක් යොදවන්න.
I am Employed එකෙන් අහන්නේ ඔබ අදායමක් උපයන කෙනෙක්ද කියන එක. ඒකට "Yes" යොදවන්න. Yes දැම්මොත් තව field එකක් දිස්වේවි. එකේ "Nature of Business" එකට ඔබ රැකියාව / වියාපාරය කරන ශේෂ්ත්‍රය යොදවන්න.
The Source of Funding එකෙන් අහන්නේ ඔයා ඉස්සරහට ට්‍රේඩින් ගිණුමට මුදල් දානවනම් කොහෙන්ද සල්ලි ලැබෙන්නේ කියලා තමයි අහන්නේ. ඒකට "Salary " හරි "savings " හරි යොදන්න.
Gross Annual Income එකෙන් අහන්නේ ඔයාගේ වාර්ෂික ආදයම. මේකට 1000 - 5000 හරි 5000 - 250000 හරි ලිස්ට් එකෙන් තෝරාගන්න.
Total Net Worth එකටත් 1000 - 5000 හරි 5000 - 250000 හරි ලිස්ට් එකෙන් තෝරාගන්න.
Trading Objectives එකට "income" කියලා දාගන්න පුළුවන්.
Trading Knowledge & Experience යටතේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවනේ. ඉතින් මේ ටිකට "yes" කියලා හරි "no" කියලා හරි තෝරාගන්න. "yes" දැම්මහම ඔයාට තව field කීපයක්ම පෙන්වාවී පහත ආකාරයට. ඉතින් කැමති විදියකට හරි පහත field වලට දාල තියෙන විස්තරයම දාලා පුරුවන්න පුළුවන්.
IB Code එක ලෙස දැනට පෙන්වන එකම එහෙමම තියාගන්න
Password සහ Confirm Password වලට මතක තියාගන්න පුළුවන් මුරපදයක් යොදවාගන්න ( අනිවාර්යයෙන් මුරපදය අංක, කැපිටල් සහ සිම්පල් letters තියෙන අකුරු 8ක් හෝ ඊට වැඩි විය යුතුයි එහෙම නැත්තම් ඔයාට " Use at least 8 characters. Must contain numbers, lowercase and uppercase letter" කියන error එක එන්න පුළුවන් )
)
ඉන්පසු අන්තිමට තියෙන කොටු ( tickbox ) දෙකටත් හරි ලකුණක් යොදවලා ඉන්පසු තියෙන " Open Account " වෙත පිවිසෙන්න.යම් විදියකින් errors පෙන්වුවොත් ඒවා නිවැරදි කරලා නැවත "Open Account" තෝරන්න.
ඔයා හරියට තොරතුරු ටික ඇතුලත් කරා නම් ටික වෙලාවකින් පහත ආකාරයේ පණිවිඩයක් ඊළගට දිස්වේවි.
දැන් ඔබේ ඊමේල් ගිණුමට යන්න. ඔවුන් පහත ආකාරයේ ඊමේල් පණිවිඩයක් එවලා ඇති ලින්ක් එකක් එක්ක ( සමහර වෙලාවට inbox එකේ තිවුනේ නැතිවුනොත් ස්පෑම් ෆෝල්ඩර් එකේ බලන්න ). එම ලින්ක් එක වෙත පිවිසෙන්න.
දැන් ඔබට පහත ආකාරයේ dashboard එකක් දිස්වේවි !
මේක තමයි Tickmill වල ඔයාට තියෙන ප්‍රධාන ගිණුම. මේ ගිණුම හරහා අපිට පුළුවන් live ගිණුම් ඕනේ තරමක් විවෘත කරගන්න. නුමුත් ඔක්කොටම ඉස්සෙල්ලා verify කරගන්න ඕන වෙනවා.
ඉතින් "Upload Documents" කියන ලින්ක් එකට දැන් යන්න .
Identification කියන කොටසෙන් පැහැදිලි Passport , National ID ( ඉංග්‍රීසි ) හෝ Driving License එකක scan කොපි එකක් upload කරන්න.
Proof of address කියන එකට ඔයාගේ ලිපිනය තහවුරු කළහැකි බිල්පතක scan කොපි එකක් upload කරන්න.
ඉන්පසු " Submit for review " තෝරන්න. දවස් දෙක තුනකින් විතර ඔවුන් approve කරා කියලා ඊමේල් පණිවිඩයක් එවාවි. යම් විදියකින් approve වුනේ නැතිවුනොත් . ඔවුන් ගැටළු සදහන් කරලා එවාවි. ඉතින් ඒවා නිවැරදි කරලා ( ගොඩක් වෙලාවට පැහැදිලි නැතිවුනහම තමයි මේ ගැටළු වෙන්නේ ) නැවත upload කරන්න.
ඉන්පසු " Open Account " කොලපාට බට්ටන් ( පෙන්වන්නේ නැත්තම් Traders Room වෙත පිවිසෙන්න ) වෙත යන්න. මේකෙන් තමයි අපි ට්‍රේඩ් කරන ගිණුම ආරම්භ කරන්නේ.
පහත ආකාරයට තොරතුරු ටික තෝරාගන්න
Account type : Pro කියන ගිණුම් වර්ගය තෝරාගන්න
Currency : USD හෝ EUR තෝරාගන්න
Leverage : 1:500 ලෙස තෝරාගන්න
"Open Account" වෙත පිවිසෙන්න. ගිණුම සාර්ථක ලෙස ස්ථාපනය වුණා නම් ඔයාට පහත ආකාරයට පණිවිඩයක් දිස්වේවි.
ඒවගේම ඔබේ ඊමේල් ගිණුමට ට්‍රේඩින් කරන මෘදුකාංගයට පිවිසෙන්න අවශ්‍ය වන Account number, Trading password, MT4 Server විස්තර ඇතුලත් පහත ආකාරයේ ඊමේල් පණිවිඩයක් ලැබේවි.
2. Tickmillහි Live ගිණුමට මුදල් යොදවන්නේ සහ ගන්නේ කෙසේද ?
ගිණුමේ විස්තර සදහන් වන පිටුවේ තියෙන " Deposit " ලින්ක් එක වෙත පිවිසෙන්න. ඔයාට පහත ආකාරයේ ලිස්ට් එකක් පෙන්වාවි.
3. Tickmillහි ට්‍රේඩ් කරන්නේ කොහොමද ?
ඔයාට Web Trader එක භාවිතා කරලා ට්‍රේඩින් ගිණුමට පිවිසෙන්න පුළුවන් මෙතැනින්
එහෙම නැත්තම් MT4 මෘදුකාංගය ( වඩාත් සුදුසුයි ) භාගත කරගැනීම සදහා ටික්මිල් වෙබ් අඩවියේ " Trading Platforms " ලින්ක් එක වෙත යන්න. ටිකක් පහලට වෙන්න ඔයාට පහත ආකාරයේ කොටසක් දිස්වේවි.
වින්ඩෝස් පරිගණකයක් නම් භාවිතා කරන්නේ " Windows" තෝරාගන්න.
මැක් පරිගණකයක් "OS X" තෝරාගන්න.
ඒවගේම ස්මාර්ට් ෆෝන් එකෙනුත් "Android" හෝ "iOS" භාවිතා කරමින් ගිණුමට පිවිසෙන්න පුළුවන්.
ඉන්පසු Meta Trader 4 Tutorial ලිපියට අනුව ඔයාට ට්‍රේඩ් දැමීම කරන්න පුළුවන්.
ඔයාට MT4 එක භාවිතා කරන්න අපහසුයි වගේනම් හොදම දේ ctrader මෘදුකාංගය ලබාදෙන ICmarket , Pepperstone හෝ Roboforex Forex Broker ආයතනයක ට්‍රේඩ් කිරීම ( මොකද ctrader එකේ සියලුම පීප් ගණනය කිරීම්, ලාභය සහ අවදානම ගැන විස්තර ස්වයන්ක්‍රීයවම ගණනය කරලා පෙන්වන නිසා )
RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK
English Article : Tickmill Forex Account Creation Tutorial in English
Related Posts:
- ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස්…
- Gate.io P2P Trading: Unlocking Buying Crypto in Sri Lanka
- Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
- Forex Trading in Sri Lanka : Exploring the Opportunities and Top Forex Brokers
- Fusion Markets: The Lowest Deposit Australian Forex Broker For Asia -…
- Binance P2P Trading: A Convenient and Secure Way to Buy Cryptocurrency…
- Deriv Forex Broker: A Reliable Choice for Forex Trading in Sri Lanka
- Unleashing the Potential of Forex Trading with Olymp Trade Broker
- ExpertOption Forex Trading Broker: Empowering Traders in the Forex Market
- Exploring Lucrative Online Work from Home Opportunities in Sri Lanka:…
- Deriv P2P: A Revolutionary Platform for Forex Trading in Sri Lanka
- Inverse of Head and Shoulders Trading Chart Pattern - Exploring Forex…
imesh
says:Dear sir,
I am going to deposit 500 USD and can I trade with volume 1 ?
Thank you
Prathilaba
says:Before choosing a margin level. Please kindly trade in demo version (practice account) with similar settings. Once you are successful in demo, then move to live trading mate.
Akila Vimukthi
says:sir proof address eka verify kraganna mn BOC eke bank statement eka send kara. eka approved une nha.sworn translator document ekak hariyaida sir eke address eka tiyna nisa ..mge namata bill enne naha
Prathilaba
says:certify karala danna. ethakota ganiwi Akila
anushka fernando
says:මචං welcome account එකක් ඕපන් කලා. ඒ account එකත් verify කරන්න ඕනෙද?
Prathilaba
says:free eka ona nai live eka verify karaganna Anushka
Isuru
says:To be able to withdraw those profits though you need to first open at least 5 round trades of 0.1 Standard lots or 10 Micro lots.”
Mchn meka saralawama therum karala depanko plwnnam nam loki udawwak mchn.
Prathilaba
says:bonus salli walin profit withdraw karanna thiyena limit eka
Darshana
says:Doccoment wala scan copyyak wenuwata pahadili photo ekak upload karata gataluwak nadda
Prathilaba
says:ow ehema karanna puluwan
Darshana
says:Tickmill account eka verify karanne kohomada
Prasanga Sanjeewa
says:Tickmill country list eke sri lanka kiyala naane.
Prathilaba
says:Client area registration page eke deweni tab eka thoraganna ( SA of Seychelles kiyana eka Sanjeewa)