Olymp Trade Tutorial in Sinhala. Olymptrade Binary Options Broker is one of the highly respected and regulated binary option brokers. Though it has limited number of currency pairs compared to other brokers, it has one one of the modern high speed web trading platforms, fast withdrawals and expiry times ranging from 1min to 12hr ( Fixed times )
ඔලිම්ප් ට්‍රේඩ් බයිනරි ඔප්ෂන් බ්‍රෝකර් කියන්නේ නියාමනය වන ඉහල පිළිගැනීමක් තිබෙන බ්‍රෝකර් ආයතනයක්. මෙහි මුදල් යුගල ප්‍රමාණය සාපේක්ෂව අඩු වුවත් ඉතාම ඉක්මනින් මුදල් ගෙවීම , වෙබ් ට්‍රේඩින් ප්ලට්ෆොර්ම් එක ඉතා වේගවත් වීම සහ 1min - 12hr දක්වා expiry time තියෙනවා.
කිසිම මුදලක් යොදවන්නේ නැතුව පුහුණු ගිණුම නොමිලේ ආරම්භ කරන්න පුළුවන් ( මුදල් යොදවන විදිය ලිපියේ පහල සදහන් වෙනවා ). නොමිලේ ලියාපදිංචි වීමට පහත ලින්ක් එක වෙත යන්න.
ඔබ වෙබ් අඩවියට පිවිසුන පසු "Start Trading" ලෙස සදහන් ලින්ක් එක වෙත පිවිසෙන්න
ඔබට ලැබෙන popup window එකෙන් "Registration" ටැබ් එක තෝරාගන්න.
ඉන්පසු ලැබෙන popup window එකේ ඔබේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය, මුරපදයක් සහ "Your Currency" ලෙස "Dollar" තෝරාගන්න. ඉන්පසු "I am of legal age and I have read and agreed to the service agreement" කියන එක ඉස්සරහින් හරි ලකුණක් යොදවන්න. "Register" කියන ලින්ක් එක වෙත පිවිසෙන්න.
ඊමේල් ගිණුම තහවුරු කරන්න කියලා ඔයාට ඊමේල් පණිවිඩයකුත් ලැබෙනවා. එහි තිබෙන ලින්ක් එක මගින් ඔබේ ඊමේල් ගිණුමත් තහවුරු කරගන්න. ලියාපදිංචිය දැන් හරි !
ඔබ සාර්ථක ලෙස ලියාපදිංචි වූ පසු පහත ආකාරයට සමාන window එකක් ලැබෙනවා. අපි බලමු මේකේ අපිට ප්‍රොයෝජනවත් වන දේවල් මොනවද සහ කොහොමද ට්‍රේඩ් කරන්නේ කියන එක .
මේක තමයි ප්‍රධාන මෙනු බාර් එක.මෙහි ඔබේ ගිණුමට අදාල තොරතුරු ඒවගේම deposit, withdraw, transactions, trades, profile, quotes, trading platform, education, contests, analytics, About company, regulation, language switch, logout button, theme changer, sound on/off සදහන් වෙනවා ( logout ලින්ක් එක තියෙන්නේ පහළ දකුනු කොනට වෙන්න )
මේ + ධන ලකුණු තියෙන තැනින් තමයි ඔයාට මුදල් යුගල හෝ ක්‍රිප්ටෝ මුදල් යුගල තෝරාගන්න තියෙන්නේ ( සාමාන්‍ය මුදල් එකක සතියේ දවස් වල විතරයි ට්‍රේඩ් කරන්න පුළුවන් නුමුත් ක්‍රිප්ටෝ සති අන්තයේත් පුළුවන් ). ඔයාට ඕනෙම තරමක් මුදල් යුගල හෝ ක්‍රිප්ටෝ මුදල් යුගලයක් මෙම ලින්ක් එකෙන් තෝරාගන්න පුළුවන් ( චර්ට් ඒවා close කරගන්න පුළුවන් x ලකුණෙන් )
මෙතනින් ඔයාට පුළුවන් Area Chart ( මේක තමයි ගිණුම පටන් ගනිද්දී තියෙන්නේ ), Japanese Candlstick ( මේක තමා වඩාත් සුදුසු ) හෝ Heiken Ashi චර්ට් වර්ගයක් තෝරාගන්න.
Technical Analysis වලට මේක නම් නියමයි. ( ctrader එකේ වගේ ගොඩක් දුරට ). ඔයා මේක තොරගත්තහම චර්ට් එකක් එක්ක වෙනම window එකක් විවෘත වෙනවා . වම් පැත්තේ කොළ පාටින් ලකුණු කරලා තියෙන කොටසේ ඔයාට අවශ්‍ය සියලුම ඉරි සහ හැඩතල තියෙනවා. ( මෙහි තිබෙන x එකෙන් ඔයාට එකතු කරපු ඕනෙම එකක් ඉවත් කරන්න පුළුවන් )
මෙතනින් ඔයාට පුළුවන් ප්‍රධාන indicators ඕනෙම එකක් තෝරාගෙන ඔබේ චර්ට් වලට එකතු කරගන්න ( SMA, EMA, MACD, Parabolic RSI etc.. ).
මෙතනින් ඔයාට පුළුවන් Demo සහ Live ගිණුම් අතර මාරු වීමට ඕනෙම වෙලාවක.
මෙතනින් ඔයාට පුළුවන් මුදල් දැමීමට ( මේ සදහා වැඩි විස්තර ලිපියේ අග සදහන් වෙනවා ) වගේම පුහුණු ගිණුම reload කරගන්නත් පුළුවන්.
මෙතනින් ඔයාට පුළුවන් ඕනෙම ගැටළුවක් Live චැට් හරහා සම්බන්ධ වී විසදගන්න පුළුවන්.
මෙතනින් ඔයාට පුළුවන් ඔවුන් විසින් නොමිලේ ලබාදෙන අධ්‍යාපනික ලිපි ලේඛන ලබාගන්න ( සමහර වෙලාවට ඔයාට ප්‍රොයෝජනවත් වේවි )
මෙතනින් ඔයාට පුළුවන් 1min ~ 13hr දක්වා ඕනෙම කාලයක් ට්‍රේඩ් එකක Expiry Time ලෙස තෝරාගන්න
මෙතනින් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට යොදවන මුදල $1 සිට ඕනෙම අගයක් තෝරාගන්න
මෙතනින් ඔයාට පෙන්වනවා ඔබේ නිගමනය සාර්ථකයි වුවහොත් කොතරම් ලාභයක් ලැබෙනවද කියලා
මෙතනින් තමයි ට්‍රේඩ් එකකට යොමු වෙන්න තියෙන්නේ. "Up" තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල වැඩි වෙනවා කියලා තීරණය කල විට සහ "Down" තෝරාගන්න ඔබේ නිගමනයට අනුව මිල අඩු වෙනවා කියලා තීරණය කල විට.
2 Factor Authentication දා ගෙන ඔයාට ගිණුමේ සුරක්ෂිතභාවය වැඩි කර ගන්න පුළුවන් නුමුත් දැන්ම මේක අවශ්‍ය වෙන්නේ නෑ. ඕනෙම නම් විතරක් දාගන්න පුළුවන් ( x ලකුණෙන් මේ කොටුව close කරන්න පුලුවන්)
මුලින්ම හොදට පුහුණු වෙන්න නොමිලේ ලැබෙන මෙම demo ගිණුමේ ! ට්‍රේඩ් එකකට යොමු වීමට ප්‍රථමව හැම විටම මේ කරණු ගැනත් අවදානය යොමු කරන්න
1. ඇයි මම මේ ට්‍රේඩ් එක යොදවන්නේ මේ අවස්ථාවේදී ?
2 ට්‍රෙන්ඩ් එකත් එක්කද මම ට්‍රේඩ් කරන්නේ ?
3 Support / Resistance ගැන අවදානය යොමු කරාද ?
4 chart pattern සහ candlestick pattern ගැන අවදානය යොමු කරාද ?
5 හිත කලබල වෙලාද ? ( එහෙමනම් තව පැය කීපයකින් විතර ට්‍රේඩ් කරන්න )
6 ප්‍රධාන පුවත් නිකුත් වීමට ආසන්න අවස්ථාවක් ද ? ( එසේ නම් ට්‍රේඩ් කරන්න එම පුවතට විනාඩි 15ක් පෙර හෝ පසු. Economic Calender භාවිතා කරන්න ප්‍රධාන පුවත් හදුනාගන්න. මෙහි වෙලාව GMT +5.30 ලෙස වෙනස් කරගන්න අමතක කරන්න එපා )
7 Money Management ( මුදල් කළමණාකරණය) ගැන අවබෝදයක් ඇතුවද ට්‍රේඩ් කරන්නේ ?
ඔබ ට්‍රේඩ් එකට යොමු වීමට තීරණය කල පසු කරන්න තියෙන්නේ චර්ට් එකේ දකුණු පසින් expiry time සහ යොදවන මුදල තෝරාගෙන ඉන්පසු "UP" හෝ "Down" තෝරාගැනීම පමණයි. ( විනාඩි 5 හෝ ඉහල අගයක් expiry time එක ලෙස වඩාත් සුදුසුයි නුමුත් ඔබ භාවිතා කරන ට්‍රේඩින් ක්‍රමය අනුව මෙය වෙනස් කරගන්න. ඒවගේම හැම විටම ට්‍රේඩ් සදහා එකම මුදල් ප්‍රමානයක් පමණක් යෙදවීම වඩාත් සුදුසුයි )
පුහුණු ගිණුමේ ඩෙමෝ මුදල් 5000D වඩා අඩු වුනොත්, නැවත reload කරගැනීම සදහා "Make a deposit" කියන කහපාට ලින්ක් එකට වෙත යොමුවෙන්න. ඔබට ඉන්පසු ලැබෙන popup window එකේ ඉහලම ඇති "Deposit upto D10,000" තෝරාගන්න විතරයි තියෙන්නේ !
පුහුණු ගිණුමේ සාර්ථක වූ පසු ඔබට පුළුවන් ඊලග අදියරේ සදහන් ආකාරයට සත්‍ය මුදල් යොදවා ට්‍රේඩ් කිරීමට.
ඔබට කැමති ඕනෙම වෙලාවක සත්‍ය මුදල් යොදවා live ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මුදල් යොදවන්නේ කියලා
"Make Deposit" කියන කහ පාට ලින්ක් එක තෝරාගන්න. ඔබට පහත ආකාරයේ popup window එකක් ලැබේවි. Deposit From $10 ලෙස සදහන් පහලම තියෙන කොලපාට ලින්ක් එක තෝරාගන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. මෙහි අපිට මුදල් යෙදවීම සදහා Skrill, Neteller, වීසා /මාස්ටර් කාර්ඩ් පත් හෝ බිට් කොයීන් පවා යෙදවිය හැකියි. නුමුත් ඔබ හැම විටම Skrill හෝ Neteller පමණක් භාවිතා කරන්න මොකද කාර්ඩ් පත හරහා නැවත මුදල් ගැනීමේදී ඔබට ලබාගත හැක්කේ යෙදවූ මුදල් පමණයි. ලාභය ලබාගැනීම සදහා ඉහත සදහන් කල ගිණුම් දෙකෙන් එකක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා.
ඔබ කැමති මුදල් යොදවන ක්‍රමය තෝරාගන්න
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේවි. Bonus ලැබෙනවා $30 වඩා යෙදවීමේදී නුමුත් මෙම මුදල ඔබට ට්‍රේඩ් කිරීම සදහා පමණයි ලැබෙන්නේ. එය withdraw කරන්න බෑ. ඒක නිසා කැමති නම් විතරක් බෝනස් මුදල් ගන්න පුළුවන්. ඒවගේම මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා. 😎
එක වරකට $10 ඉදලා $5000 වෙනකන් යොදවන්න පුළුවන්. යොදවන ගණන අනුව account balance එකට එකතු වෙන ගණන සහ bonus එකසමග කීයක් ලැබෙනවද කියලත් දකුණු අත පැත්තෙන් ඔබට බලාගන්න පුළුවන්. ඒවගේම "Bonuses" කියලා සදහන් වෙන තැනින් "Deposit Bonus" වෙනුවට "No Bonus" තෝරාගන්න පුළුවන්.
( VIP ගිණුමක් ලබාගන්න ඕන නම් $2000 වඩා යොදවන්න වෙනවා. ඒවගේම කිසිම අවදානමක් නැති ට්‍රේඩ් කීපයකුත් කරන්න ඉඩ ලබාදෙනවා ).
හරි දැන් ඔබ යොදවන්න හිතන් ඉන්න ගණන තෝරාගෙන "Deposit" වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබ තෝරගත්තු මුදල් යොදවන ක්‍රමයට අදාළ ගිණුමේ තොරතුරු සදහන් කර මුදල් එකතු කරගන්න !
ඉතාම පහසුවෙන් මෙයත් කරන්න පුළුවන්. Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි සදහන් "Withdraw" ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට ලැබෙන පිටුවේ skrill / neteller ගිණුම සහ අවශ්‍ය ප්‍රමාණය සටහන් කර "Send a request" තෝරාගන්න. වැඩ කරන දිනයක් ඇතුලත ඔබේ ගිණුමට මුදල් ලැබෙනවා.
තවමත් ඊමේල් ලිපිනය තහවුරු කරගෙන නොමැති නම්. ඔබගේ ඊමේල් ගිණුම වෙත පිවිස ඔවුන් විසින් එවලා තියෙන තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩය inbox එකේ වගේම ජන්ක් එකෙත් නැවත බලන්න . එහි තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.
Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි සදහන් "Profile" ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු ඔබට ලැබෙන පිටුවේ තිබෙන දුරකථනය අංකය තහවුරු කරගැනීම කරගන්න ( සමහර වෙලාවට කෙටි පණිවිඩය එන්න වෙලා යනවා. එහෙම වුනොත් ඊලග දවසේ නැවත උත්සහ කරන්න. එතකොට හරි )
මේකත් වැඩි ආරක්ෂාවට ඕන නම් දාගන්න පුළුවන්. Menu එක වෙත පිවිසෙන්න ( වම් පස ඉහලම තිබෙන ඉරි තුනේ ලකුණ ). එහි සදහන් "Profile" ලින්ක් එක වෙත පිවිසෙන්න. ඉන්පසු එහි තිබෙන "Two-factor authentication" කියන එක Enable කරගන්න. ඔබට අංක ටිකක් එක්ක කෙටි පණිවිඩයක් ලැබේවි දුරකථන අංකයට. එක සදහන් කර confirm කරගන්න. ( "Disable" හරහා ඕනෙම වෙලාවක මේක ඉවත් කරගන්න පුළුවන් )
මුලික ලෙසම අවශ්‍ය වෙනවා : ගුවන් ගමන් බලපතත් ( හෝ ජාතික හැදුනුම්පත සමග රියදුරු බලපත )
ඔවුන් ඔබෙන් අනන්න්‍යතාවය තහවුරු කරන්න කියලා ලිපි ඉල්ලුවිට මේ අදියරට යොමු වෙන්න පුළුවන්. ඊට ප්‍රථම ගිණුම තහවුරු කරගන්න ඕන නම්, ඔවුන්ගේ චැට් එකට පිවිස ගිණුම තහවුරු කරගන්න ඕන බව පවසන්න. එවිට ඔවුන් ඔබට එවන ඊමේල් ලිපිනයට පහත සදහන් සෙල්ෆි පින්තූර සහ කැමරා කොපි ලබාගෙන යවන්න.
i) ඔබගේ මුහුණ සහ උරහිස් පැහැදිලිව පෙනන ලෙස සෙල්ෆි එකක් ඔබගේ ගුවන් ගමන් බලපතෙහි තොරතුරු සදහන් පිටුව සමග ලබාගන්න.
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සමග සෙල්ෆි එකක් සහ රියදුරු බලපත සමග සෙල්ෆි එකක් අරගන්න වෙනවා )
ii) ගුවන් ගමන් බලපතෙහි තොරතුරු සදහන් පිටුවේ ස්කෑන් හෝ කැමරා කොපි එකක්
( ගුවන් ගමන් බලපත නොමැති අය ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත යන දෙකේම දෙපැත්තෙහි ස්කෑන් හෝ කැමරා කොපි ලබාගන්න වෙනවා )
iii) ewallet ( Skrill / Neteller ) එකෙහි Screenshot එකක් ගන්න ඔබ Olymp Trade වෙත මුදල් යෙදවූ තොරතුරු ඇතුලත් කොටස ( Transaction ) සහ ඔබේ අංකයත් පෙනෙන ලෙස.
දින 2 - 14 ඇතුලත අනන්න්‍යතාවය තහවුරු වෙනවා.
Belize රජයේ International Financial Commission එක ( FinaCom කොමිසම ) තමයි මෙම බ්‍රෝකර් ආයතනය නියාමනය කරන්නේ. මේ ගැන වෙබ් අඩවියේ තිබෙන "Regulation" ලින්ක් එක හරහා වැඩි විස්තර දැනගන්න පුළුවන්. නියාමනය වෙන ආයතනයක් නිසා බය නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්
මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ඉහල ලාභයක් වගේම ඉහල අවදානමක් තිබෙන ආයෝජන ක්‍රමවේදයක්. එමනිසා අවදානමක් ගත හැකි මුදල් පමණක් යොදවන්න අමතක කරන්න එපා. ජයවේවා ! 😎
( To learn about it in English, you may refer Olymp Trade Binary Options Broker Tutorial in English article. )
Prathilaba December 31st, 2017
Posted In:
Tags: $10 minimum deposit binary broker, binary options broker for Sri Lankans, binary options sinhala, how to open a binary options free account, Identity Verification in Olymp Trade Binary Broker, Olymp Trade, Olymp Trade bonus in sinhala, Olymp Trade two factor authentication in Sinhala, Olymp Trade verification in sinhala, olymptrade, olymptrade in sinhala, olymptrade sri lanka, VIP
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2021 Prathilaba.com