Start Earning further money online with a professional blog website with google adsense or other popular ad network in Sinhala.
ලියන්න පුළුවන් නං ඔයාට කරන්න පුළුවන් නියම වැඩක් තමයි මේක.
ලියන්න බැරි අයටත් විසදුමක් තියෙනවා. හොදට ලියන්න පුළුවන් content writer කෙනෙක් හොයාගෙන වැඩේ කරන්න පුළුවන්. ( Fiverr වගේ වෙබ් අඩවියකින් ඕනේ තරම් ලියන අය හොයා ගන්න පුළුවන් ) , ඊට පස්සේ ඉතින් ගැටළුවක් නැතුවම ඔයාටත් වැඩේට බහින්න පුළුවන්.
( මේ ලිපියේ තියෙන විදියට ඔයාට ඔයාගෙම සේවා සපයන වෙබ් අඩවියත් වුනත් හදාගන්න පුළුවන් )
හරි අපි බලමු කොහොමද සාර්ථකව මුදල් හොයන බ්ලොග් එකක් පටන් ගන්නේ කියලා. මේ වැඩේට ඔයාට වැය වෙන්නේ ඉතාම සුළු මුදලක්. ඩොමේන් සහ හොස්ටින්ග් දෙකටම ප්‍රථම අවුරුද්දේ ඔයාට ගෙවන්න වෙන්නේ $25-$45 වැනි මුදලක් ඔයාම content ලියනවනම්. ඔයා තව කෙනෙකුට කියලා ලිපි ලියවගන්න හිතන් ඉන්නවනම් සාමාන්‍යයෙන් වචන 400-1000ක ලිපියකට $5 - $20 වගේ මුදලක් යන්න පුළුවන් ( ලිපිය ලියන කෙනාගේ පලපුරුද්ද දක්ෂතාවය අනුව මේක වෙනස් වෙනවා ).
1) අන්තරජාලයෙන් ගෙවන්න පුළුවන් ක්‍රමයක් සමග ලෑස්ති වෙන විදිය.
2) වෙබ් අඩවියට නමක් සහ වෙබ් අඩවිය දමා ගැනීමට හොස්ටින්ග් ගිණුමක් අඩුම මුදලකින් විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්න විදිය.
3) හොස්ටින්ග් ගිණුමේ wordpress ස්ථාපනය කරණ අයුරු.
4) ස්ථාපනය කරගත් wordpress වලට theme එකක් දමාගෙන බ්ලොග් පොස්ට් පලකරණ අයුරු.
5) වෙබ් අඩවියට ඕන ලිපි ටික ලෑස්ති කරගත යුතු ආකාරය.
6) ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත වෙබ් අඩවිය යොමු කරන විදිය සහ වෙබ් අඩවියට ගූගල් analytics දමාගන්න විදිය.
7) ඔබ ස්ථාපනය කල බ්ලොග් අඩවියෙන් මුදල් හොයන විදිය.
Disclosure: When you purchase web hosting through links on this page, we earn some commission. This helps us to keep this site running. There are no extra costs to you at all by using our links.
හරි දැන් අන්තර්ජාලයෙන් ගෙවන්න පුළුවන් card / ගිණුම් ලෑස්ති කරගන්නකො. තාම අන්තරජාලයෙන් ගෙවන්න බැරි අය අදම බැංකුවට ගිහින් ගන්න අන්තරජාලයෙන් ගෙවන්න හැකි කාර්ඩ් පතක් ( සම්පත් වෙබ් card එකක් නම් වඩා සුදුසුයි මොකද ඔබ දාන මුදල් විතරයි ගිණුමේ තියෙන්නේ. එහෙම නැත්තම් hnb / commercial හෝ අන්තරජාල සේවා වලට ගෙවිය හැකි ඩෙබිට් කාර්ඩ් පතක් ලබාගන්න ).
හොදට කල්පනා කරලා ලස්සන වගේම ඕන කෙනෙක්ට මතක තියගන්න පුළුවන් .com ඩොමේන් නමක් තෝරගන්න ( .lk වුනත් පාවිච්චි කරන්න පුළුවන් නුමුත් යම් වැඩි පුර මුදලක් වැය කරන්න වෙනවා ).
ඔයාට පහත තියෙන ඕනෙම ආයතනයක් හරහා ඩොමේන් එකයි හොස්ටින් එකයි ගන්න පුළුවන්. වැඩි කාලෙකට ගෙවද්දී මිල අඩුවෙනවා.
Namecheap Hosting වාසි මොනවද ?
අඩුම මිල
සුහදශීලි පාරිභෝගික සේවය
පේපැල් වලිනුත් ගෙවන්න පුළුවන්
A2 Hosting වාසි මොනවද ?
මිළ අඩුයි
වේගවත් සර්වර්
පේපැල් හෝ ස්ක්රිල් ගෙවන්න පුළුවන්
අපි මේක කරන විදිය ඉගෙන ගන්න අඩුම මිලට හොස්ටින්ග් දෙන Namecheap ආයතනය භාවිතා කරමු ( ඔයාට අනිත් දෙකෙන් එකක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. වේගවත් සර්වර් ඕනේ නම් සහ ස්ක්රිල් වගේ ගෙවන්න ඕන නම් අනිවාර්යයෙන් A2 Hosting එකට යන්න ). ලොව පිළිගත් 2001සිට සේවා සපයන දැවැන්ත ආයතනයක් වන Namecheap ආයතයේ අපි මුලින්ම ලියාපදිංචි වෙමු. මේකේ හොදකම අපිට ඔක්කොම ටික මේකෙන් කරගන්න පුළුවන්. ඒවගේම හොද live chat system එකක් සහ ticket system එකකුත් තියෙන නිසා ඕනෙම ගැටළුවක් ඇති වුනත් පහසුවෙන් විසදගන්න පුළුවන්.
ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. එහි "hosting" ලින්ක් එක වෙත ගොස් "shared hosting " තෝරාගන්න
ඔබට ඊලග පිටුවේ පහත ආකාරයට ඔවුන් ලබාදෙන හොස්ටින් packages වගේම එහි මිල ගණන් සහ යාවත්කාලීන කිරීමේදී ගෙවිය යුතු මුදල සදහන් වෙනවා. ( Monthly සහ Annually කියලා තියෙන ටැබ් දෙකෙන් මාසිකව හෝ වාර්ෂිකව ගෙවිය යුතු මුදල බලාගන්න පුළුවන්. වැඩි කාලෙකට ගෙවන එක හොදයි මොකද ඉහළ වට්ටම් ලැබෙන්නේ එහෙම කරහම ). ඉන්පසු "Stellar" කියන පළමු package එක තෝරාගෙන "Get Started" වෙත පිවිසෙන්න. ( මේහි අවුරුද්දටම මිල උපරිම $30.88 වගේ වෙන්නේ. සමහර වෙලාවට එයාලා 50% වගේ වෙනකන් වට්ටම් දෙනවා පළමු වසරේදී. ඉතින් එතකොට $15.44 වගේ යන්නේ ! )
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් පෙන්වාවී. ඔයාට කැමති නම් .website extension එකක් තියෙන ඩොමේන් එකක් නොමිලේ ගන්න පුළුවන් " I want to get a FREE .website domain" කියන මුල්ම ලින්ක් එකෙන්. ඊත් කෙනෙකුට පහසුවෙන් මතක තිබෙන්නේ .com හෝ .lk වගේ නම් තමයි , ඉතින් .com ඩොමේන් එකක් ලබාගැනීමට රතු පාට රවුමකින් ලකුණු කරලා තියෙන "Purchase a new domain" තෝරාගන්න.
ඉන්පසු ලැබෙන පිටුවේ රතු පාට රවුමකින් ලකුණු කරලා තියෙන තැන තිබෙන කොටුවේ ඔබ ගන්න බලාපොරුත්තු වෙන නම සදහන් කරන්න අගට .com එකතු කරමින් ( උදාහරණයකට : myfirstwebsitesrilanka2030.com ). එය කිසි කෙනෙක් තවම ලියාපදිංචි කරලා නොමැති නම් ඔබට "Your domain is available" කියලා ඊට පහලින් පෙන්වනවා ( යම් විදියකින් Not Available කියලා සදහන් වුනොත් වෙනත් නමක් නැවත සදහන් කරන්න හෝ යම් ලෙසක අකුරු වෙනස් කරලා නැවත උත්සාහ කරන්න ). හරි නමක් තෝරගත් පසු "Add new domain to cart" වෙත පිවිසෙන්න.
ඉන්පසු දකුණු පැත්තේ තිබෙන "Continue" කියන button එක ක්ලික් කරන්න. ( යම් ආකාරයක promotion එකක් තිබෙනවනම් අනිවාර්යෙන් තව මිල අඩු වෙනවා ප්‍රථම ලියාපදිංචියේදී. එකත් ඔයාට මේ පිටුවෙන්ම බලාගන්න පුළුවන් 😎 )
ඉන්පසු ඔබට ලැබෙන පිටුවෙන් "Confirm Order" තෝරාගන්න. ( ඔබට අවශ්‍ය නම් SSL certificate එකද තෝරාගන්න පුළුවන්. මේක දැම්මහම ඔයාට වෙබ් අඩවියේ https පාවිච්චි කරන්න පුළුවන් )
ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ඔබට ලැබේවි. ඉන්පසු දකුණු පැත්තේ තිබෙන ( රතු පාටින් ලකුණු කරලා තිබෙන කොටුව ) ගිණුමක් සාදාගැනීම සදහා "Username", "Password", "Confirm Password", "First Name", "Last Name", Email Address" සදහන් කරන්න. ඉන්පසු තිබෙන කොටුවට හරි ලකුණක් යොදවන්න. අවසානයේ "Create Account and Continue" තෝරාගන්න.
ඉන්පසු ඔබට paypal හෝ ඔබේ කාර්ඩ් පත භාවිතා කරමින් "Pay Now" ලින්ක් එක හරහා ගෙවීම කල හැකියි. ඔබට විනාඩි කීපයක් හෝ වැඩිම වුනොත් පැයක් වගේ ඇතුලත හොස්ටින්ග් ගිණුමේ තොරතුරු ටික ලැබෙනවා. මේ තොරතුරු ටික සුරක්ෂිතව තබාගන්න.
ඔබට හොස්ටින්ග් ගිණුමේ තොරතුරු ලෙස ඊමේල් පණිවිඩයෙන් ලැබුණු ලින්ක් එක, username සහ password භාවිතා කරමින් ඔබේ හොස්ටින්ග් ගිණුමට ඇතුලත් වන්න ( billing ගිණුමේ තොරතුරුයි මේකයි පටලවගන්න එපා හොදේ !).
ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. එහි තිබෙන "Softaculous Apps Installer" වෙත පිවිසෙන්න
ඉන්පසු "WordPress" තෝරාගන්න
ඉන්පසු "Install Now" තෝරාගන්න
ඉන්පසු ලැබෙන පිටුවෙන් ඔබ "In Directory" කියන එක ඉදිරිපිට තිබෙන කොටුවේ කිසිවක් සදහන් නොකර තබාගන්න ( දැනටමත් යමක් තිබේ නම් එය මකා දමන්න ). "Site Name" ලෙස ඔබේ වෙබ් අඩවියේ නම සදහන් කරන්න.
"Admin Username" සහ "Admin Password" වලට ඔබට මතක තබා ගත හැකි නමක් සහ මුර පදයක් යොදවන්න. "Admin Email" ලෙස ඔබේ ඊමේල් ලිපිනය සදහන් කරන්න.
ඉන්පසු එම පිටුව අවසානයේ ඇති "Install" තෝරාගන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. මේක 100% වෙලා පණිවිඩයක් සදහන් වෙනකන් සිටින්න
මේ ආකාරයේ සාර්ථකයි කියලා message එක ආවා කියන්නේ installation වැඩේ හරි !
WordPress වල theme වෙනස් කරන්න සහ බ්ලොග් ලිපි එකතු කරන්න ඔබ පිවිසෙන්න ඕන එහි backend එක වෙත.
WordPress වල backend එකේ ලින්ක් එක පහත පරිදි වෙනවා
http://mysite.com/wp-admin
( mysite වෙනුවට ඔබේ වෙබ් අඩවියේ ලියාපදිංචි කල නම යොදවන්න )
ඉන්පසු ඔබ මීට ඉහත අදියරයේදී යෙදවූ "Admin Username" "Admin Password" භාවිතා කරමින් wordpress එකේ backend එක වෙත පිවිසෙන්න
ඉන්පසු ඔබට wordpressහි dashboard එක පහත ආකාරයට දැක ගත හැකි වෙනු ඇත
වම පැත්තේ තිබෙන "Appearance" වෙත ගොස් "Themes" තෝරාගන්න. ඔබට පෙනේවි දැනට තිබෙන Theme එක "Twenty Seventeen" ලෙස පෙන්වන බව ( මෙහි තිබෙන "customize" ලින්ක් එක මගින් ඔබට දැන් තිබෙන theme එකේ වෙනස්කම් කරගන්න පුළුවන් ). ඔබට මේක වෙනුවට වෙන theme එකක් අවශ්‍යයි නම් "Add New" ලින්ක් එකක්ලික් කරන්න.
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. මෙහෙදී කැමති theme එකක් තෝරාගෙන install කරගන්න පුළුවන්.
ඉන්පසු "Appearance" > " Themes " වෙත ගොස් ඔබ install කරගත් theme එක " Activate " හරහා සක්‍රීය කරගන්න.
අලුත්ම wordpress අප්ඩේට් එකේ තියෙන gutenberg editor කියන එක කරදරකාරී editor එකක් ( මේකට බොහෝ දෙනෙක් අකමැති මේකේ වැඩ කරන්න තියෙන අපහසුව නිසා ). ඉතින් කරන්නේ තියෙන්නේ සුළු දෙයයි.
වම් පස තියෙන 'Plugins' ටැබ් එකට යන්න. ඉන්පසු උඩින්ම තියෙන 'Add New' කියන බටන් එක වෙත පිවිසෙන්න.
ඉන්පසු දකුණු පැත්තේ තියෙන search කරන තැන "Classic Editor" කියලා සදහන් කරන්න. ටික වෙලාවකින් "Classic Editor" ප්ලාගින් එක පහලින් පෙන්වාවි. එකේ තියෙන "Install Now" ක්ලික් කරන්න. ඉන්පසු ඔබට "Install Now " කියන තැන "Activate" කියලා ලින්ක් එකක් පෙන්වාවි. ඒක ක්ලික් කරන්න තියෙන්නේ.
ටික වෙලාවකින් ප්ලගින් එක active වූ පසු ඊලග අදියරට පිවිසෙන්න
වම පැත්තේ තිබෙන "Posts" වෙත ගොස් "Add New" තෝරාගන්න. ( දැනටමත් sample ලිපියක් තිබෙනවා ඔබට දැකගත හැකි වෙනු ඇත. )
ඉන්පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා. මේකේ ලිපියේ ශීර්ෂය ( Article Title ) සහ තොරතුරු ( Article Description) ඇතුලත් කරන්න. දකුණු පැත්තේ පහලට වෙන්න තිබෙනවා "featured image" කියලා තැනක්. එකෙන් ඔබට පුළුවන් පොස්ට් එකට පින්තුරයක් දමාගන්න. ඉන්පසු ඉහල තිබෙන "Publish" ලින්ක් එක ක්ලික් කරන්න. මේ විදියට ඔයාට පුළුවන් ඔයාගේ බ්ලොග් පොස්ට් ටික අන්තර්ජාලයට මුදා හරින්න !
ඔබට මේ ආකාරයටම වම් පැත්තෙන් "Pages" භාවිතා කරලා වෙබ් අඩවියක පිටු හදාගන්න පුළුවන් ( eg Contact us, about us, services, terms, privacy policy etc.., ). Appearence > Menu හරහා මෙනු ලිස්ට් එකත් වෙනස් කරගන්න පුළුවන්.
දැන් ඉතින් තියෙන්නේ ලිපි 15-30 විතර ඔබ දන්න ඔබේ ශේෂ්ත්‍රය ගැන සකසාගන්න. කියවන කෙනාට ආස හිතෙන විදියට ලියන්න පුළුවන් නම් වඩා හොදයි ! ලියන්න අපහසු අයට හරි කාලය පිලිබඳ ප්‍රශ්න තියෙන අයට පුළුවන් පහළ තියෙන වෙබ් අඩවියෙන් හොද ලියන කෙනෙක් හොයාගෙන වැඩේට බහින්න ( එහෙම නැත්තම් ලංකවෙන් කෙනෙක් හොයාගෙන කරගන්නත් පුළුවන් ).
මේ වෙබ් අඩවියෙන් ඔයාගේ වෙබ් අඩවියට ඕන කරන ලිපි ටික ලියා ගන්න හොද කෙනෙක් හොයා ගන්න පුළුවන් පහසුවෙන්ම (හොද reviews තියෙන කෙනෙක් හොයාගන්න ! ). ඒවගේ වෙබ් අඩවියට ඕන නිර්මාණ සහ වීඩියෝ වුනත් මේ වෙබ් අඩවියේ ඉන්න කෙනෙක් හරහා කරගන්න පුළුවන්.
1) Privacy Policy, About Us සහ Contact Us පිටු ඉතා පැහැදිලව ලියාගන්න.
මේකට එහෙම ලොකුවට මහන්සි වෙන්න ඕන නෑ. සාමාන්‍යයෙන් දැනට adsense කාලයක් තිස්සේ තියෙන වෙබ් අඩවියක මේ පිටු ටික බලන්න. ඒ විදියට ඔබේ විස්තර දාලා හදාගන්න තියෙන්නේ.
2) ලියන ලිපි හැම තිස්සෙම Unique වෙන්න ඕන.
ඔයාට ලිපි Uniqueද කියලා බලාගන්න පුළුවන් Plagium වගේ ටූල් එකක් හරහා පහසුවෙන්ම
දැන් ලියපු ලිපි ටික එහෙමත් නැත්තම් කෙනෙක් යොදවලා ලියාගත්තු ලිපි ටික වෙබ් අඩවියට දමාගන්න. ඔබේම පින්තුරු තියෙනවනම් ඒවත් එකතු කරගන්න වෙබ් අඩවිය ලස්සන කරගන්න එහෙම නැත්තම් wikipedia / wikimedia වගේ නීතිමය ගැටළුවක් නැති පින්තුර යොදවාගන්න. ඔබට අවශ්‍ය artwork එහෙම fiverr හරහාම ඉතාම අඩු $8 වැනි මුදලකට සදා ගන්නත් පුළුවන්. එවගේමේ intro වීඩියෝ අවශ්‍යයි නම් ඒවත් එම වෙබ් අඩවියෙන්ම ඔබට කරගන්න පුළුවන් සාදාරණ මිලකට.
- Prohibited by AdSense එහෙමත් නැත්තම් ඇඩ් සෙන්ස් තහනම් කරලා තියෙන දේවල් ගැන ලිපි ලියන්න එපා
- උස්සපු ලිපි නම් දාන්න හිතන්න එපා, Be Unique !
https://www.google.com/webmasters/tools වෙත යන්න. දැන් ඔබේ වෙබ් අඩවිය google වෙත submit කරන්න. දවස් කීපයකින් වෙබ් අඩවිය google සෙවුම් යන්ත්‍රයේ පෙන්නාවී. ( ඔබට මෙය අපහසු වගේ හිතෙනවනම්, වෙබ් ඩිසය්නර් වරයෙකුගේ සහය ලබාගැනීම වඩා සුසුදුසුයි ). පහත වීඩියෝව ඔබට සමහර වැඩේ තේරුම් ගන්න පහසු වේවි
Google Analytics එකේ ලියාපදිංචි වෙන්න. Google Analytics Dashboard WordPress plugin හෝ Monster Insights Google Analytics Plugin පාවිච්චි කරලා wordpress බ්ලොග් වෙබ් අඩවිය google analytics එක්ක සම්බන්ධ කරගන්න . දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔබේ වෙබ් අඩවියට එන visitorsලා ප්‍රමානේ දැනගන්න.
වෙබ් අඩවිය දාපු ගමන් ඔයාට ad network එකක් ලබාගන්න බෑ හොද traffic එකක් නැතුව. ඒක නිසා යම් සැලකියයුතු කාලයක් පාවිච්චි කරලා වෙබ් අඩවියට traffic හදාගන්න ( යාලුවෝ මිත්‍රයෝ හරහා, social media, ඊමේල් මාර්කටින් වැනි ක්‍රම හරහා වෙබ් අඩවියට traffic හදාගන්න ). google analytics භාවිතා කරලා සතියෙන් සතිය වගේ බලන්න කොච්චර vistorsලා වෙබ් අඩවියට එනවද කියලා.
( ඔබ බ්ලොග් එකක් වෙනුවට සේවා සපයන වෙබ් අඩවියක් නම් කරන්නේ, මේතැනින් පහලට තියෙන දේවල් අවශ්‍ය වෙන්නේ නෑ )
වෙබ් අඩවියට දලවශයෙන් 6000 - 10,000 කට වැඩි ප්‍රමානයක් visitorsලා එනවනම් සහ ඔයාට ලීපි 50 - 100 ක් විතර තියෙනවනම් පහත අදියරට පිවිසෙන්න
දැන් google adsense එක්ක ලියාපදිංචි වෙන්න ! ඇඩ්ස් code ලබාගෙන වෙබ් අඩවියේ ස්ථාපනය කරන්න. ඔයාගේ traffic එක අනුව මෙම වෙළද දැන්වීම් වලට ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් දිගටම අලුත් ලිපි එකතු කරන්න. කාලයත් සමග ඔබට මෙයීන් හොද අදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ( ඔන්න තමන්ම ඇඩ්ස් ක්ලික් කරන්න යන්න නම් එපා පුතෝ. ගිණුම පිටින්ම ඉවර වෙනවා ! 🙂 )
Prathilaba May 13th, 2017
Posted In:
Tags: adsense, adsense blog website, Adsterra sri lanka, adsterra.com, Bidvertiser, blog writing tutorial in sinhala, blogging in sinhala, blogging tutorial, BuySell Ads, buysellads.com, earn money online, earn money online with content writing, emoney, freelancer.com sinhala, google adsense, google adsense in sinhala, iwriter, iwriter.com sinhala, Media.net, Media.net ads, prathilaba.com, Propeller Ads, Propeller Ads Sri Lanka, sinhala blog writing tutorial, tutorial, Yllix, Yllix Sri Lanka
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions.
Copyright 2021 Prathilaba.com