ලොව ප්‍රථම වතාවට ස්විට්සර්ලන්ත ෆර්කොන් පුද්ගලික බැංකුව විසින් තම සේවා දායකයන් හට bitcoin මිලදී ගැනීම සහ කළමනාකරණය කිරීම ආරම්භ කරයි !
Switzerland Falcon bank offers bitcoin buying and asset management for it's clients for the first time.
Bitcoin කියන්නේ virtual currency එකක්. දැන් ලෝකයේ බලවතුන් පවා bitcoin මිලදී ගන්න කාලයක්. ඉතින් ප්‍රථම වතාවට ස්විට්සර්ලන්ත පුද්ගලික බැංකුවක් වන ෆර්කොන් පුද්ගලික බැංකුව තම සේවා දායකයන් හට bitcoin මිලදී ගැනීම සහ කළමනාකරණය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. මෙම බැංකුවට Swiss financial authority, FINMA එක මගින් එසේ කිරීමට අවසර පතක්ද නිකුත් කරලා තියෙනවා.
" Bitcoin ආයෝජන සම්බන්දයෙන් කැමති සේවාදායකයෝ ඉන්නවා අප බැංකුවේ. ඔවුනට bitcoin මිලදී ගැනීම පහසු කිරීම සහ ඒවා කළමනාකරණය කිරීම තමයි අපගේ අරමුණ " ෆර්කොන් බැකුවේ ජාත්‍යන්තර සේවා සහ නිපැයුම් ප්‍රධානි Arthur Vayloyan මහතා මාධ්‍ය හමුවේදී එසේ කියා සිටියා
ෆර්කොන් බැංකුව එම සේවය සපයන්නේ Bitcoin Suisse AG නමැති bitcoin බ්‍රෝකර් ආයතනයද සම්බන්ධ කරගනිමින්. එම ආයතනය 2013
සිට සේවා සපයන ආයතනයක්.
ස්විට්සර්ලන්ත රාජ්‍ය සහ පුද්ගලික අංශ bitcoin සම්බන්දයෙන් දනාත්මක ලෙස කටයුතු කිරීම මෑතක සිට දකින්නට ලැබුන දෙයක්. ඒවගේම ඇමෙරිකාව. නෙදර්ලන්තය, අයර්ලන්තය, කැනඩාව සහ ජපානයද ඉහල නැබුරුවක් bitcoin වෙත තියෙන රටවල් කියන්න පුළුවන්. දැනටමත් එම රටවල bitcoin ATM යන්ත්‍ර පවා දකින්නට පුළුවන්. මීට අමතරව bitcoinවලින් ගෙවීම් සිදුකල හැකි කඩ සාප්පුද දකින්නට පුළුවන් වීම විශේෂත්වයක්.

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තිබෙන Bitcoin ATM යන්ත්‍රයක්
ඔබටත් bitcoin මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙම පහත ලිපි ප්‍රොයෝජනවත් වේවි
Related Posts:
Top Public Companies with the Biggest Bitcoin Portfolios
ඔබ ඉන්න විදෙස් රට අනුව ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න වඩාත් සුදුසු ෆොරෙක්ස්…
Forex Trading Guide for Sri Lankans Living Overseas / Abroad -…
Fusion Markets: The Lowest Deposit Australian Forex Broker For Asia -…
Binance Announces End of Support for BUSD Stablecoin By February 2024 -…







