You can learn about the basics of Japanese candlesticks patterns such as Marubozu, Spinning Top, Doji, Hammer, Inverted Hammer, Hanging Man, Shooting Star, Tweezer Tops, Tweezer Bottoms, Engulfing, Harami, Morning Star, Evening Star, Three Inside Up, Three Inside Down, Three White Soldiers, Three Black CrowsCandlestick patterns in Sinhala which would benefit you when your doing forex & binary options trading using Olymptrade, ICMarkets or any popular broker's trading platform.
ඈත අතීතයේ ජපන්නු සහල් වෙළදාම් කරද්දී මේ කියන කෑන්ඩල් පාවිච්චි කරා. ඉතින් එවකට හිටපු ස්ටීව් නයිසන් ( Steve Nison ) කියන මහත්මයේක් මේක පාවිච්චි කරපු ජපන් බ්‍රෝකර් කෙනෙක් ගෙන් මේ ක්‍රමේ හොයාගත්තේ . ඊට පස්සේ ඒ මහත්මයා මේ ගැන වැඩි දුර පරීක්ෂණ කරලා තමා ලෝකෙට කිව්වේ මේක තියෙන වටිනා කම trade කරද්දී. ස්ටීව් නයිසන් මහත්මයා නොහිටින්න ඉතින් සමහරවිට මේ ක්‍රමේ වැළලිලා යන්නත් තිවුනා. ඔන්න ඒ මහත්තයට පින් දෙන්න අමතක කරන්න එපා යාලුවනේ !
ජපන්කෑන්ඩල්ස්ටික් බුලිෂ් ( bullish ) සහ බෙරිෂ් ( bearish ) ලෙස තමා ඔබට චර්ට් එකක පෙන්නනේ. ඔබට තේරෙන විදියට කිව්වොත් බොහොමයක් බ්රෝකර්ලගේ වැඩිවීමකදී පෙන්නනේ green/white candlestick ( bullish ). අඩුවීමක්දී පෙන්නනේ red/black candlestick ( bearish ). මේවයේ ශරීරයක් ( body ) සහ හෙවනැල්ලකින් ( shadow ) සමන්විතයි. සාමාන්‍යයෙන් body එක ගොඩක් දිගට තියෙනවනන් පොඩි shadow එකක් එක්ක හරි කිසිම shadow එකක් නැත්තම්. ඒක හොද strong candle එකක්.
ජපන් කෑන්ඩල්ස්ටික් ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්
මේ කෑන්ඩල්ස්ටික් තනි තනි වශයෙන් තමා අදුරගන්න පුළුවන්.
Green/White Marubozu කෑන්ඩල්ස්ටික් එක මගින් නිරුපනය කරන්නේ වැඩිවීමක්. ගොඩක් වෙලාවට ඔයාට මේක දැකගන්න පුළුවන් uptrend එකකදී. අර ඉස්සෙලා මම කිව්වා වගේ මේවයේ හෙවන්නල්ල ඇත්තෙම නෑ එක්කෝ පොඩි හෙවන්නල්ලක් තමා තියෙන්නේ. Red/Black Marubozu කෑන්ඩල්ස්ටික් එක මගින් නිරුපනය කරන්නේ අඩුවීමක්. ගොඩක් වෙලාවට downtrend එකකදී මේක දැකගන්න පුළුවන්. range market එකකදී ගොඩක් වෙලාවට මේවා කවලමේ තමයි පෙන්නනේ මොකද trend ඒවා strong නැති නිසා.
Green/White Marubozu
Result - Uptrend
Red/Black Marubozu
Result - Downtrend
මේක neutral candle ( අදහස් කරේ අඩු වැඩි වීමක් පෙන්නනේ නැති නිසා ) එකක්. මේකෙන් අපිට දැනගන්න පුළුවන් මාර්කට් එක වැඩිය වෙනස් වෙන්නේ නැති තත්වෙකට එමින් තියෙන්නේ buyersලා සහ sellarsලා එක සමාන මට්ටමකට අවහම ( trend එකක් ඉවර වෙන්න කිට්ටු වෙනකොට ) හරි ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්න හදන්නේ කියලා. ට්‍රෙන්ඩ් එකක් වෙනස් වෙනවනං අනිවාර්යයෙන් මේකට පස්සේ strong bullish හරි bearish හරි candle 2ක් 3ක් වත් පෙන්නන කන් ඉන්න ඕන. Spinning top එක දිගට තියෙන මාර්කට් වල trade කරන්න එපා මොකද ඒවායේ ඇහැට පේන අඩු වැඩි වීමක් නැතිනිසා ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්.
trend එකක් එහෙමත් නැත්තම් trend reversal එකක් අදුරගන්න ගොඩක් වෙලාවට මේක උපකාරී වෙනවා. ඉතින් මේක ඉතා වටිනා ලිපියක් වෙනවාට සැකයක් නෑ ඔබ trade කරද්දී. =) මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අමතක කරන්න එපා.
Result - neutral, possible indication for uptrend/downtrend soon
මේකයි ඉස්සෙල්ලා එකයි එකමද කියලත් හිතෙන්නේ පුළුවන් නේද. මේ candle එකේ බොඩි එක හරියට ඉදිකට්ටක් වගේ තුනී.එහෙමත් නැත්තන් තුනී line දෙක තුනකට වඩා ඝන නෑ. මේකත් neutral. මේකත් ඉතින් සාමාන්‍යයෙන් trend එකක් ඉවර වෙන්න කිට්ටු වෙනකොට සහ අලුත් ට්‍රෙන්ඩ් එකකට breakout සිග්නල් එකක් වගේ තමා මේකෙත් දෙන්නේ. මේක candle වර්ග කීපයක් තියෙනවා ඉහල පින්තුරේ තියෙන විදියේ.
Result - neutral, possible indication for uptrend/downtrend soon
මේක නිකන් මිටියක් වගේ නිසා තමා මේකට මේ නම වැටිලා තියෙන්නේ. මේකේ පාට එච්චර ප්‍රශනයක් නෙමේ. මේ වගේ candle එකක් downtrend එකකට පස්සේ ඇතිවෙලා ඊට පස්සේ ස්ට්‍රොන්ග් green/white marubozu candle 2ක්-3ක් වගේ පෙන්නුවහම හොද uptrend එකක් පටන් ගන්න යන්නේ කියලා සිග්නල් එකක් තමා දෙන්නේ.
Hammer ( Downtrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක පහලට තියෙන්නේ. උඩ පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.
Inverted hammer ( Downtrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක ඉහලට තියෙන්නේ. පහල පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.
Result - uptrend
මේක ඉස්සෙල්ල දෙකේ ඇත්තටම අනිත් පැත්ත. මේක uptrend එකක් ඉවර වෙලා ඇතිවෙනවා කියන්නේ downtrend එකක් පටන් ගන්න සිග්නල් එකක් කියලා. downtrend එකක් කියලා වැඩි අවබෝදයක් ගන්න ඉතින් ඉස්සෙල්ලා වගේම හොද strong bearish marubozu දෙකක් වත් මේකට පස්සේ නිරුපනය වෙනකන් ඉන්න වෙනවා..
Hanging Man ( Uptrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක පහලට තියෙන්නේ. උඩ පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.
Shooting Star ( Uptrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක ඉහලට තියෙන්නේ. පහල පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.
Result - downtrend
මේවා ඉතින් දෙක දෙක ඇති වුනොත් තමයි trend reversal එකක් වෙන්න පුළුවන්.
මේ වගේ pattern එකක් ඇති වෙන්නේ දීර්ග uptrend එකකට පස්සේ. පළමු tweezer candle එක bullish (white/green) වෙන්න ඕන. දෙවැනි එක bearish (red /black) වෙන්න ඕන. මේ දෙකේම සෙවනැල්ල එක සමාන වෙන්න ඕන හොද effective trend reversal එකකට කියන එකත් අමතක කරන්න එපා යාලුවනේ.
Result - Downtrend
මේ වගේ candlestick pattern එකක් ඇති වෙන්නේ දීර්ග down trend එකකට පස්සේ. පළමු tweezer candle එක bearish (red /black) වෙන්න ඕන. දෙවැනි එක bullish (white/green) වෙන්න ඕන. මේ දෙකේම සෙවනැල්ල එක සමාන වෙන්න ඕන ඉස්සෙල්ල වගේම හොද effective trend reversal එකකට .
Result - Uptrend
මේක ඇතිවෙන්න downtrend එකකට පස්සේ. මෙතන වෙන්නේ downtrend එකේ candle එක ඊළගට ඇතිවෙන bullish candle එකකින් එහි body එක සම්පුර්ණයෙන් ආවරණය කිරීම. අනිත් මතක තියාගන්න ඕන කරුණු දෙක තමයි. bullish candle එක ටිකක් පල්ලෙහට යන්නත් ඕන පලමු එකට වඩා.ඒවගේම bullish candle එක bearish candle එක ආවරණය කළා වගේම ඒකට වඩා ඉහලින් ඉවර වෙන්නත් ඕන.
Result - Uptrend
මේක ඇතිවෙන්න uptrend එකකට පස්සේ. මෙතන වෙන්නේ uptrend එකේ candle එක ඊළගට ඇතිවෙන bearish candle එකකින් එහි body එක සම්පුර්ණයෙන් ආවරණය කිරීම. අනිත් මතක තියාගන්න ඕන කරුණු දෙක තමයි. bearish candle එක ටිකක් පල්ලෙහට යන්නත් ඕන පලමු එකට වඩා.ඒවගේම bearish candle එක bullish candle එක ආවරණය කළා වගේම ඒකට වඩා ඉහලින් ඉවර වෙන්නත් ඕන.
Result - Downtrend
මේකේ වෙන්නේ downtrend එකක් අවසානයේ තියෙන bearish candle එක ඊළගට තියෙන bullish candle එක ආවරණය වීම. ඉස්සෙල්ල දෙකේ වගේම මේකෙත් පල්ලෙහට ටිකක් ගිහින් තියෙන්නේ ඕන bearish candle එකේ (පළමු candle එකේ).
Result - Uptrend
මේකේ වෙන්නේ uptrend එකක් අවසානයේ තියෙන bullish candle එක ඊළගට තියෙන bearish candle එක ආවරණය වීම. ඉස්සෙල්ල දෙකේ වගේම මේකෙත් පල්ලෙහට ටිකක් ගිහින් තියෙන්නේ ඕන bullish candle එකේ (පළමු candle එකේ).
Result - Downtrend
මේවා ඉතින් තුන තුන ඇති වුනොත් තමයි trend reversal එකක් වෙන්න පුළුවන්.
මේකේ වෙන්නේ downtrend එකක් අවසානයේ තියෙන bearish candle එකට පස්සේ කුඩා body එකක් තියෙන candle එකක් ඇතිවෙනවා. ඒක bearish /bullish වුනාට කමක් නෑ (මේක ගොඩක් වෙලාවට spinning top හරි doji හරි candle එකක්. නැත්තන් කුඩා bearish/bullish candle එකක්). ඉන්පසු body එක ලොකුවට තියෙන bullish candle එකක් ඇතිවෙනවා ( සාමාන්‍යයෙන් මේක downtrend එකේ අවසානයට ඇතිවුන ලොකු bearish candle එකෙන් බාගෙකට වඩා වැඩි වෙන්න ඕන ). දැන් මේ රටාව reversal uptrend point එකක් විදියට නැවත සනාථ කරගන්න පුළුවන් ඊළගට ඇතිවෙන විශාල bullish candle එකෙන්.
Result - Uptrend
මේකේ වෙන්නේ uptrend එකක් අවසානයේ තියෙන bullish candle එකට පස්සේ කුඩා body එකක් තියෙන candle එකක් ඇතිවෙනවා. ඒක bearish /bullish වුනාට කමක් නෑ (මේක ගොඩක් වෙලාවට spinning top හරි doji හරි candle එකක්. නැත්තන් කුඩා bearish/bullish candle එකක්). ඉන්පසු body එක ලොකුවට තියෙන bearish candle එකක් ඇතිවෙනවා ( සාමාන්‍යයෙන් මේක uptrend එකේ අවසානයට ඇතිවුන ලොකු bullish candle එකෙන් බාගෙකට වඩා වැඩි වෙන්න ඕන ). දැන් මේ රටාව reversal downtrend point එකක් විදියට නැවත සනාථ කරගන්න පුළුවන් ඊළගට ඇතිවෙන විශාල bearish candle එකෙන්.
Result - Downtrend
Downtrend එකක් අවසානයේ ඇතිවෙන bearish candle එකකින් පස්සේ. සාමාන්‍ය ප්‍රමාණයේ candle එකක් ඇතිවෙන්න ඕන. හැබැයි එක අවසන් වෙන්න ඕන bearish candle එකේ බාගෙකට වඩා ඉහලින්. ඊළගට ඇතිවෙන bullish candle එක නන් ඉවර වෙන්න ඕන පළමු bearish candle එකට උඩින්.
Result - Uptrend
Uptrend එකක් අවසානයේ ඇතිවෙන bullish candle එකකින් පස්සේ. සාමාන්‍ය ප්‍රමාණයේ candle එකක් ඇතිවෙන්න ඕන. හැබැයි එක අවසන් වෙන්න ඕන bullish candle එකේ බාගෙකට වඩා පහලින් . ඊළගට ඇතිවෙන bearish candle එක නන් ඉවර වෙන්න ඕන පළමු bullish candle එකට වඩා පහලින්.
Result - Downtrend
Downtrend එකක් ඉවර වෙලා ඊළගට හොද bullish candle තුනක් ඇතිවෙන්න ඕන. මෙතන වැඩියෙන් අවදානය යොමු කරන්න ඕන දෙවෙනි සහ තුන්වෙනි candle පටන් ගන්න තැන ගැන. එම candle හැම විටම ආරම්භ වෙන්න ඕන ඊට ප්‍රථම එකේ අවසානයට පෙර (රුප රාමුව බලන්න. මොකක්ද කිව්වේ කියලා තේරෙයි !)
Result - Uptrend
මේ ඉතින් ඉස්සෙල්ලා කිව්වා එකේ අනිත් පැත්ත. uptrend එකක් ඉවර වෙලා හොද bearish candle තුනක් ඇතිවුනහම හරි. ඉස්සෙල්ලා වගේම ඉතින් දෙවෙනි තුන්වෙනි candle ආරම්භ වෙන්න ඕන ඊට ප්‍රථම තියෙන candle එකේ අවසානයට පෙර..
Result - Downtrend
දැන් ඉතින් තියෙන්නේ මේ ටික හොදට මතක තියාගෙන Forex / Binary Options Trading chart වලදී අදුරගන්න එක. ඒවගේම සමහර වෙලාවට මේ විදියම තියෙන්න ඕනෙම නෑ නුමුත් කිට්ටුවෙන් යන pattern වුනත් match වෙනවා. අනිත් මතක තියාගන්න ඕන දේ තමයි සමහර downtrend /uptrend ඇත්තටම සුළු වෙලාවයි තියෙන්නේ ඉතින් ඒවා මගහරවා ගන්න එක ඉතින් indicators සහ trading පළපුරුද්ද මත තමා රදා පවතින්නේ. අන්න එනිසයි ඔබ උත්සහ කල යුත්තේ minimum 60% trade ප්‍රමාණයක් දවසට සාර්ථක කරගන්න 80% දෙන trade වලින් ( බයිනරි වලදී ). කලබල නැතුව බයිනරි කරනවනම් Binary Options money management techniques පාවිච්චි කරන්න අනිවාර්යයෙන් 70%-90% සාර්ථක කරගන්න පුළුවන්. ෆොරෙක්ස් කරනවානම් Forex Money management techniques පාවිච්චි කරන්න අනිවාර්යයෙන් 70%-90% සාර්ථක කරගන්න පුළුවන්.
ඔබට ජය !
Prathilaba January 29th, 2017
Posted In:
Tags: bearish, binary, binary option, binary options in sinhala, bullish, Doji, Engulfing, Evening Star, forex, forex candlestick patterns, Hammer, Hanging Man, Harami, icmarkets, Inverted Hammer, Japanese candlesticks, Marubozu, Morning Star, Shooting Star, sinhala tutorials, Spinning Top, Three Black Crows, Three Inside Down, Three Inside Up, Three White Soldiers, Tweezer Bottoms, Tweezer Tops
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com