Neteller කියන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න Paypal / Skrill වගේ අන්තර්ජාල මුදල් හුවමාරු වෙබ් අඩවියක්. Neteller භාවිතා කරලා අපිට පුලුවන් මුදල් ලංකාවේ බැංකු ගිණුමකට මුදල් ගෙන්න ගන්න ඒවගේම ඩයලොග් Ez කෑෂ් මගින් සල්ලි ලබාගන්නත් පුළුවන්.
ලියාපදිංචි වීම සදහා "Signup Now" ලින්ක් එක වෙත යන්න.
ඉන්පසු මේ විදියට ලැබෙන පිටුවෙහි ඔබේ සත්‍ය තොරතුරු හරියාකාරව සදහන් කරන්න.
සියලුම විස්තර ඇතුලත් කල පසු. "Join Now " ලින්ක් එක click කරන්න.
ඔබට පහත පරිදි පිටුවක් ඒවි. එකේ සදහන් වෙන මුර පදය ආරක්ෂිත තැනක සදහන් කරගන්න. මේක අවශ්‍ය වෙනවා transactions වලදී. ඒවගේම ඔබට Netter වෙතින් email එකක් ඒවි ඊමේල් ලිපිනය තහවුරු කරන්න කරන්න කියලා.
ඉන්පසු "Deposit Now" කියන ලින්ක් එක click කරන්න
(හෝ ගිණුමට login වුනු පසු ඔබට පහත සදහන් "Verifying Your Account" ස්ථානයෙන්ද Deposit වෙත යන්න පුළුවන්. . )
පහත රූප රාමුවේ ආකාරයට, "Deposit Funds" වෙත ගොස් ඔබේ master හෝ visa credit card පතෙන් $10ක පමණ මුදලක් තැන්පත් කරන්න ( මේ card verification සදහා යාලුවනේ ). ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . විසදුම තමයි දැනට නෙටෙලර් ඩොලර් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලාගන්න එක.
ඔබ සාර්ථක ලෙස මුදල් Deposit කරා නම් ඔබට සාර්ථක වුනු බවට message එකක් පෙන්නාවි.
ඉන්පසු මාසේ අන්තිම ලැබෙන ක්‍රෙඩිට් කාර්ඩ් පතේ ස්ටේට්මන්ට් එකෙන් මේ Transaction එකේ විස්තරය ලබාගන්න. එහි සදහන් විස්තරය නෙටෙලර් වල කාර්ඩ් පතේ තොරතුරු තහවුරු කරන්න තියෙන තැන සදහන් කිරීම සදහා "Money In" ලින්ක් වෙත යන්න. ඔබේ card පතට පහතින් "validate" ලෙස සදහන් වෙනවා. එම ලින්ක් එක වෙත ගොස් ඔබට ලැබුණු විස්තරය යොදවන්න.
ඉන්පසු "create your personal security questions" ( 2c එකේ රුප රාමුව බලන්න ) වෙත ගොස් ඔබේ ගිණුමේ වැඩි ආරක්ෂාව සදහා ප්‍රශ්න තුනක් තෝරාගෙන ඒවායේ උත්තර ටිකත් මතක තියාගන්න (නැත්තන් ආරක්ෂිත තැනක සදහන් කර තබා ගන්න ). ඔබ නැවත ගිණුමට log වෙද්දී අනිවාර්යෙන්ම මෙම ප්‍රශ්න තුනෙන් එකක් අහනවා ! ඒක නිසා මතක තියාගන්න අමතක කරන්න එපා !
ඔබ $10 මුදල deposit කල පසු තමයි ඔබේ verification document මෙම වෙබ් අඩවියට "upload" කිරීම සදහා තුන්වෙනි ලින්ක් එක ( කළුවට ඉහල 5 හි ඇති ආකාරයට) සක්‍රිය වෙන්නේ. ඒක සක්‍රිය වුනු පසු ඔබේ NIC ( ඉංග්‍රීසි බසින් තියෙනවනම්, front සහ back ), Driving License ( front සහ back ) එකේ හෝ ඔබේ passport එකේ කොපිය "upload" කරන්න. ලිපිනය තහවුරු කරගන්න ඔබේ නමට තිබෙන විදුලි බිලක්, වතුර බිලක්,බැංකු ස්ටේට්මන්ට් එකක්, ස්ථාවර දුරකථන බිලක් වගේ " Upload" කරන්න වෙනවා.
ඔවුන් ඔබේ documents තහවුරු කරගත් පසු ඔබට ඊමේල් පණිවිඩයක් ලැබෙනවා ( මේක පැය කීපයකින් වෙන්නත් පුළුවන් නැත්තන් දින දෙක තුනක් ඇතුලට ඔබට ඊමේල් පණිවිඩය ලැබෙනවා )
ඔයාට තියෙන්නේ ඔයා යොදවන්න බලාපොරුත්තු වෙන අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie එකක් ගැනීම webcam එක භාවිතා කරලා. නුමුත් ඔබට හොද වෙබ්කැම් එකක් නොමැති නම් මේ selfie ක්‍රමය සාර්ථක වෙන්නේ නෑ. ඒක නිසා ඔයාට smartphone එකක් තිබෙනවානම් මුලින්ම neteller app එක භාගත කරගෙන verification කරන්න පුළුවන්. එකෙත් ගැටළුවක් ඇතිවුනොත් ඔයාට neteller support වෙත ගොස් එහි තිබෙන ඊමේල් ලිපිනයට මේ වගේ පණිවිඩයක් යවන්න.
Subject : Verification Issue with Webcam
"
I'am unable to verify using both web cam and mobile app. Please kindly let me know a way to verify my account wiht this webcam selfie stage"
දින කීපයකට පසු ඔවුන් ඔබ වෙත දන්වලා එවනවා අනන්‍යතාවය තහවුරු කිරීමට භාවිතා කරපු document එක භාවිතා කරමින් selfie දෙකක් එවන ලෙස ( Photo 1 : Document එකේ ඉදිරිපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස, Photo 2 : Document එකේ පිටුපස පැහැදිලිව ඔබගේ මුහුණට කිට්ටුවෙන් තියල පින්තුරයක් ගන්න දෙකම හොදට පැහැදිලිව පෙනෙන ලෙස. අකුරු බොද වෙන්නේ නැතුව ගන්න. කියවන්න බැරිවුනොත් අයීත් යවන්න වෙනවා ).
මේ දෙකම ඊමේල් එක භාවිතා කරමින් යවන්න. ඉන්පසු දින කීයපකින් ඔවුන් ගිණුම verify කරා කියලා ඊමේල් පණිවිඩයක් එවනවා.
දැන් ඔබේ neteller ගිණුම verified..
දැන් ඔබට මුදල් තැන්පත් කිරීම සහ මුදල් ගිණුම වෙත ලබාගැනීම පහසුවෙන් කරන්න පුළුවන්.
"Money Out" ලින්ක් එක වෙත පිවිසෙන්න . ඔබගේ බැංකු ගිණුමේ තොරතුරු සදහන් කල පසු එම ගිණුමට ඔබට රිසි සේ මුදල් ගෙන්වා ගත හැක. ඒවගේම ezcash දුරකථන අංකයටත් ශේනිකව මුදල් ගන්න පුළුවන් ඒ යටතේම තියෙන " Mobile wallet " කියන ටැබ් එක හරහා ( ezcash සාමාන්‍යය ගිණුමකට සෑම පැය 24කටම උපරිම 10,000 දක්වා ගන්න පුලුවන්. ඒවගේම ගිණුමේ උපරිමව තියාගන්න පුළුවන් 10,000යි කියන එකත් අමතක කරන්න එපා ).
ඒවගේම "Money Transfer" හරහා වෙනත් ඕනෑම Neteller ගිනුමකටත් මුදල් යවන්න පුළුවන් පහසුකමත් මෙහි තියෙනවා.
Prathilaba November 6th, 2018
Posted In:
Tags: depositing to neteller, ezcash, ezcash sinhala, neteller, neteller dialogue, sinhala tutorials, skrill, withdrawing from neteller
Learn about depositing and withdrawing funds from Binary Options Brokers.
ඔබ අනිවාර්යයෙන්ම අන්තර්ජාල ගෙවීම් කල හැකි VISA credit card පතක් ලබා ගත යුතු වෙනවා. ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් දැන් නෙටෙලර්, ස්ක්රිල් හෝ බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ . විසදුම තමයි දැනට නෙටෙලර් ඩොලර් තියෙන කෙනෙක් ගෙන් ඉල්ලාගන්න එක. ( විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ගන්න මොකද ලෝක හොරු ඉන්නවා. ) . එහෙමත් නැත්තම් ඉතින් exchange එකක් දැන් භාවිතා කරන්න වෙනවා.
දෙපැත්තම වෙන වෙනම scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) ඔබේ ජාතික හැදුනුම්පතේ ( ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වනම් පමණයි මෙය භාවිතා කල හැක්කේ ) කොපියක් හෝ ඔබේ passport එකේ ඔබ ගැන සදහන් පිටුවේ scan කරගත් ( හෝ කැමරා / ෆෝන් කැමරා එකෙන් ගත්තු ) කොපි එකක් ලෑස්ති කරගන්න. මොකද පළමුවරට සල්ලි ගනිද්දී මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන් ඕන වෙනවා.
ලිපිනය තහවුරු කරගන්න ඔබේ නමට තිබෙන විදුලි බිලක්, වතුර බිලක්,බැංකු ස්ටේට්මන්ට් එකක්, ස්ථාවර දුරකථන බිලක් වගේ scan කරගෙන කොපි එකක් ලෑස්ති කරලා තියාගන්න. මොකද පළමුවරට සල්ලි ගනිද්දී මේ වගේ දෙයකුත් සමහර බ්‍රෝකර් ආයතනවලට අනිවාර්යයෙන් ඕන වෙනවා.
ඉහල ලාභයක් ගත හැකි ඕනෙම ආකාරයක ආයෝජනයක් කියන්නේ දැඩි අවදානමකුත් තියෙනවා කියන එක. ණයට අරගෙන එහෙමත් නැත්තම් ඔබගේ එදිනෙදා වියදමට තියෙන මුදල් ආයෝජන සදහා යොදවන්න එපා. ඒක නිසා අවදානමක් ගත හැකි මුදලක් පමණක් ට්‍රේඩින් ආයෝජන සදහා යොදවන්න.
මේ තමයි මුලිකම ක්‍රම දෙක
මේ ewallet එක හරහා ඔයාට මුදල් දැමීම සහ ගැනීම කරන්න පුළුවන්. වීසා ක්‍රෙඩිට් කාර්ඩ් පතක් අවශ්‍ය වෙනවා. ගිණුම හදාගන්න විදිය Skrill tutorial in Sinhala ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන්.
මේ ewallet එක හරහාත් ඔයාට මුදල් දැමීම සහ ගැනීම කරන්න පුළුවන්. වීසා ක්‍රෙඩිට් කාර්ඩ් පතක් මේකෙදිත් අවශ්‍ය වෙනවා. ගිණුම හදාගන්න විදිය Neteller tutorial in Sinhala ලිපියෙන් ඉගෙන ගන්න පුළුවන්.
මීට අමතරව පහත ක්‍රමත් භාවිතා කරන්න පුළුවන් ;
බොහොමයක් බ්‍රෝකර් ආයතන බිට් කොයීන් හරහා මුදල් දැමීම සහ ගැනීමට සහයෝගය දක්වනවා. Bitcoin ගැන වැඩි විස්තර Bitcoin Investments in Sinhala ලිපියෙන් දැන ගන්න පුළුවන්.
බොහොමයක් බ්‍රෝකර් ආයතන වලට කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් පතෙන් මුදල් යොදවන්න පුළුවන් ( දැන් ලංකාවේ කිසිදු බැංකුවක කාර්ඩ් පත් බොහෝමයක් බ්‍රෝකර් ආයතන වල වැඩ කරන්නේ නෑ ). නුමුත් මේ ක්‍රමය එතරම් හොද ක්‍රමයක් නෙමේ, මොකද නැවත මුදල් ගැනීමේදී මුදල් ආවද නැද්ද කියලා තහවුරු කරගන්න අමාරුයි. ඒවගේම කාර්ඩ් එකට නැවත ගන්න පුළුවන් යොදවපු ගන්නට සමාන ගනාක් විතරයි. ලාභය අනිවාර්යයෙන් Skrill / Neteller හරහා ගන්න වෙනවා.
ඔයා තෝරගත්තු බ්‍රෝකර් ආයතනයේ ගිණුමේ ඇති " Deposit", " Add Funds", " Make a deposit" වගේ මුදල් යොදවන්න කියලා ලින්ක් එකක්. එම ලින්ක් එකට ගිහින් ඔයාට පුළුවන් මුදල් යොදන ක්‍රමය තෝරාගෙන, මුදල් තැන්පත් කරන්න ට්‍රේඩ් කිරීම සදහා.
ඔයා තෝරගත්තු බ්‍රෝකර් ආයතනයේ ගිණුමේ ඇති "Withdraw", "Withdraw Funds", "Get Payment", වගේ මුදල් ගැනීමට කියලා ලින්ක් එකක්. එම ලින්ක් එකට ගිහින් ඔයාට පුළුවන් ඔයා මුලින්ම මුදල් යොදවපු ක්‍රමය හරහාම මුදල් නැවත ගන්න. ( කාර්ඩ් පතෙන් දැම්මා නම් ඔයාට දාපු ගානට සමාන ගානක් විතරයි කාර්ඩ් එකට ගන්න පුළුවන්. ඉතුරු ටික Skrill / Neteller / Bitcoin හරහා ගන්න පුළුවන් )
Prathilaba January 27th, 2017
Posted In:
Tags: binary options sinhala tutorials, depositing to neteller, neteller, Neteller tutorial in Sinhala, sinhala tutorials, skrill, Skrill tutorial in Sinhala
General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.
We are not an official website of Binary.com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website.
This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.
Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading.
*EEA – European Economic Area Notice :
Binary and Digital options are prohibited in EEA*
CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage. Between 74-89% of retail investor accounts lose money when trading CFDs. You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money.
Please be advised that certain products and/or multiplier levels may not be available for traders from EEA* countries due to legal restrictions
* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්රතිලාභ.com වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.
* Non Disclaimer Notice : Your capital may be at risk. This material is not investment advice. The purpose of the prathilaba.com website is to provide information about binary options trading / Forex trading and other information for educational purpose only. Though Binary Options / Forex Trading & any kind of Investments are potential high revenue making investments, it can lead to unexpected high losses due to high risk involved in it. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. YOU SHOULD TAKE THE FULL RESPONSIBILITY when making above trading investments. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba.com, it’s promoted third party services websites, it’s content and/or it’s admin/s will not take any responsibility for your losses and actions. Our content is not for those countries where forex brokers are not supported. So if you are from any of those countries ( USA, Canada, European Union and any other country where forex brokers are not supported ), Please kindly avoid using any content on our website or brokers websites.
© 2023 Prathilaba.com