Free Educational Information

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages
Filter by Categories
blog
crypto currency
dropshipping
featured
forex
forex broker reviews
forex school
Fundamental Analysis
fxoption
general
jobs
par time jobs
reviews
Uncategorized

Neteller ewallet Tutorial in Sinhala

Neteller ewallet Tutorial in Sinhala ( නෙටෙලර් ගිණුමක් ආරම්භ කරන්නේ කොහොමද ? )

Neteller කියන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න Paypal / Skrill වගේ අන්තර්ජාල මුදල් හුවමාරු වෙබ් අඩවියක්. Neteller භාවිතා කරලා අපිට පුලුවන් මුදල් ලංකාවේ බැංකු ගිණුමකට මුදල් ගෙන්න ගන්න ඒවගේම ඩයලොග් Ez කෑෂ් මගින් සල්ලි ලබාගන්නත් පුළුවන්.   

1) Neteller වෙත යමු

ලියාපදිංචි වීම සදහා "Signup Now" ලින්ක් එක වෙත යන්න.

2) ලියාපදිංචි වන්න

ඉන්පසු  මේ විදියට ලැබෙන පිටුවෙහි ඔබේ සත්‍ය තොරතුරු හරියාකාරව සදහන් කරන්න.

register at neteller - free sinhala guide for Sri Lankans

ඔබගේ ප්‍රදේශයට අයත්  "Postcode" එක දන්නේ නැත්නම්. මේ පිටුවෙන් ඒක ලබාගන්න පුළුවන්. http://www.geonames.org/postalcode-search.html?q=&country=LK   

සියලුම විස්තර ඇතුලත් කල පසු.  "Join Now " ලින්ක් එක click කරන්න.

3 "Secure ID" - ගනුදෙනු සදහා වන මුර පදය  

ඔබට පහත පරිදි පිටුවක් ඒවි. එකේ සදහන් වෙන මුර පදය ආරක්‍ෂිත තැනක සදහන් කරගන්න. මේක අවශ්‍ය වෙනවා transactions වලදී.  ඒවගේම ඔබට Netter වෙතින් email  එකක්  ඒවි  ඊමේල් ලිපිනය තහවුරු කරන්න කරන්න කියලා.

how to get secure id in neteller online account - sinhala neteller guide

4 මුදල් යොදවන්නේ කෙසේද ?

ඉන්පසු   "Deposit Now" කියන ලින්ක් එක click කරන්න

(හෝ ගිණුමට  login වුනු පසු ඔබට පහත සදහන් "Verifying Your Account" ස්ථානයෙන්ද Deposit වෙත යන්න පුළුවන්. .  )

how to very card attached to neteller account - sinhala tutorial for Sri Lankans

5 මුදල්  යොදවන විදිය

පහත රූප රාමුවේ ආකාරයට, "Deposit Funds" වෙත ගොස් ඔබේ master හෝ visa credit card පතෙන් $10ක පමණ මුදලක් තැන්පත් කරන්න ( මේ card verification සදහා යාලුවනේ ).  ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑවිසදුම තමයි දැනට නෙටෙලර් ඩොලර් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලාගන්න එක. 

how to deposit money to neteller for verification of web card - sinhala tutorial

ඔබ සාර්ථක ලෙස මුදල් Deposit කරා නම් ඔබට සාර්ථක වුනු බවට message එකක් පෙන්නාවි.

…………………දැන් ඔබට එන්න පුළුවන් ප්‍රශ්න කීපයක් ? ………………….

Debit Card / Credit card Payment "Decline" වුනානේ ?

ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . 

………………….………………….

ඉන්පසු මාසේ අන්තිම ලැබෙන ක්‍රෙඩිට් කාර්ඩ් පතේ ස්ටේට්මන්ට් එකෙන් මේ Transaction එකේ විස්තරය ලබාගන්න. එහි සදහන් විස්තරය නෙටෙලර් වල කාර්ඩ් පතේ තොරතුරු තහවුරු කරන්න තියෙන තැන සදහන් කිරීම සදහා  "Money In" ලින්ක්  වෙත යන්න. ඔබේ card පතට පහතින් "validate" ලෙස සදහන් වෙනවා. එම ලින්ක් එක වෙත ගොස් ඔබට ලැබුණු විස්තරය යොදවන්න.

submit transaction verificaiton code in neteller - sinhala tutorial

6 ආරක්‍ෂිත මුර පද යොදන ආකාරය

ඉන්පසු "create your personal security questions" ( 2c එකේ රුප රාමුව බලන්න ) වෙත ගොස් ඔබේ ගිණුමේ වැඩි ආරක්ෂාව සදහා ප්‍රශ්න තුනක් තෝරාගෙන ඒවායේ උත්තර ටිකත් මතක තියාගන්න (නැත්තන් ආරක්‍ෂිත තැනක සදහන් කර තබා ගන්න ). ඔබ නැවත ගිණුමට log වෙද්දී අනිවාර්යෙන්ම මෙම ප්‍රශ්න තුනෙන් එකක් අහනවා ! ඒක නිසා මතක තියාගන්න අමතක කරන්න එපා !

7 අනන්‍යතාවය සහ ලිපිනය තහවුරු කිරීමට  "documents" ලබා දීම

ඔබ $10 මුදල deposit කල පසු තමයි ඔබේ verification document මෙම වෙබ් අඩවියට "upload" කිරීම සදහා තුන්වෙනි ලින්ක් එක ( කළුවට ඉහල හි  ඇති ආකාරයට) සක්‍රිය වෙන්නේ. ඒක සක්‍රිය වුනු පසු ඔබේ NIC ( ඉංග්‍රීසි බසින් තියෙනවනම්, front සහ back ), Driving License ( front සහ back ) එකේ හෝ ඔබේ passport එකේ කොපිය "upload" කරන්න. ලිපිනය තහවුරු කරගන්න ඔබේ නමට තිබෙන විදුලි බිලක්, වතුර බිලක්,බැංකු ස්ටේට්මන්ට් එකක්, ස්ථාවර දුරකථන බිලක් වගේ " Upload" කරන්න වෙනවා.

ඔවුන් ඔබේ documents තහවුරු කරගත් පසු ඔබට ඊමේල් පණිවිඩයක් ලැබෙනවා ( මේක පැය කීපයකින් වෙන්නත් පුළුවන් නැත්තන් දින දෙක තුනක් ඇතුලට ඔබට ඊමේල් පණිවිඩය ලැබෙනවා )

submit identity verification documents in neteller - sinhala tutorial

8 වෙබ් කැම් හරහා අනන්‍යතාවය නැවත තහවුරු කරන විදිය  

ඔයාට තියෙන්නේ ඔයා යොදවන්න බලාපොරුත්තු වෙන අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie එකක් ගැනීම webcam එක භාවිතා කරලා. නුමුත් ඔබට හොද වෙබ්කැම් එකක් නොමැති නම් මේ selfie ක්‍රමය සාර්ථක වෙන්නේ නෑ. ඒක නිසා ඔයාට smartphone එකක් තිබෙනවානම් මුලින්ම neteller app එක භාගත කරගෙන verification කරන්න පුළුවන්. එකෙත් ගැටළුවක් ඇතිවුනොත් ඔයාට neteller support වෙත ගොස් එහි තිබෙන ඊමේල් ලිපිනයට මේ වගේ පණිවිඩයක් යවන්න.

Subject : Verification Issue with Webcam

"
I'am unable to verify using both web cam and mobile app. Please kindly let me know a way to verify my account wiht this webcam selfie stage"

දින කීපයකට පසු ඔවුන් ඔබ වෙත දන්වලා එවනවා අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie දෙකක් එවන ලෙස ( Photo 1 :  Document එකේ ඉදිරිපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස, Photo 2 : Document එකේ පිටුපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස. අකුරු බොද වෙන්නේ නැතුව ගන්න. කියවන්න බැරිවුනොත් අයීත් යවන්න වෙනවා ).

මේ දෙකම ඊමේල් එක භාවිතා කරමින් යවන්න. ඉන්පසු දින කීයපකින් ඔවුන් ගිණුම verify කරා කියලා ඊමේල් පණිවිඩයක් එවනවා.

දැන් ඔබේ neteller ගිණුම verified..

දැන් ඔබට මුදල් තැන්පත් කිරීම සහ මුදල් ගිණුම වෙත ලබාගැනීම පහසුවෙන් කරන්න පුළුවන්.

9 දැන් බැංකු ගිණුමට හෝ ezcash වෙත මුදල් ගන්නේ කොහොමද ?

withdraw from neteller to my bank account - Sinhala Guide by prathilaba website

"Money Out" ලින්ක් එක වෙත පිවිසෙන්න . ඔබගේ බැංකු ගිණුමේ තොරතුරු සදහන් කල පසු එම ගිණුමට ඔබට රිසි සේ මුදල් ගෙන්වා ගත හැක. ඒවගේම ezcash දුරකථන අංකයටත් ශේනිකව මුදල් ගන්න පුළුවන් ඒ යටතේම තියෙන " Mobile wallet " කියන ටැබ් එක හරහා ( ezcash සාමාන්‍යය ගිණුමකට සෑම පැය 24කටම උපරිම 10,000 දක්වා ගන්න පුලුවන්. ඒවගේම ගිණුමේ උපරිමව තියාගන්න පුළුවන් 10,000යි කියන එකත් අමතක කරන්න එපා ).

ඒවගේම "Money Transfer" හරහා වෙනත් ඕනෑම Neteller ගිනුමකටත් මුදල් යවන්න පුළුවන් පහසුකමත් මෙහි තියෙනවා.

November 6th, 2018

Posted In:

Tags: , , , , , , ,

19 Comments

Iq option binary option trading in sri lanka

ක්ෂණිකව ඇරැඹීමට බයිනරි ඔප්ෂන් අත්වැල සිංහලෙන් / Binary Option Trading Quick Start Guide in Sinhala

Quick steps in Sinhala to register and start trading binary options with IQ Option Trading Platform.

තිබිය යුතු සුදුසුකම්

අවම වයස 18ක්.
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport (IQ Option)
NIC ( ඉංග්‍රීසි ) හෝ Passport හෝ Driving License (Skrill/Neteller)

1 - IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න

පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න.

RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.

General Risk Warning: The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose

Binary and Digital options are prohibited in EEA

CFDs* are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money ( * CFD’s : Stocks, Commodities, Currency Pairs, Cryptocurrencies)

2 - පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න

පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න.  ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.

3 - Trading Pattern භාවිතා කරමින් demo ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න

දැන් ඔබට පුළුවන් demo කරන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් IQ application එකේ features ගැන idea එකක් ගන්න. ඉන්පසු binary option trading indicators පාවිච්චි කරලා අපේ ප්‍රතිලාභ එකේ තියෙන ක්‍රමේට හෝ BinaryOptionEdge Forumහි සදහන් ආකාරයේ ක්‍රමයක් භාවිතා කරන්නත් පුළුවන්.  හොදට පුරුදු වුනහම ඔබට පුළුවන් Skrill හෝ Neteller මගින් සල්ලි යොදලා Live Trade කරන්න. ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා. ) . එහෙම නැත්තන් Francoගේ  signal සේවය හෝ Signalhive.com හෝ binarysignalsapps.com වෙතින් ලැබෙන Binary Options Signals සේවය භාවිතා කරන්න පුළුවන්  ! 

4 - ට්‍රේඩ් කරන විදිය 

දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ  තෝරගන්න ඕන "Call"  කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "Put" කියලා තියෙන රතු  පාට button එක. පහත වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වේවි.. 

binary options forex digital cryptocurrency trading iqoption in sinhala

දැන් IQ එකේ තියෙනවා "Digital" "Binary" "Forex" සහ "Crypto" කියලා කොටස් හතරක්.  මේකෙන් "Binary" තෝරාගන්න currency pairs දාගන්න අවශ්‍ය වුනහම. අපි දැනට "binary" විතරක් කරමු.   😎   ( හරියට Forex Trading කරන්න ඕන අය  Forex Trading in Sinhala with Tickmill මේ ලිපිය බලන්න.  Bitcoin එහෙම ගන්න ඕන අය Buy Bitcoin in sinhala ලිපිය බලන්න. )

මේ ලිපි කීපයත් අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා :

IQ Optionහි Digital Options , Binary Options, Forex Trading සහ Crypto Trading ගැන හැදින්වීමක්

Trending Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Range Market එකක Support / Resistance භාවිතා කරන ආකාරය.

Chart patterns ඉගෙනගමු

Candlestick pattern ඉගෙනගමු

ට්‍රේඩින් වලදී අනිවාර්ය මුදල් කලමන්කරණය

සාර්ථක ට්‍රේඩර් කෙනෙකු වීමට උපකාර වන දේවල් දහයක්

5 - Neteller හෝ Skrill ගිණුමක් නොමිලේ පටන් ගන්න

Skrill හෝ Neteller භාවිතා කරන්න පුළුවන් මුදල් දැමීමට සහ ගැනීමට. ඔබ උපයන මුදල් Neteller / Skrill හරහා ඔයාගේ ලංකවේ ගිණුමට හෝ Dialog Ez Cash හරහාත් ගන්න පුළුවන්. Ezcash වලින් එසැනින් ( Instantly) දිනකට Rs 10,000 වෙනකන් ගන්න පුළුවන් ( ezcash ගිණුම upgrade කරගන්න පුළුවන් Rs 25,000 දක්වා දිනකට ගන්න අවශ්‍ය නම්  ). ඔයාට ඕනෙම ezcash ලාංචනය තියෙන commercial බැංකු ATM යන්ත්‍රයකින් හෝ ezCash සේවාව ලබාදෙන communication center එකකින් මුදල් විදියට ගන්න පුළුවන්.   Skrill හෝ neteller ගිණුමෙන් ezcash භාවිතා කරලා මුදල් ගන්න විදිය ගැන වැඩි විස්තර සදහා පහත ලිපිය බලන්න.  How to get funds instantly from Skrill via ezcash from Commercial Bank ATM

අනිවාර්යයෙන් මතක තබා ගන්න / Please remember : 
Neteller / Skrill ගිණුම බැංකු ගිණුමකට හා සමානයයි. එම නිසා කිසි විටක ඔබගේ skrill ගිණුමේ මුරපදය, ලිපිනය, දුරකථන අංකය සහ pin අංකය කිසිම තෙවෙනි පාර්ශවයකට දීමෙන් වලකින්න. ඒවගේම කිසිම පුද්ගලයෙකුගේ කීමට ඔහු විසින් දෙන මුරපද හෝ PIN අංක දැමීමෙන් වළකින්න. පිළිගත් වෙබ් අඩවි වලදී පමණක් ඔබ යම් ගෙවීමක් සිදුකිරීමේදී පමණක් ඊමේල් ලිපිනය pin අංකය සමග භාවිතා කරන්න. ඔබට යම් පුද්ගලයෙකුගෙන් මුදලක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබ ලබාදිය යුත්තේ ඔබගේ ඊමේල් ලිපියනය පමණයි. වෙනත් කිසිම තොරතුරක් දීමෙන් වලකින්න ( ඔබට යම් මුදලක් පිළිගත වෙබ් අඩවියකින් ලැබීමට තිබේ නම් පමණක්ඊමේල් ලිපිනය සමග pin එක ඇතුලත් කල යුතු වේ )  

never-giveup-on-dreams-prathilaba

ජයවේවා !

May 23rd, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

393 Comments

Indicators for Binary Options Trading
( Binary Option සදහා භාවිත කල හැකි indicators )

bernard baruch trading quote for new traders in sri lanka - prathilaba sinhala tutorials

Learn the basics of binary option trading indicators in Sinhala such as Exponential Moving averages ( EMA ), Moving average convergence divergence ( MACD ), Average Directional Index ( ADX ), Support and Resistance lines, Fractals, Awesome Oscillator, Relative Strength Index ( RSI ) that are useful when using the five minutes trend trading pattern in the next tutorial.

Indicators කියන්නේ අපිට trade එකකට යොමු වීමට අත්වැලක් සපයන උපකාරක ක්‍රම වගේ දෙයක්. indicators වර්ග විශාල ප්‍රමාණයක් තියෙන්නවා නුමුත් අපි මෙතනදී ඉගෙන ගන්නේ ඔබගේ සාර්ථකත්වය සදහා අවශ්‍ය indicators විතරයි. මේ indicators වල කාර්යභාරය ගැන වැඩි විස්තර මට වෙලාව තිවුණහම බ්ලොග් එකක් හරහා කියලා දෙන්නන්. දැනට අපේ trend trading pattern එකකට අවශ්‍ය කරුණු ටික විතරක් ඔලුවට දාගමු.

අනික මතක තියාගන්න අපි indicators කීපයක් පාවිච්චි කරන්නේ වරදින්න තියෙන සම්භාවිතාවය අඩු කරගැනීමට. මේ indicators වලින් කියන්නේ මෙතෙක් chart එකේ ඇතිවුන දේවල් මිසක් අනාගතය ගැන නෙමෙයි ( එහෙනං ඉතින් හැමෝම ලාභ  ගන්නවනේ !). අපි මේ සියල්ල අධ්‍යනය කරලා තමා තීරණය කරන්නේ trade එකකට යනවද නැද්ද කියලා. සමහර වෙලාවට අපි කොච්චර indicators වලින් trade එකකට යන්න “කොළ එළියක්” දුන්නත්” trade එකකට යන්නේ නෑ . ඒක ඔබට එන්නේ පළපුරුද්දෙන්. අන්න එදාට ඔබට ඔබේ සාර්ථකත්වය තව වැඩි කරගන්න පුළුවන්.

දැනට අපිට වැඩි විස්තර අවශ්‍ය නෑ. දැනට අපේ එකට අවශ්‍ය කරුණු ටික විතරක් බලාගමු.

MA ( Moving Average Indicator )

ema binary options indicator in sinhala for sri-lankans - prathilaba sinhala tutorials

Moving average indicator එක අපි භාවිතා කරන්නේ currency pair එකේ trend එක අදුරගන්න ( uptrend එකක්ද downtrend එකක්ද එහෙමත් නැත්තන් neutral කියලා ). අපි මේ සදහා පාවිච්චි කිරීමට බලාපොරුත්තු වන්නේ 50ema, 20ema, 10ema  කියන අගයන් වලින් සමන්විත EMA ( Exponential Moving averages ) ඉරි.

Fractals

fractals indicator in sinhala for sri lankans - prathilaba sinhala tutorial

Fractals මගින් chart එකේ වැඩිම සහ අඩුම අගයන් ඇතිවෙන තැන් ඊතල මගින් පෙන්නුම් කරනවා. මීට ඉහත ඇතිවුන fractals මගින් අපිට මේ වෙලවවේ trend එකක් වෙනස් නොවී තියෙනවද එහෙමත් නැත්තන් වෙනස් වීමකට ලගද කියන එක පිලිබඳ අවොබෝදයක් ගන්න පුළුවන් වටිනා indicator එකක්.

MACD ( Moving average convergence divergence )

macd binary options indicator in sinhala for sri lankans - prathilaba sinhala tutorial

අපිට MACD ( Moving average convergence divergence ) එකත් උපකාර වෙනවා trend එකක් අදුරගන්න. ඉතා වටිනා indicator එකක්. මේකේ MACD ඉරත් එක්කම සිග්නල් ඉරකුත් තියෙනවා. මේ දෙක cross වෙන අවස්ථා කියන්නේ සමහර වෙලාවට trade එකකට සුදුසු අවස්ථා. එහෙම කිව්වේ cross වෙන තැන වැදගත් නිසා. මේක බින්දුවේදී හොද ඉඩ පරතරයක් එක්ක cross වුනුත් අන්න එක ගොඩක් වෙලාවට හොද trade එකකට අවස්ථාවක්. මේක ඉහල සහ පහල අවස්ථා වල හොද ඉඩ පරතරයක් එක්ක cross වුනත් එකියන්නේ හොද අවස්ථාවක්.

ADX ( Average Directional Index )

adx binary options indicator in sinhala for sri lankans - prathilaba sinhala tutorial

ADX ( Average Directional Index ) එකෙන් තමයි අපිට trend එකේ ශක්තිය (strength) එක බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක 25% වඩා අඩු නම් trend එකක් නැති අවස්ථාවක්. trade එකක් කිරීමට නුසුදුසු අවස්ථාවක් තමයි. මේක 25% - 50% වගේ කියන්නේ trend එකක් තියෙන්නේ කියලා, 50%-75% අතර කියන්නේ ඉතින් strong trend එකක්. 70% ඉහල කියන්නේ very strong කියලා.Iqoption එකේ හොදකම තමයි මේකත් එක්ක අපිට Di ධන (uptrend එකකට හොදයි ) රිණ (downtrend එකකට හොදයි ) ඉරිත් පෙන්නීම. මේ ඉරි දෙකෙන් එකක් ADX ( Average Directional Index ) ඉරත් එක්ක ඉහලට යන අවස්ථාවක් කියන්නේ හොද trend එකක්. ගොඩක් වෙලාවට මේ ඉරි තුනම එක කිට්ටුවෙන් ගිහින් ඒක සැරේට විසිරෙන අවස්තවක් එනවා. ADX එකත් එක්ක Di ධන ඉහලට යනවා නම් ඉතින් uptrend එකකට හොද අවස්ථාවක් ඒවගේම ADX ( Average Directional Index ) එකත් එක්ක Di රිණ ඉහලට යනවා නම් uptrend එකකට හොද අවස්ථාවක්.

Awesome Oscillator

Awesome Oscillator binary options indicator in sinhala for sri lankans - prathilaba sinhala tutorial

මෙමගින් අපිට අවභෝදයක් ගන්න පුළුවන් දැන් ඇතිවුන සහ බොහෝ දුරට ඇතිවිය හැකි trend එකේ දිශාව ගැන. සාමාන්‍යයෙන් බාර් වල ආරම්භය 0 line එකෙන් ඉහල නම් කොළ පාට bar වලින් වැඩි වීමක් පෙන්නුම් කරන්නේ. ඒවගේම ඒකට පහලින් නම් රතු bar මගින් අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ (ආරම්භය හොදේ. මොකද ඉහළ ඇතිවෙන රතු bar මගින් පෙනන්නේ අඩුවීමක්... ඒවගේම පහල ඇති කොළ බාර් පෙන්නනේ වැඩිවීමක්. ). බාර් ඉතා කුඩාවට ඇතිවෙමින් තියෙන අවස්ථාවල trade කිරිමීට සුදුසු නෑ.නුමුත් ඔබට එම රටාව අවසන් වුනහම හොද breakout එකක් ලැබෙන්න තියෙන ඉඩ වැඩියි.

RSI ( Relative Strength Index )

rsi binary options indicator in sinhala for sri lankans - prathilaba sinhala tutorial

RSI ( Relative Strength Index ) එක අපි භාවිතා කරන්නේ overbought /oversold අවස්ථා අදුරගන්න සහ දිශාව අදුර ගන්න. සාමාන්‍යයෙන් 70% වලට වඩා line එක ගියහම වෙන්නේ අනිවාර්යයෙන්ම එක නැවත පහලට ඒම. ඒවගේම 30% එකෙන් පහලට ගියහම වෙන්නේ නැවත වැඩිවීමකට ට්‍රෙන්ඩ් එක වෙනස් වීම.  අන්න ඒවගේ අවස්ථා වල අපිට පුළුවන් trade එකකට යොමු වන්න නුමුත් සමහර විට 70% වලට ඉහලින් හෝ  30% පහලින් නොහිතපු කාලයක් ට්‍රෙන්ඩ් එක රැදී තියෙනන්ත් පුළුවන්. අපි binary options indicator කීපයක්ම පාවිච්චි කරන්නේ මේ අවස්ථා වලට අහුවෙන්න තියෙන ඉඩ අඩු කරගැනීමට. එමගින් අපේ සාර්ථකත්වය වැඩි කරගන්න පුළුවන්.

Support / Resistance Lines

support and resistance lines binary options indicator in sinhala for sri lankans - prathilaba sinhala tutorial

මේවා නම් ඉතින් තමන් තනියෙන් ඇදගන්න වෙනවා chart එකේ. අපිට මේකට fractals උපකාර වෙනවා ඉහල සහ පහල ස්ථාන අදුරගන්න. එහෙම අදුරගත්තු points කීපයක් තියෙන්න තැන් බලාගන්න අදින ඉරි තමා මේවා. support කියන්නේ අඩු විය හැකි උපරිම අවස්ථා . resistance කියන්නේ ඉහලට යා හැකි උපරිම අවස්ථා . අපි හිතමු උදාහරණයකට අවස්ථා කීපයකිදී එක්තරා ප්‍රමානයකට වඩා බාර් පහලට යන්නේ නෑ කියලා. හොදට graph එක දිහා බැලුවොත් ඔබට පෙනේවි එහෙම ස්ථාන කීයකම fractals ඇතිවෙලා තියෙනවා (සුළු සුළු පරතර තියෙන්නේ පුළුවන් ). අන්න ඒවගේ කීපයක් යවෙන්න ඇදගන්න පුළුවන් ඉරි. හරි දැන් මොකක්ද මේකන් තියෙන වාසිය ? වාසිය තමයි මෙවැනි ස්ථානයකට නැවත බාර් අවහම, බාර් වලට ඉර පහු කරන්න බැරිව කොළ බාර් කීපයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවුනොත් ඒක හොද uptrend එකකට අවස්ථාවක් වෙන්න පුළුවන් ( වෙන්න පුළුවන් කිව්වේ යාලුවනේ අනිත් indicators වලිනුත් confirm විය යුතු නිසා !) . ඒවගේම යම් ලෙසකින් බාර් වලට පුළුවන් වුනොත් line එක break කරන් යන්න අන්න හොද අවස්ථාවක් downtrend එකකට. මේ උදාහරණය support අවස්ථාවක්. මේකෙම අනිත් පැත්ත තමා resistance කියන්නේ.

ඔන්න ඉතින් indicators ගැන මුලික අඩිතාලම අපි දාගත්තා අපේ වැඩේට...

ඒවගේම Chart වල ඇතිවෙන හැඩතලත් උපකාර වෙනවා වැරදීම් තව අවම කරගන්න ( double top, double bottom, head and shoulders ). ඒවා ගැනත් අපි පස්සේ වෙලාවක බ්ලොග් එක හරහා ඉගෙන ගනිමු..

January 29th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , ,

17 Comments

How to use IQ Option binary trading platform ?
( Trading platform එක භාවිතා කරණ ආකාරය. )

iq options modern binary trading platform for new traders in Sri Lanka - by prathilaba sinhala binary tutorials

Here you can learn about the downloading of the correct binary options application,  installation and features of IQ Option trading platform in Sinhala.

Desktop version එක පාවිච්චි කිරීම ඉතාම පහසුයි.  ( ඔබට වේගවත් පරිඝනකයක් තියෙනවනම් browser version එක වුනත් පාවිච්චි කරන්න පුලුවන්. ඒවගේම features ටිකක් අඩු වුවත් mobile version එකත් වරදක්  නෑ  ). හරි අපි බලමු කොහොමද IQ Option Desktop version  පවිච්චි කරන්නේ කියලා.  

1- How to install IQ Option desktop application in my computer ? ( IQ Option install කරගන්නා ආකාරය )

1- ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම් මෙම Register ලින්ක් එක මගින් ලියාපදිංචි වන්න. ඔබ ලියාපදිංචි වූ පසු " Download for windows " ( ඔබ පාවිච්චි කරන්නේ windows පරිගණකයක් නම් ) හෝ " Download for mac " ( ඔබ පාවිච්චි කරන්නේ Mac පරිගණකයක් නම් ) කියන තැබිලි පාට ලින්ක් එක වෙත පිවිසෙන්න. app එක download වේවි ( එහෙම download වුනේ නැත්තන්, restart the download කියන ලින්ක් එක ඔබන්න )

2- දැන් " Download " කරගත්තු .exe file එක click කරන්න ( browser එකේ පහළ බලන්න).

download IQ Options application-sinhala tutorial for sri lankans by prathilaba

3- ඉන්පසු ලැබෙන window එකෙන් ඔබ "Next" වැනි විධාන තෝරාගනිමින් application එක install කරගන්න.

iq options sinhala installing tuorial -sinhala tutorial for sri lankans by prathilaba

4- ඉන්පසු ඔබේ පරිඝනකයේ ඇති "IQ Option" ලින්ක් එක මගින් application එක විවර කරගන්න.

IQ Option platform launch icon - sinhala tutorial for sri lankans by prathilaba

5 - දැන් ඔබ ලියාපදිංචි වන විට භාවිතා කල "ඊ-මෙල් ලිපිනය" (Email) සහ "මුරපධය" (Password) පාවිච්චි කරමින් application එකට පිවිසෙන්න.

login to IQ Option platform - sinhala tutorial for sri lankans by prathilaba

2- How to use the IQ Option application and its features ? ( Application එක භාවිතා කරන ආකාරය සහ එහි features )

modern features of IQ Option trading platform in sinhala for sri lankans

1. මෙතන තියෙන ( + ) ධන ලකුණෙන් අපිට අලුතෙන් chart "open" කරගන්න පුළුවන්. අපි අපේ කරන රටාවේදී chart 3ක් open කරගහන්න ඕන ( එකම currency pair එකෙන් 5min, 1min සහ 30min ).

2. මෙතනින් තමයි ඔබට demo /live account මාරුකරගන්න පුළුවන්. (ඊට එහා තියෙන "deposit" එකෙන් තව මුදල් දාගන්න පුළුවන්. නුමුත් අපිට ඒක අදාල නෑ මොකද මම හිතනවා ඔබ දැනටමත් මුදල් දාලා ඇති කියලා. නැති අයට පුළුවන් දැන් deposit කරන්න. ) ( browser එකෙනුත් deposit පුළුවන් )

3. මෙතනින් තමයි trade එකක් ඉවර වෙන ( expire ) වෙන වෙලාව තෝරාගන්නේ. අපි trade කරද්දී 5min හෝ ඒකට කිට්ටු timeframe තමා තෝරාගන්න ඕන  ( ඔබ Binary Options signal service එකක් එක්ක වැඩ කරනවානම් ඉතින් ඔවුන් පවසන කාලයන් තෝරාගන්න අමතක කරන්න එපා ).

4. මෙතනින් ඔබ trade එකකට යොදවන ගණන තීරණය කරන්න පුළුවන්. අපි trade කරද්දී මේක ඔබේ ගිණුමේ ශේෂය අනුව $10, $20, $30, $40, $50 විදියට වෙනස් කරගහන්න පුළුවන්. සැරින් සැරේ මේ ගණන වෙනස් නොකළ යුතයි.

5. මේ තමයි ඉතින් මේකේ තියෙන ප්‍රධානම button දෙක කිව්වොත් නිවැරදියි. "call" කියන්නේ අපි දැන් සිටින point එකේ ඉදන් වැඩිවීමක් කියලා trade එකකට යොමු වෙද්දී. "put" කියන්නේ අපි දැන් සිටින point එකේ ඉදන් අඩුවීමක් කියලා trade එකකට යොමු වෙද්දී.

6. ඔබට දැන් දිස්වෙන්නේ "area graph" එකක්. අපි trade කරන්න ඕන "candlestick graph" එකක් හරහා. ඒක මෙතනින් වෙනස් කරගන්න.

7. මේක පෙන්නනේ ඔබ "candle stick graph" එක තොරගත්තහම. මෙතනින් තමයි අපිට ඕන candlestick time framework වෙනස් කරගන්නේ ( අපිට ඕන වෙනවා charts තුනක් 1min, 5min සහ 30min time එක්ක ) eg 1min කියලා තෙරුවහම එක candle stick (බාර් එකක) එකක කාලය වෙන්නේ මිනිත්තුවයි ( මිනිත්තුවක් ඇතුලත වෙනස් වීම තමා පෙන්නන්නේ )

8.මේකේ තියෙන්නේ ඔබට ඉරි අදින්න ඕන වුනහම අවශ්‍ය දේවල්. ( support /resistance වලට ඕන horizontal ඉරි මේකෙන් තමයි ලබාගන්න වෙන්නේ )

9. මෙතනින් තමයි මම ඉස්සෙල්ලා කිව්වා indicators දාගන්න තියෙන්නේ. indicator එකක් තෙරුවහම, popup window එකක් එනවා. අන්න එකේ තියෙන දෙවෙනි tab එකෙන් ( setup & apply ) තමයි එම indicator එකට ඕන settings දාගන්නේ ( ගොඩක් ඒවායේ අපි default settings පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම කරන්නේ පාට වෙනස් කරගැනීම අපිට පහසු ලෙස )

10. මෙතනින් අපිට අපේ "trade history" එක බලගන්න පුළුවන් ( browser එකෙනුත් පුළුවන් ). අයීත් close කරන්න දකුණු අත පැත්තේ උඩ තියෙන "x " එක click කරහම හරි.

අනිත් ඒවා නම් ඉතින් දැනට අපිට වැඩක් නෑ. නුමුත් ඔබට ඕන නම් අනිත් ඒවත් click කරලා බලන්න. වැඩිපුර අවබෝදයක් ගන්න තරමටම ඔබට හොදයි..

January 29th, 2017

Posted In:

Tags: , , , , , , , , ,

95 Comments

About Japanese candlesticks and important candle patterns to identify trend reversals
( Forex / Binary option වලට අත්‍යවශ්‍ය Japanese candlestick සහ trend reversal අදුරාගැනීමට මතක තබා ගත යුතු candle patterns. ) 

You can learn about the basics of Japanese candlesticks patterns such as Marubozu, Spinning Top, Doji, Hammer, Inverted Hammer, Hanging Man, Shooting Star, Tweezer Tops, Tweezer Bottoms, Engulfing, Harami, Morning Star, Evening Star, Three Inside Up, Three Inside Down, Three White Soldiers, Three Black CrowsCandlestick patterns in Sinhala which would benefit you when your doing forex & binary options trading using OlymptradeICMarkets or any popular broker's trading platform.

What are these Japanese candlesticks ? මොනවද මේ ජපන් කැන්ඩල්ස්ටික් කියන්නේ ?

ඈත අතීතයේ ජපන්නු සහල් වෙළදාම් කරද්දී මේ කියන කෑන්ඩල් පාවිච්චි කරා. ඉතින් එවකට හිටපු ස්ටීව් නයිසන් ( Steve Nison ) කියන මහත්මයේක් මේක පාවිච්චි කරපු ජපන් බ්‍රෝකර් කෙනෙක් ගෙන් මේ ක්‍රමේ හොයාගත්තේ . ඊට පස්සේ ඒ මහත්මයා මේ ගැන වැඩි දුර පරීක්ෂණ කරලා තමා ලෝකෙට කිව්වේ මේක තියෙන වටිනා කම trade කරද්දී. ස්ටීව් නයිසන් මහත්මයා නොහිටින්න ඉතින් සමහරවිට මේ ක්‍රමේ වැළලිලා යන්නත් තිවුනා. ඔන්න ඒ මහත්තයට පින් දෙන්න අමතක කරන්න එපා යාලුවනේ !

Basics of Japanese Candlestick ( ජපන් කෑන්ඩල්ස්ටික් එකක මුලික ලක්ෂණ )

basics of japanese candlesticks in sinhala for Sri Lankans by prathilaba sinhala tutorials

ජපන්කෑන්ඩල්ස්ටික් බුලිෂ් ( bullish ) සහ බෙරිෂ් ( bearish ) ලෙස තමා ඔබට චර්ට් එකක පෙන්නනේ. ඔබට තේරෙන විදියට කිව්වොත් බොහොමයක් බ්‍රෝකර්ලගේ වැඩිවීමකදී පෙන්නනේ green/white candlestick ( bullish ). අඩුවීමක්දී පෙන්නනේ red/black candlestick ( bearish ). මේවයේ ශරීරයක් ( body ) සහ හෙවනැල්ලකින් ( shadow ) සමන්විතයි. සාමාන්‍යයෙන් body එක ගොඩක් දිගට තියෙනවනන් පොඩි shadow එකක් එක්ක හරි කිසිම shadow එකක් නැත්තම්. ඒක හොද strong candle එකක්.

What are the  various types of  Japanese candlesticks & patterns  ? ( මොනවද මේ Japanese candlestick වර්ග සහ රටා ? )

ජපන් කෑන්ඩල්ස්ටික් ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්

1 ) Single candlesticks patterns ( තනි කෑන්ඩල්ස්ටික් )

මේ කෑන්ඩල්ස්ටික් තනි තනි වශයෙන් තමා අදුරගන්න පුළුවන්.

1a ) Green/White Marubozu (bullish marubozu)   and  Red/Black Marubozu  (bearish marubozu)  

bearish and bullish Marubozu candlesticks in sinhala for sri lankans - prathilaba sinhala binary options tutorials

Green/White Marubozu කෑන්ඩල්ස්ටික් එක මගින් නිරුපනය කරන්නේ වැඩිවීමක්. ගොඩක් වෙලාවට ඔයාට මේක දැකගන්න පුළුවන් uptrend එකකදී. අර ඉස්සෙලා මම කිව්වා වගේ මේවයේ හෙවන්නල්ල ඇත්තෙම නෑ එක්කෝ පොඩි හෙවන්නල්ලක් තමා තියෙන්නේ. Red/Black Marubozu කෑන්ඩල්ස්ටික් එක මගින් නිරුපනය කරන්නේ අඩුවීමක්. ගොඩක් වෙලාවට downtrend එකකදී මේක දැකගන්න පුළුවන්. range market එකකදී ගොඩක් වෙලාවට මේවා කවලමේ තමයි පෙන්නනේ මොකද trend ඒවා strong නැති නිසා.

Green/White Marubozu
Result - Uptrend

Red/Black Marubozu
Result - Downtrend

1b ) Spinning Top

Spinning tops candlesticks in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේක neutral candle ( අදහස් කරේ අඩු වැඩි වීමක් පෙන්නනේ නැති නිසා ) එකක්. මේකෙන් අපිට දැනගන්න පුළුවන් මාර්කට් එක වැඩිය වෙනස් වෙන්නේ නැති තත්වෙකට එමින් තියෙන්නේ buyersලා සහ sellarsලා එක සමාන මට්ටමකට අවහම ( trend එකක් ඉවර වෙන්න කිට්ටු වෙනකොට ) හරි ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්න හදන්නේ කියලා. ට්‍රෙන්ඩ් එකක් වෙනස් වෙනවනං අනිවාර්යයෙන් මේකට පස්සේ strong bullish හරි bearish හරි candle 2ක් 3ක් වත් පෙන්නන කන් ඉන්න ඕන. Spinning top එක දිගට තියෙන මාර්කට් වල trade කරන්න එපා මොකද ඒවායේ ඇහැට පේන අඩු වැඩි වීමක් නැතිනිසා ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්.

trend එකක් එහෙමත් නැත්තම් trend reversal එකක් අදුරගන්න ගොඩක් වෙලාවට මේක උපකාරී වෙනවා. ඉතින් මේක ඉතා වටිනා ලිපියක් වෙනවාට සැකයක් නෑ  ඔබ trade කරද්දී. =) මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අමතක කරන්න එපා.

Result - neutral, possible indication for uptrend/downtrend soon

1c ) Doji

doji candlestick pattern in sinhala for sri lankan traders

මේකයි ඉස්සෙල්ලා එකයි එකමද කියලත් හිතෙන්නේ පුළුවන් නේද. මේ candle එකේ බොඩි එක හරියට ඉදිකට්ටක් වගේ තුනී.එහෙමත් නැත්තන් තුනී line දෙක තුනකට වඩා ඝන නෑ. මේකත් neutral. මේකත් ඉතින් සාමාන්‍යයෙන් trend එකක් ඉවර වෙන්න කිට්ටු වෙනකොට සහ අලුත් ට්‍රෙන්ඩ් එකකට breakout සිග්නල් එකක් වගේ තමා මේකෙත් දෙන්නේ. මේක candle වර්ග කීපයක් තියෙනවා ඉහල පින්තුරේ තියෙන විදියේ.

Result - neutral, possible indication for uptrend/downtrend soon

1d) Hammer and Inverted Hammer

hammer candlestick in sinhala for sri lankans
inverted hammer candlestick in sinhala for sri lankans

මේක නිකන් මිටියක් වගේ නිසා තමා මේකට මේ නම වැටිලා තියෙන්නේ. මේකේ පාට එච්චර ප්‍රශනයක් නෙමේ. මේ වගේ candle එකක් downtrend එකකට පස්සේ ඇතිවෙලා ඊට පස්සේ ස්ට්‍රොන්ග් green/white marubozu candle 2ක්-3ක් වගේ පෙන්නුවහම හොද uptrend එකක් පටන් ගන්න යන්නේ කියලා සිග්නල් එකක් තමා දෙන්නේ.

Hammer ( Downtrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක පහලට තියෙන්නේ. උඩ පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Inverted hammer ( Downtrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක ඉහලට තියෙන්නේ. පහල පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Result - uptrend

1e) Hanging Man and Shooting Star

hanging man candlestick in sinhala for sri lankans by prathilaba sinhala tutorials
shooting star candlestick in sinhala for sri lankans by prathilaba sinhala website

මේක ඉස්සෙල්ල දෙකේ ඇත්තටම අනිත් පැත්ත. මේක uptrend එකක් ඉවර වෙලා ඇතිවෙනවා කියන්නේ downtrend එකක් පටන් ගන්න සිග්නල් එකක් කියලා. downtrend එකක් කියලා වැඩි අවබෝදයක් ගන්න ඉතින් ඉස්සෙල්ලා වගේම හොද strong bearish marubozu දෙකක් වත් මේකට පස්සේ නිරුපනය වෙනකන් ඉන්න වෙනවා..

Hanging Man ( Uptrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක පහලට තියෙන්නේ. උඩ පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Shooting Star ( Uptrend ඉවර වෙලා පටන් ගන්න ඕන )
මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක ඉහලට තියෙන්නේ. පහල පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Result - downtrend

2 ) Double candlestick Patterns ( ද්විත්ව කෑන්ඩල්ස්ටික් )

මේවා ඉතින් දෙක දෙක ඇති වුනොත් තමයි trend reversal එකක් වෙන්න පුළුවන්.

2a) Tweezer Tops

tweezer tops candlesticks in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේ වගේ pattern එකක් ඇති වෙන්නේ දීර්ග uptrend එකකට පස්සේ. පළමු tweezer candle එක bullish (white/green) වෙන්න ඕන. දෙවැනි එක bearish (red /black) වෙන්න ඕන. මේ දෙකේම සෙවනැල්ල එක සමාන වෙන්න ඕන හොද effective trend reversal එකකට කියන එකත් අමතක කරන්න එපා යාලුවනේ.

Result - Downtrend

2b) Tweezer Bottoms

tweezer bottoms candlesticks in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේ වගේ candlestick pattern එකක් ඇති වෙන්නේ දීර්ග down trend එකකට පස්සේ. පළමු tweezer candle එක bearish (red /black) වෙන්න ඕන. දෙවැනි එක bullish (white/green) වෙන්න ඕන. මේ දෙකේම සෙවනැල්ල එක සමාන වෙන්න ඕන ඉස්සෙල්ල වගේම හොද effective trend reversal එකකට .

Result - Uptrend

2c) Bullish Engulfing

bullish engulfing candlesticks in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේක ඇතිවෙන්න downtrend එකකට පස්සේ. මෙතන වෙන්නේ downtrend එකේ candle එක ඊළගට ඇතිවෙන bullish candle එකකින් එහි body එක සම්පුර්ණයෙන් ආවරණය කිරීම. අනිත් මතක තියාගන්න ඕන කරුණු දෙක තමයි. bullish candle එක ටිකක් පල්ලෙහට යන්නත් ඕන පලමු එකට වඩා.ඒවගේම bullish candle එක bearish candle එක ආවරණය කළා වගේම ඒකට වඩා ඉහලින් ඉවර වෙන්නත් ඕන.

Result - Uptrend

2d) Bearish Engulfing

bearish engulfing candlesticks in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේක ඇතිවෙන්න uptrend එකකට පස්සේ. මෙතන වෙන්නේ uptrend එකේ candle එක ඊළගට ඇතිවෙන bearish candle එකකින් එහි body එක සම්පුර්ණයෙන් ආවරණය කිරීම. අනිත් මතක තියාගන්න ඕන කරුණු දෙක තමයි. bearish candle එක ටිකක් පල්ලෙහට යන්නත් ඕන පලමු එකට වඩා.ඒවගේම bearish candle එක bullish candle එක ආවරණය කළා වගේම ඒකට වඩා ඉහලින් ඉවර වෙන්නත් ඕන.

Result - Downtrend

2e) Bullish Harami

bullish harmi candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේකේ වෙන්නේ downtrend එකක් අවසානයේ තියෙන bearish candle එක ඊළගට තියෙන bullish candle එක ආවරණය වීම. ඉස්සෙල්ල දෙකේ වගේම මේකෙත් පල්ලෙහට ටිකක් ගිහින් තියෙන්නේ ඕන bearish candle එකේ (පළමු candle එකේ).

Result - Uptrend

2f) Bearish Harami

bearish harmi candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේකේ වෙන්නේ uptrend එකක් අවසානයේ තියෙන bullish candle එක ඊළගට තියෙන bearish candle එක ආවරණය වීම. ඉස්සෙල්ල දෙකේ වගේම මේකෙත් පල්ලෙහට ටිකක් ගිහින් තියෙන්නේ ඕන bullish candle එකේ (පළමු candle එකේ).

Result - Downtrend

3 ) Triple candlestick Patterns ( ත්‍රිත්ව කෑන්ඩල්ස්ටික් )

මේවා ඉතින් තුන තුන ඇති වුනොත් තමයි trend reversal එකක් වෙන්න පුළුවන්.

3a) Morning Star

morning star candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේකේ වෙන්නේ downtrend එකක් අවසානයේ තියෙන bearish candle එකට පස්සේ කුඩා body එකක් තියෙන candle එකක් ඇතිවෙනවා. ඒක bearish /bullish වුනාට කමක් නෑ (මේක ගොඩක් වෙලාවට spinning top හරි doji හරි candle එකක්. නැත්තන් කුඩා bearish/bullish candle එකක්). ඉන්පසු body එක ලොකුවට තියෙන bullish candle එකක් ඇතිවෙනවා ( සාමාන්‍යයෙන් මේක downtrend එකේ අවසානයට ඇතිවුන ලොකු bearish candle එකෙන් බාගෙකට වඩා වැඩි වෙන්න ඕන ). දැන් මේ රටාව reversal uptrend point එකක් විදියට නැවත සනාථ කරගන්න පුළුවන් ඊළගට ඇතිවෙන විශාල bullish candle එකෙන්.

Result - Uptrend

3b) Evening Star

evening star candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේකේ වෙන්නේ uptrend එකක් අවසානයේ තියෙන bullish candle එකට පස්සේ කුඩා body එකක් තියෙන candle එකක් ඇතිවෙනවා. ඒක bearish /bullish වුනාට කමක් නෑ (මේක ගොඩක් වෙලාවට spinning top හරි doji හරි candle එකක්. නැත්තන් කුඩා bearish/bullish candle එකක්). ඉන්පසු body එක ලොකුවට තියෙන bearish candle එකක් ඇතිවෙනවා ( සාමාන්‍යයෙන් මේක uptrend එකේ අවසානයට ඇතිවුන ලොකු bullish candle එකෙන් බාගෙකට වඩා වැඩි වෙන්න ඕන ). දැන් මේ රටාව reversal downtrend point එකක් විදියට නැවත සනාථ කරගන්න පුළුවන් ඊළගට ඇතිවෙන විශාල bearish candle එකෙන්.

Result - Downtrend  

3c) Three Inside Up

three inside up candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

Downtrend එකක් අවසානයේ ඇතිවෙන bearish candle එකකින් පස්සේ. සාමාන්‍ය ප්‍රමාණයේ candle එකක් ඇතිවෙන්න ඕන. හැබැයි එක අවසන් වෙන්න ඕන bearish candle එකේ බාගෙකට වඩා ඉහලින්. ඊළගට ඇතිවෙන bullish candle එක නන් ඉවර වෙන්න ඕන පළමු bearish candle එකට උඩින්.

Result - Uptrend

3d) Three Inside Down

three inside down candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

Uptrend එකක් අවසානයේ ඇතිවෙන bullish candle එකකින් පස්සේ. සාමාන්‍ය ප්‍රමාණයේ candle එකක් ඇතිවෙන්න ඕන. හැබැයි එක අවසන් වෙන්න ඕන bullish candle එකේ බාගෙකට වඩා පහලින් . ඊළගට ඇතිවෙන bearish candle එක නන් ඉවර වෙන්න ඕන පළමු bullish candle එකට වඩා පහලින්.

Result - Downtrend

3e) Three White Soldiers Candlestick Pattern

three white soldiers candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

Downtrend එකක් ඉවර වෙලා ඊළගට හොද bullish candle තුනක් ඇතිවෙන්න ඕන. මෙතන වැඩියෙන් අවදානය යොමු කරන්න ඕන දෙවෙනි සහ තුන්වෙනි candle පටන් ගන්න තැන ගැන. එම candle හැම විටම ආරම්භ වෙන්න ඕන ඊට ප්‍රථම එකේ අවසානයට පෙර (රුප රාමුව බලන්න. මොකක්ද කිව්වේ කියලා තේරෙයි !)

Result - Uptrend

3f) Three Black Crows Candlestick Pattern

three black crows candlestick pattern in sinhala for sri lankans - prathilaba sinhala tutorials

මේ ඉතින් ඉස්සෙල්ලා කිව්වා එකේ අනිත් පැත්ත. uptrend එකක් ඉවර වෙලා හොද bearish candle තුනක් ඇතිවුනහම හරි. ඉස්සෙල්ලා වගේම ඉතින් දෙවෙනි තුන්වෙනි candle ආරම්භ වෙන්න ඕන ඊට ප්‍රථම තියෙන candle එකේ අවසානයට පෙර..

Result - Downtrend

සාරාංශය

දැන් ඉතින් තියෙන්නේ මේ ටික හොදට මතක තියාගෙන Forex / Binary Options Trading chart වලදී අදුරගන්න එක. ඒවගේම සමහර වෙලාවට මේ විදියම තියෙන්න ඕනෙම නෑ නුමුත් කිට්ටුවෙන් යන pattern වුනත් match වෙනවා. අනිත් මතක තියාගන්න ඕන දේ තමයි සමහර downtrend /uptrend ඇත්තටම සුළු වෙලාවයි තියෙන්නේ ඉතින් ඒවා මගහරවා ගන්න එක ඉතින් indicators සහ trading පළපුරුද්ද මත තමා රදා පවතින්නේ. අන්න එනිසයි ඔබ උත්සහ කල යුත්තේ minimum 60% trade ප්‍රමාණයක් දවසට සාර්ථක කරගන්න 80% දෙන trade වලින් ( බයිනරි වලදී ). කලබල නැතුව බයිනරි කරනවනම් Binary Options money management techniques පාවිච්චි කරන්න අනිවාර්යයෙන් 70%-90% සාර්ථක කරගන්න පුළුවන්. ෆොරෙක්ස් කරනවානම් Forex Money management techniques පාවිච්චි කරන්න අනිවාර්යයෙන් 70%-90% සාර්ථක කරගන්න පුළුවන්. 

ඔබට ජය !

January 29th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

77 Comments

I’am a successful forex trader, will I also be able to earn further more with binary options trading ?
( මම forex කරලා සාර්ථක ලෙස උපයනවානම් මේකෙන් මට තව මුදල් හොයන්න පුලුවන්ද ? )

George Soros motivational quote for already winning forex traders in Sri Lanka

Binary options trading tutorials for already successful forex traders in Sinhala. The basics for both trading methods are same ( Binary is time based system compared to Forex ) So you should be successful with binary too, if you are already making revenue with Forex trading.

ඇත්තටම ඔව්. ඔබ සාර්ථක Forex trader කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම මෙයීන් මුදල් උපයන්න අනිත් අයට වඩා ඔබ ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. ඔබ දැනට Forex වලට පාවිච්චි කරන ක්‍රම Binary Option වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ දැනට තියෙන දැනුම පාවිච්චි කරලා trade අදම පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තන්. ඔබ මේ ලිපිය කියෙව්වහම හොදටම ඇති. 9- Trend අනුව trade කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදය ( Successful Trend Trading Binary Option Pattern ). ඒවගේම ඔබ දැනටමත් francoගේ Binary Options Trading Signals සේවාව ලබා ගන්නවා නම්. කරන්න ඕන දේ කියන්න ඕන නෑ නේ !

( මගේ අදහස නම් ඔබ සිග්නල් සේවාවක් ලබා ගන්න ඕන ඔබේ trading ක්‍රමේ සාර්ථක කර ගන්න රුකුලක් විදියට මිසක් ඒ මත යැපෙමින් trade කිරිමීට නොවේ. ඒක නිසා පුලුවන් තරම් trade කරන විධිය ඉගෙන ගෙන පුරුදු පුහුණු වෙන්න පුලුවන් තරම් ඉක්මනට තනියෙන්ම වැඩේ ගොඩ දාගන්න.. .. )

January 29th, 2017

Posted In:

Tags: , , , , , , , , , , , , , ,

2 Comments

I have done forex and lost a lot. Will I able to become successful with binary options trading ?
( මම forex කරලා නැත්තටම නැති වෙලා ඉන්නේ ? මට මේක කරලා ගොඩ යන්න පුලුවන්ද ? )

henry ford motivational speech for lost forex traders in Sri Lanka by prathilaba free sinhala binary options tutorials

Is Binary options good for traders with forex experience but not yet successful with forex trading ? Some of the reasons for possible failures in Forex Trading.

ගොඩක් forex කරණ සහ කරපු අයට මේ වගේ ප්‍රශ්න ඇතිවෙලා ඇති නේද. ඇත්තටම ඔබ forex කරද්දී පාඩු  වුනේ ඇයි කියලා අධ්‍යනය කරලා බැලුවද...? මම හිතන්නේ නෑ එහෙම ගොඩක් දෙනෙක් හේතු හොයන්න මහන්සි වුණා කියලා. ඔබ පාඩු වෙන්න මේ කරුණු ඔක්කොම හරි කීපයක් හරි බලපාන්න ඇති.

a) හරියට forex ගැන ඉගෙන නොගෙන forex ලේසි වැඩක් යයි සිතා trade කිරීම ( අති බහුතරය මේ ගොඩේ ඉන්නේ ).

b) SL හරියට පාවිච්චි නොකිරීම.

c) අධික තණ්හාව.

d) හරි හමං broker කෙනෙක් පාවිච්චි නොකිරීම.

e) මුදල් හරියට කළමනාකරණය නොකිරීම.

f) පුවත් වෙලාවල් ගැන මේලෝ දැනීමක් නොතිබීම.

g) බාල signal සේවාවක් ලබා ගැනීම.

h) නියමිත මුදල් ප්‍රමාණයක් නොයදවා trade කිරීම.

දැන් ලැබෙන්න ඇති නේද අවබෝදයක්, කොහෙද වැරදුනේ කියලා. Forex කියන්නෙත්  Binary Options Trading වගේම හරියට ඉගෙන ගෙන කරොත් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් ( සාර්ථක forex trader කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ලිපි පෙළක් ඉදිරියට දාන්නම් මොකද මේ දෙකේම මුලික දේවල් සමානයි ). මේ දෙකම කරන්න සංයමයක් තියෙන්න ඕන.  කලබල වෙලා සහ සල්ලි වලට පෙරේත වෙලා මේ දෙකම කරන්න බෑ. තෙවෙනි ලිපියේ ආකාරයට වැඩි trade ප්‍රමාණයක් සාර්ථක කර ගැනීම තමයි ඔබේ අරමුණ වෙන්න ඕනේ, එතකොට ඉතින් ඉබේම සල්ලිත් සාර්ථක විදියට ලැබෙනවා.  

සමහර බකපණ්ඩිතයෝ කියන දෙයක් තමයි binary option කියන්නේ සූදුවක් කියලා ( Forex කරන කෙනෙක් Binary Options සුදුවක් කියලා කියනවනම් ඔහු මොලේ පරික්ෂා කර ගන්න ඕන, මොකද දෙකේම පදනම එකම නිසා  ) . ඇත්තටම එහෙම කියන්නේ martingale pattern ( Please Do NOT Use this method for trading. Learn proper methods and Trade ! ) වැනි trading වලට නුසුදුසු කැසිනෝ ක්‍රම භාවිතා කරලා ඇන ගත්ත පිරිස්. නවක ඔබ එවැනි ක්‍රම කිසි ලෙසකවත් පාවිච්චි කරන්න එපා.   Forex සහ Binary කියන්නේ ක්‍රම හරියට ඉගෙන ගෙන මොලේ පාවිච්චි කරලා සාර්ථක වෙන්න පුළුවන් ක්‍රම දෙකක්.  ඒක නිසා මේක තියෙන ලිපි පෙළ කියවන්න. ඉන්පසු පටන් ගන්න පුළුවන් Binary Options Trading. 

 

never giveup forex traders in Sri Lanka by prathilaba free sinhala binary options tutorials

What are the advantages of Binary Options Trading than Forex ? දැන් Binary කරන එකේ වාසිය මොකක්ද Forex වලට වඩා ?

Binary Options වලදී අපි අනිවාර්යයෙන්ම දන්නවා trade එකකට යන්න කලින්ම හරියටම පාඩු වෙන්නේ කීයද හරියටම ලාභය කීයද කියලා.

eg අපි හිතමු ඔබ $20 දාලා විනාඩි 5ක trade එකකට ගියා කියලා 80% ප්‍රතිලාභ ලැබෙන . ඔබ පාඩු වුනොත් ඔබේ පාඩුව $20 ඊට වඩා සත පහක් වැඩි වෙන්නේ නෑ. ( forex වගේ ගිණුමේ සල්ලි ඔක්කොම නැතිවෙලා යන්නෙත් නෑ මේකත් ඉතින් වෙන්නේ forex ගැන හරියට ඉගෙන ගත්තේ නැති වුනහම සහ SL හරියට භාවිතා නොකරහම ). දැන් ඔබට මේ trade එකෙන් ලැබෙන ප්‍රතිලාභය හරියටම $16. දැන් තේරුණා නේද පාඩු වෙන එක මේකෙදි අවමයි කියලා. අනික දවසට trade කරන ප්‍රමාණයෙන් 60% වඩා සාර්ථක වුනහම ඔබට හොද අදායමක් ලැබෙනවා. ඔබගේ ඉල්ලකය විය යුත්තේ 80% සහ වැඩි අගයක්. එවිට තමයි වැඩි සාර්ථකත්වයක් ලැබෙන්නේ.

January 29th, 2017

Posted In:

Tags: , , , , , , , , ,

23 Comments

How much can I earn monthly from binary options trading online ?
( Binary options trading මගින් මා හට මාසෙකට කොච්චර මුදලක් හොයන්න පුලුවන්ද ? )

Get an idea about how much you can generate per month with binary options trading using 5 minutes trend trading pattern or using a professional binary options signal service.

සරලම පිළිතුර තමයි “Binary Option ඉගෙන ගෙන හෝ සිග්නල් සේවාවක සහයෝගයෙන් ඔබට මෙම ක්‍රමය මගින් අසීමිතව මුදල් හෙවිය හැක”. නුමුත් සාර්ථක trader කෙනෙක් වීමට නම් ඔබේ අරමුණ විය යුත්තේ වැඩි trade ප්‍රමාණයක් හැමවිටම සාර්ථක කර ගැනීමයි.  එහෙම වැඩි trade ප්‍රමානයක් සාර්ථක වෙනවා කියන්නේ ඔබට වැඩි මුදලක් කාලයත් සමග ආයෝජනය කරමින් වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට හැකි වෙනවා කියන එකයි..   

alexander elder trading quote for new traders in Sri Lanka - by prathilaba sinhala binary traders

ඔන්න පොඩි breakdown එකක් තියෙනවා මාසෙකට හොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය ගැන.

දිනකට Trades ප්‍රමාණය: 10
එක් trade එකකින් ඔබට දළවශයෙන් ලැබෙන ප්‍රමාණය  : 80%* & higher ( based on choosen currency pair. This rate will be different during certain times and for certain pairs. )
දළවශයෙන් මාසෙකට trade කරණ දින ප්‍රමාණය : දින 20යි

( ඔබට අවශ්‍ය නම් සති අන්තයේද trade කරන්න පුළුවන් . එතකොට මේක දින 30ක් වෙනවා ) 

Per Trade Per DayIf 60%* Successful
( W : 6 / L : 4 ) in 20 days
If 70%* Successful
( W : 7 / L : 3 ) in 20 days
If 80%* Successful
( W : 8 / L : 2 ) in 20 days
$10 x 10 trades$ 160$ 520$ 880
$20 x 10 trades$ 320$ 1040$ 1076
$30 x 10 trades$ 480$ 1560$ 2640
$40 x 10 trades$ 640$ 2080$ 3520
$50 x 10 trades$ 800$ 2600$ 4400

* Amount to be credited to account for a successful trade.

මේ ගණන් හදපු විදිය පහත උදාහරණයෙන් ඔබටත් අවබෝදයක් ගන්න පුළුවන් ඔබ අතරමැද ගණනක් යොදවන්න ඉන්නවනම් trade එකකට. 

දිනකට $20ගානෙ 80%වලට වඩා මුදල් ලැබෙන trade 10 කරොත් ( 10 x $16 ) = $160**

ඔබ අවම ලෙස අපි හිතමු trade 6 සාර්ථක වුණා කියලා ( $16 x 6 ) = $96**
ඔබ හතරක් අසාර්ථකයි නම් ($20 x 4). දිනක පාඩුව = -$80

එතකොට trade 6ක් සාර්ථක වුනොත් විතරක් ඔබට ලැබෙන ප්‍රමාණය = $96-$80 = $16**

ඉතින් ඔබ දවස් 20ක් මාසෙකට ( මේක දවස් 30ම වුනත් පුළුවන් ) මෙහි නිරත වුනොත් = $16 x 20 = $320**

එකියන්නේ දළ වශයෙන් ඔබට අඩුම හතලිස් අටදාක් විතර ලැබෙනවා කියන එක ගෙදර ඉදන්ම.

දැන් ඔබට ඇති නෙද මෙහෙම ප්‍රශ්නයක් ? "අපි කොහොමද දන්නේ trade 6ක් හෝ 6කට වඩා හැම තිස්සෙම සාර්ථක වේවි කියලා ?" මුලිකම දේ ඉවසීම සහ පුහුණුව.  

Prathilaba.com එකේ තියෙන 5 minutes Trend Trading Pattern එක ප්‍රගුණ කරන්න. ඒක සීයට 80%ක පමණ minimum සාර්ථක භාවයක් තියෙන ක්‍රමයක්. අනිත් ක්‍රමේ තමා පළපුරුදු binary signal සේවයක් ලබා ගැනීම (Francoගේ Binary Options Trade Signals තමා ඉතින් recommend කරන්න පුළුවන් ). ඒක නිසා හොද ඉවසීමක් සහ පුහුණුවක් ලබාගත් පසු බය නැතුව අපි කිව්ව අඩුම ගානේ ඉදන් ලක්ෂ 2-3කටත් වඩා මාසෙකට උපයන්න පුළුවන්. දැන් ඉතින් තන්හාවට ලක්ෂ ගණන් දිගට හරහට දාන්න එපා. ක්‍රමානුකුලව ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම Binary Options money management techniques කියවන්න trade පටන් ගන්න ඉස්සෙල්ලා. හොදට demo කරලා සාර්ථක වුනහම වැඩේට බහින්න ! හේතුව ට්‍රේඩින් කියන්නේ ඉහල අවදානම් තිබෙන දෙයක්. ඒක නිසා අවදානමක් ගන්න පුළුවන් මුදල් වලින් පමණක් ට්‍රේඩ් කරන්න.  😎 

** ( These are assumptions made to help you understand based on rates given. The end result will depend on how you trade. Your capital may be at risk. This material is not investment advice )

January 29th, 2017

Posted In:

Tags: , , , , , , ,

94 Comments

How can I deposit funds to binary option broker and how can I withdraw funds to my account ?  ( මම කොහොමද binary option පටන් ගන්න මුදල් ආයෝජනය කරන්නේ සහ ලැබෙන මුදල් මගේ ගිණුමට ලබා ගන්නේ ? )

funding and withdrawing money from binary option broker in sinhala for Sri Lankans by prathilaba.com

Learn about depositing and withdrawing funds from Binary Options Brokers.

1) What I require ? ( අවශ්‍ය වන්නේ මොනවද ? )

a) Credit Card with online payment facility  ( අන්තරජාල සේවා සක්‍රිය කරගත් credit card පතක් )

ඔබ අනිවාර්යයෙන්ම අන්තර්ජාල ගෙවීම් කල හැකි VISA credit card පතක් ලබා ගත යුතු වෙනවා. ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . විසදුම තමයි දැනට නෙටෙලර් ඩොලර් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලාගන්න එක. ( විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ගන්න මොකද ලෝක හොරු ඉන්නවා. ) . එහෙමත් නැත්තම් ඉතින් exchange එකක් දැන් භාවිතා කරන්න වෙනවා.

b) Soft-copy of National ID and Passport ( ජාතික හැදුනුම්පතේ හෝ ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක් ) 

දෙපැත්තම වෙන වෙනම scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) ඔබේ ජාතික හැදුනුම්පතේ ( ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වනම් පමණයි මෙය භාවිතා කල හැක්කේ ) කොපියක් හෝ ඔබේ passport එකේ ඔබ ගැන සදහන් පිටුවේ scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) කොපි එකක් ලෑස්ති කරගන්න.   මොකද පළමුවරට සල්ලි ගනිද්දී මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන් ඕන වෙනවා.

c) Soft-copy of a document for address proof  ( ලිපිනය තහවුරු කිරීමට හැකි බිලක පිටපතක් ) 

ලිපිනය තහවුරු කරගන්න ඔබේ නමට තිබෙන විදුලි බිලක්, වතුර බිලක්,බැංකු ස්ටේට්මන්ට් එකක්, ස්ථාවර දුරකථන බිලක් වගේ scan කරගෙන කොපි එකක් ලෑස්ති කරලා තියාගන්න.   මොකද පළමුවරට සල්ලි ගනිද්දී මේ වගේ දෙයකුත් සමහර බ්‍රෝකර් ආයතනවලට  අනිවාර්යයෙන් ඕන වෙනවා.

2) What I must remember ? ( අනිවාර්යයෙන් මතක තබා ගත යුතු දේ )

ඉහල ලාභයක් ගත හැකි ඕනෙම ආකාරයක ආයෝජනයක් කියන්නේ දැඩි අවදානමකුත් තියෙනවා කියන එක.  ණයට අරගෙන එහෙමත් නැත්තම් ඔබගේ එදිනෙදා වියදමට තියෙන මුදල් ආයෝජන සදහා යොදවන්න එපා. ඒක නිසා අවදානමක් ගත හැකි මුදලක් පමණක් ට්‍රේඩින් ආයෝජන සදහා යොදවන්න.

3) Methods ( මුදල් දැමිය හැකි සහ ගත හැකි ක්‍රම )

මේ තමයි මුලිකම ක්‍රම දෙක

Skrill ewallet

මේ ewallet එක හරහා ඔයාට මුදල් දැමීම සහ ගැනීම කරන්න පුළුවන්. වීසා ක්‍රෙඩිට් කාර්ඩ් පතක් අවශ්‍ය වෙනවා. ගිණුම හදාගන්න විදිය Skrill tutorial in Sinhala ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන්.

Neteller ewallet

මේ ewallet එක හරහාත් ඔයාට මුදල් දැමීම සහ ගැනීම කරන්න පුළුවන්. වීසා ක්‍රෙඩිට් කාර්ඩ් පතක් මේකෙදිත් අවශ්‍ය වෙනවා. ගිණුම හදාගන්න විදිය Neteller tutorial in Sinhala ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන්.

මීට අමතරව පහත ක්‍රමත් භාවිතා කරන්න පුළුවන් ;

Bitcoin

බොහොමයක් බ්‍රෝකර් ආයතන බිට් කොයීන් හරහා මුදල් දැමීම සහ ගැනීමට සහයෝගය දක්වනවා. Bitcoin ගැන වැඩි විස්තර Bitcoin Investments in Sinhala ලිපියෙන් දැන ගන්න පුළුවන්.

Credit Cards

බොහොමයක් බ්‍රෝකර් ආයතන වලට කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් පතෙන් මුදල් යොදවන්න පුළුවන් ( දැන් ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත්  බොහෝමයක් බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ ). නුමුත් මේ ක්‍රමය එතරම් හොද ක්‍රමයක් නෙමේ, මොකද නැවත මුදල් ගැනීමේදී මුදල් ආවද නැද්ද කියලා තහවුරු කරගන්න අමාරුයි. ඒවගේම කාර්ඩ් එකට නැවත ගන්න පුළුවන් යොදවපු ගන්නට සමාන ගනාක් විතරයි. ලාභය අනිවාර්යයෙන් Skrill / Neteller හරහා ගන්න වෙනවා.

4) How to deposit money to Binary Option Broker ?  ( මුදල් දාන්නේ කොහොමද ? )

ඔයා තෝරගත්තු බ්‍රෝකර් ආයතනයේ ගිණුමේ ඇති " Deposit", " Add Funds", " Make a deposit" වගේ මුදල් යොදවන්න කියලා ලින්ක් එකක්. එම ලින්ක් එකට ගිහින් ඔයාට පුළුවන් මුදල් යොදන ක්‍රමය තෝරාගෙන, මුදල් තැන්පත් කරන්න ට්‍රේඩ් කිරීම සදහා.

5) How to withdraw money from Binary Option Broker ?  ( මුදල් ගන්නේ කොහොමද ? )

ඔයා තෝරගත්තු බ්‍රෝකර් ආයතනයේ ගිණුමේ ඇති "Withdraw", "Withdraw Funds", "Get Payment", වගේ මුදල් ගැනීමට කියලා ලින්ක් එකක්. එම ලින්ක් එකට ගිහින් ඔයාට පුළුවන් ඔයා මුලින්ම මුදල් යොදවපු ක්‍රමය හරහාම මුදල් නැවත ගන්න. ( කාර්ඩ් පතෙන් දැම්මා නම් ඔයාට දාපු ගානට සමාන ගානක් විතරයි කාර්ඩ් එකට ගන්න පුළුවන්. ඉතුරු ටික  Skrill / Neteller / Bitcoin හරහා ගන්න පුළුවන්  )

January 27th, 2017

Posted In:

Tags: , , , , , ,

732 Comments

General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.

We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Roboforex, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.

This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.

Countries not supported for Trading InstrumentsPlease refer relevant brokers websites for countries that are not supported for trading.

*EEA – European Economic Area Notice :

Binary and Digital options are prohibited in EEA*

CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.

Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions

* සැලකිය යුතුයි  : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස්  සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ.   ප්‍රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි.  බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.

* Non Disclaimer NoticeYour capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only.  Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.

Copyright 2019 Prathilaba.com